IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කන්තෝරුව කට් කළාට ලොක්කාගෙන් මට්ටුවක්

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කාලයට ගැලපෙන පරිදි උණ, කැස්ස යැයි පවසමින් නිවාඩු දමා කාර්යාල පරිශ්‍රයේ පැවැති ඩෙංගු මර්දන ශ්‍රමදානය මඟහැර එදින සැඳෑ යාමයේ අවන්හලක සිටියදී ආයතන ප්‍රධානියාට මාට්ටු වී දුර පළාතකට හදිසි මාරුවක් ලැබූ කාර්යාල සේවකයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 


මේ ආයතය අවට ඩෙංගු මදුරු කීටයන් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවැසුවේ වරක් දෙවරක් නොව කිහිපවරක්මය. නැවත පරීක්ෂාවට එන දිනකදී මදුරු කීටයන් සිටියහොත් නඩු දමන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආයතන ප්‍රධානියාට අවසාන නිවේදනය ද නිකුත් කළේ ඒ අනුය. 


ආයතන ප්‍රධානියා නිවාඩු දිනක ඩෙංගු මර්දන ශ්‍රමදානයක් පැවැත්වීමට කටයුතු කළේය. නියමකර ගත් දින පළමුවෙන්ම ආයතනයට පැමිණි ඔහුට දැකගැනීමට හැකි වූයේ ශ්‍රමදානයට සේවකයින් ටික දෙනෙක් පමණක් පැමිණ සිටින බවයි. ඔහු ජංගම දුරකතනයෙන් නිවසේ සිටින සිය සේවකයින්ට ශ්‍රමදානයට එන ලෙස ආරාධනා කළේ ඉන් පසුවය. මේ ඇමතුමත් සමඟ සමහරු තමන්ට උණ, කැස්ස, හිසරදය, වමනය යාම වැනි කොරෝනා රෝග ලක්ෂණ ඇතැයි මුසා කියා ශ්‍රමදානය මග හැරියහ. 


ශ්‍රමදානයෙන් පසු සවසට ඇඟේ අමාරුව යාමට නගරයේ අවන්හලකට ගොස් රත්වෙන ජාතියක් ලබා දෙන බව ආයතන ප්‍රධානියා කී පසු රෝග ලක්ෂණ ඇතැයි කී සමහරු ඒවා අමතක කර ශ්‍රමදානයට ආහ. එහෙත් එක්කෙනෙක් දෙන්නෙක් සිය රෝග ලක්ෂණ මතම සිටිනවා යයි කියමින් ශ්‍රමදානය මග හැරියහ. 


ඩෙංගු මර්දන ශ්‍රමදානයෙන් පසු ආයතන ප්‍රධානියා කී පරිදි නගරයේ අවන්හලකට ඇඟ රත්කර ගැනීමට කැමති අය පමණක් එක්කරගෙන ගියේය. ඔවුන් ගිය අවන්හලේ තමන් දැක පුරුදු අයකු මිතුරන් පිරිසක් සමඟ මධුවිත තොලගානු දුටු ආයතන ප්‍රධානියා ඒ පිළිබඳ විමසිලිමත් විය. ඔහු අඳුනා ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය. 


දෙදෙනාගේම දෙඇස් එකට ගැටිණි. ආ මේ අපේ සර්නේ. එන්න එන්න හොඳට බොන්න මම බිල ගෙවන්නම් යැයි ඔහු කීවේ වෙන කරන්න දෙයක් නොමැති කමටයි. මුවින් කිසි දෙයක් නොදෙඩූ ආයතන ප්‍රධානියා ඔහු මගහැර ගොස් සෙසු සේවකයන් සමඟ ඇඟ රත්කර ගත්තේ හොඳ වැඩක් ඔහුට කරනවා යයි පවසමිනි.


නිවාඩුව නිමා වී රාජකාරියට පැමිණි ඔහුට නිවසට ගොස් උණු උණුවේ දහවල බත් කෑමට තිබූ අවස්ථාව අහිමිව ඇති බව දැනගත්තේ කාර්යාල සහයකයා තමා අත තැබූ ලිපිය ගෙන කියවා බැලූවිටය. ඉන් කියැවුණේ ඔහුට බොහෝ දුර පෙදෙසකට මාරුවීමක් ලැබී ඇති බවයි. 

 



අදහස් (0)

කන්තෝරුව කට් කළාට ලොක්කාගෙන් මට්ටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 57 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 852 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site