IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


කථිකයාගේ කතාවෙන් නව නිලධාරී මඬුල්ලේ සායම හේදිලා

(තිහගොඩ උපසේන ලියනගම)
 දකුණු පළාතේ ග‍්‍රාමීය ප‍්‍රදේශයක වැඩිහිටියන් සඳහාවූ සමිතියක සංවත්සර මහ සභාව පසුගියදා පැවැත්වූයේ උත්සවාකාරයෙනි. එහි මූලික කටයුතු අවසන් කොට ඊළඟ වර්ෂය සඳහා නව නිලධාරීන් පත්කර ගැනීමේ අවස්ථාව උදාවූ විට එතෙක් සිටි කාරක සභාවට දැඩි විරුද්ධතාව  දැක්වූ කථිකයකු ”මේ කාරක සභාව නම් තවත් පත්කර  ගන්න එපා. මේකෙ ඉන්න අයගෙන්  බාගයක්ම හොරු තක්කඩි” කීවේ කෝපයෙනි.


එහෙත් ඒ කාරක සභාව  විශාල වැඩ කොටසක් කර තිබූ  නිසා සභාවේ වැඩි දෙනකු ඒ කතාවට එරෙහිවීම නිසා සභාපතිට සභාව පාලනය කිරීම අසීරුවිය. මේ නිසා එම  කථිකයාට තම චෝදනාව ඉල්ලා අස්කර ගැනීමට සභාපතිවරයා දැඩි නියෝගයක් දුන්නේය.  


කළ හැකි වෙනත් දෙයක් නොවූයෙන් එම කථිකයා නැගිට ”හරි මේ කාරක සභාවෙ ඉන්න බාගයක්ම හොරු තක්කඩි නොවෙයි” කී විට සභාපති ”අන්න හරි” කීවත් ඔහු කිවේ පැරැණි කතාවම නේදැයි කෙනකු කී විට නැවත එය නිවැරදි කිරීමට කීවත් ඔහු  ඒ වනවිට සභාවෙන් පැනගොස් තිබුනාලූ.



අදහස් (0)

කථිකයාගේ කතාවෙන් නව නිලධාරී මඬුල්ලේ සායම හේදිලා

සරත් Wednesday, 03 December 2014 11:39 PM

මොනවා වුණත් "කථිකයා" දක්ෂයා. (නි)

:       0       0

රුවන් Thursday, 04 December 2014 08:01 AM

නියම කතාවක් මෙහි සභාපතිටත් හොඳටම රිදිලා වගේ.බලාගෙන යනකොට හැමතැනම හොරුනේ ඉන්නේ.තවද සභිකයෙකු යම් යෝජනාවක්,අදහසක් ඉදිරිපත් කෙරුවොත් එය ඉල්ලා අස්කරගන්න කියලා කියන්න සභාපතිට බලයක් නැහැ.(හේ)

:       0       0

මොම්මෙඩ් ඛාන් Sunday, 07 December 2014 09:53 AM

චමින්ද, මට තනියෙනුත් හිනා. (ර)

:       0       0

රවී - ඕමාන් Thursday, 04 December 2014 02:43 AM

නියමයි නියමයි ..... (නි)

:       0       0

කුමාර් Sunday, 07 December 2014 10:37 AM

කට ඇති පුතෙක්. මුකරිකමේ වටිනාකම. (ර)

:       0       0

කිරින්ද Thursday, 04 December 2014 03:23 AM

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඔයවගේ විවේචනයක් දිගින් දිගිටම එල්ල කරනකොට විවේචනයට ලක්වූ ඇමති කථිකයාට කතාව නවත්වන්න කියල කීපව්ටක්ම ඉල්ලුවට පස්සේ කථිකයා කතාව ඉවර කරලා ඇහුවලු "මගේ කතාව ඉවරයි දැන් මොකක්ක්ද කියන්න තියෙන්නේ" කියල. ඇමති කිව්වලු දැන් වැසිකිලිය හෝදගන්න කියල. (නදී)

:       0       0

චමින්ද Thursday, 04 December 2014 12:27 PM

මේක කියවලා මට නම්, හිනාකාලා පණ ගියා.(හේ)

:       0       0

අරුනෝලිස් අප්පුහාමි Thursday, 04 December 2014 03:59 AM

කාලෙකින් හිනා යන කතාවක් කිව්වා (දිල්)

:       0       0

කුමාරි Thursday, 04 December 2014 04:54 AM

කට කෑවත් ඇත්ත කියලා.වැඩිහිටි සමිති කියලා වයසක ඔක්කොම ඕවාට යනවා.හැම මාසෙම කොහේ හරි යනවා.සල්ලි එක් කරනවා.උත්සව තියනවා.ධර්ම දේශනයක් තියන්න.අල්පේච්ච වෙන්න.සිත සන්සුන් කර ගන්න මේවාට වයසක මනුස්සයින්ට කියලා දෙන්න ඕන.දරුවොන්ට දෙන්න සල්ලි නැතිනම් අන්තිමට මොකද වෙන්නේ?(හේ)

:       0       0

අශෝක රළපනාව Thursday, 04 December 2014 05:32 AM

දෙයියෝ සාක්කි වලින් අහපු හොඳම කථාව මේකයි කියල මට හිතෙන්නේ (බ)

:       0       0

අමල් Friday, 05 December 2014 04:24 AM

මේක පරණ කතාවක් මොඩ් කරලා අරන් තියෙන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1223 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 445 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site