IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


කන්තෝරුවේ පෙම්වතියට වැලන්ටයින්දා රෝසමලක් එක්ක දරු දෙදෙනකුත් ලැබිලා

(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)


පෙම්වතුන්ගේ දිනයට අනියම් පෙම්වතියට ලබාදීමට ගත් තෑගි පාර්සලය බිරියට හා දරුවන්ට හමුවීම නිසා විශාල අකරතැබ්බයකට මුහුණ දුන් සැමියකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ කාර්යාලයකින් වාර්තාවෙයි.
මැදිවියේ පසුවන මෙම සේවකයා නළුවකු කලාකරුවකු ලෙස හඳුන්වාගනිමින් සේවා ස්ථානය සහ පිටත දී මොහු කටයුතු කරන අතර රාජකාරියට වඩා කතාවට දක්ෂ පුද්ගලයකු ලෙසට ද ප්‍රසිද්ධියක් උසුලයි.
කාර්යාලයේම සේවය කරන තවත් කාන්තාවක සමග පෙම්හබයක පැටලී සිටින මොහු විවාහකයකු වන අතර පාසල් යන වයසේ දරුවෝ ද සිටිති. 
පෙම්වතුන්ගේ දිනයට සිය පෙම්වතියට තෑගී දීම සඳහා විශාල ප්‍රමාණයේ චොකලට් එකක් රෝස මලක් සහ කුඩා අත්ඔරලෝසුවක් මිල දී ගෙන අලංකාර ඇසුරුමක අසුරා සිය ගමන් බෑගයේ සුරක්ෂිතව තබාගත්තේය. 
සති අන්තයේ දරුමල්ලන් සමග නිවසේ කාලය ගත කළ අතර බිරිය ලියාදුන් බඩු ලැයිස්තුව රැගෙන ඒමට සෙනසුරාදා උදේ ඔහු සතිපොළට ගියේය.
පාසල් යන වයසේ සිටින දරුවන් දෙදෙනා තාත්තාගේ කාමරයට ගොස් සෙල්ලම් කරන අතරතුර වැඩිමහල් ළමයා තාත්තාගේ බෑගය වෙනදා මෙන් විවෘත කර බැලු‍වේය. ලස්සන පාර්සලයක් දුටු දරුවෝ දෙදෙනා එය ඔසවාගෙන අම්මා සොයා දිව ගියහ. දරුවන් අත ඇති පාර්සලය දුටු කාන්තාව පුදුමයට පත්ව පාර්සලය විවෘත කර බැලු‍වාය.
පාර්සලය තුළ ඇති දේවල් දුටුවිට ඇයගේ දෑස් උඩ ගියේය.
කාන්තාවකගේ නමක් සඳහන් කරමින් ලියා තිබූ ආදර වදන නිසා ඇයගේ හිසට යක්ෂයා ආරූඩ වූ අතර චොකලට් එක දරුවන් දෙදෙනාට කෑමට දුන්නාය.
පොළට ගොස් පැමිණෙන විට බිරිඳ හා දරුවන් නිවසේ පෙනෙන්නට නොසිටි අතර ගමන් මල්ලේ තිබූ පාර්සලයේ කවරය පමණක් කාමරයේ මේසය මත ඇති අයුරු ඔහු දුටුවේය.
දරු දෙදෙනා සමග සිය මහගෙදරට ගිය කාන්තාව සැමියා රැගෙනවිත් තිබූ තෑගි ද රැගෙන ආදරවන්තයන්ගේ දිනයේ දී ඔහුගේ කාර්යාලයට ගොස් ආදර වදනෙහි නම සඳහන් කාන්තාව සොයා රෝස මල සහ අත්ඔරලෝසුව තෑගි කළාය.
රෝස මලට අමතරව දරු දෙදෙනා ද බාරගන්නා ලෙසට කාන්තාවට ලු‍ණු අඹුල් සහිතව ආමන්ත්‍රණය කිරීම නිසා මුළු පෙම් කතාවම කාර්යාලය පුරා පැතිර යාමට වැඩි වේලාවක් ගත නොවීය. 

 



අදහස් (3)

කන්තෝරුවේ පෙම්වතියට වැලන්ටයින්දා රෝසමලක් එක්ක දරු දෙදෙනකුත් ලැබිලා

දිමුත් Thursday, 17 February 2022 11:18 AM

නියමයි!

:       0       3

pakeer Thursday, 17 February 2022 07:51 PM

ලංකාවේ හුඟක් අය විවාහ වී ඉන්නේ ලෝකෙට පේන්න. හුඟ දෙනෙක් තමන් විවාහ වෙලා ඉන්න කෙනා එක්ක ඉන්න කැමැති නැහැ. ඒක ගෑණු, පිරිමි කාටත් පොදු දෙයක්... මට හරි දුකයි ඒ අය ගැන. ඒක වනචර කමම කියලා කියන්න බැහැ. හුඟක් වෙලාවට අදහස් නොගැලපීම...

:       1       2

Karunasena Friday, 18 February 2022 06:01 PM

මේවගේ වැඩ වෙන්නේ දකුණේ ගොබ්බයින්ටමයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 663 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 672 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 735 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 952 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 545 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 897 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1204 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1502 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site