IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කතුන්ගේ නිදන කාමරවලට එබුණු තරුණයාගේ අතැඟිලි කපලා

රාති‍්‍රයේ කාන්තාවන් නිදන කාමරවලට එබිකම් කරන්නට ගොස් අතේ ඇඟිලි පහක් අහිමිකරගත් තරුණයකු ගැන දෙනියාය ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
පාසලක ගුරුනේවාසිකාගාරයකට අඳුර වැටී පැය කිහිපයක් ගතවීමත් සමග එබිකම් කිරීමට තරුණයෙක් පුරුදුවී සිටියේය. ඔහු අල්ලා ගැනීමට දින කිහිපයක් ගුරුවරියන් වෙහෙසුනද එම වෑයම අසාර්ථක විය.
මෙම තරුණයාගේ කි‍්‍රයා කලාපය ගුරුවරියන්ට මහත් හිසරදයක් විය. මාසයක පමණ සිට මේ තරුණයා ගැන සෝදිසියෙන් සිටි ගුරුවරියෝ එක් දිනක් නිදි වර්ජිතව සිටීමට කතිකා කර ගත්හ.
 එදින අඳුර වැටී පැය කිහිපයක් ගතවනවිට ගුරු  නිවාසයේ ජනේලයක් ළඟින් ශබ්දයක් ඇසෙන්ට විය. එක් ගුරුවරියක් කුස්සියේ තිබූ මන්නා පිහියක් අතට ගෙන ජනේලය අසල රැුක සිටියාය. ජනේලයෙන් අතක් ඇතුළු වන අයුරු ගුරුවරියට දැක ගත හැකිවිය. දෑත බදා මන්නයෙන් එම අතට පහර දුන්නාය.
මසක පමණ කාලයක් මනමාලකම් කරමින් සිටි තරුණයා පස්ස නොබලා දිව ගියේ ලේ පෙරාගෙනය. තුවාල වූ අතට පෞද්ගලික බෙහෙත් ශාලාවකින් බෙහෙත් දමා ගන්න ගියවිට මේ පුවත පිළිබඳව ගම්වාසීන්ට දැන ගැනීමට හැකිවිය. ඇඟිලි පහ කපා ගත්තා මදිවාට ගම්වාසීන්ගෙන් ගුටි පූජාවකටද තරුණයා මැදිවිය. 



අදහස් (0)

කතුන්ගේ නිදන කාමරවලට එබුණු තරුණයාගේ අතැඟිලි කපලා

දයා Monday, 25 March 2013 10:31 AM

සිත පාලනය කර ගැනීමට බැරිවීම කණගාටුවට කරුණක්. ඇඟිල පහ වෙන්කිරීම ගැන ගුරුවරියන්ට ජීවිත කාලය තුලදීම කම්පාවන්නට සිදුවනු ඇත (ස)

:       0       0

ගලබඩ Tuesday, 26 March 2013 12:20 AM

ඇගිලි දාලා ඔහොම නම්.... ඉතුරු හරිය අපිට හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

වරුණ Monday, 25 March 2013 10:38 AM

ඇති ඇගිලි වලින් බේරුණා. (නි)

:       0       0

රොශාන් Monday, 25 March 2013 10:55 AM

මානසික රෝගියෙක්ව ගුරුවරියන් කොහොම අල්ලන්නද? හොද වැඩේ (ස)

:       0       0

කුමාරු Tuesday, 26 March 2013 03:04 PM

දැන් පොලිසිය තරුණයාට සහ ගුරුවරියට විරුද්ධව පියවර ගත යුතුයි . නීතිය අතට ගැනීම භයානක පුර්වාදර්ශයකි. එම තරුණයා පිළිබඳව කලින් පොලිසියට පැමිනිලි කළ යුතුව තිබුනා (නි)

:       0       0

රූපාවතී Monday, 25 March 2013 10:55 AM

හොඳ වැඩේ ? ඉතුරුවෙලා ඉන්න මානසික ලෙඩ්ඩු ටිකගේ ලෙඩත් දැන් සනීප වේවිනේ (ස)

:       0       0

චන්ද්‍රා Friday, 29 March 2013 01:51 AM

මෙහෙම එබෙන්න ගියහම වෙන දේකට මුහුණ දෙන්න වෙනවා. (නි)

:       0       0

රවී Tuesday, 26 March 2013 12:32 AM

මදැයි ඔයින් ගියා. (නි)

:       0       0

රම්‍යා Monday, 25 March 2013 11:09 AM

ඇඟිලි නෙමෙයි කපන්න තිබු‍නේ (ස)

:       0       0

මධූ Monday, 22 April 2013 11:34 AM

අපේ පොලීසියට කිව්වා නම් කියයි හොරාව අල්ලලා පොලීසියට බාර දෙන්න කියලා.ගුරුවරිය කරපු දේ හරියට හරි. (නි)

:       0       0

සරත් Monday, 25 March 2013 11:12 AM

ගුරුවරයෙක් කියන්නේ හොද මානසික සමබරතාවයක් ඇති ‍කෙනෙක්. ටිකක් හිතුවා නම් ගුරුවරයාව අල්ලන්න තිබුණා. (නි)

:       0       0

මහින්ද Tuesday, 26 March 2013 12:46 AM

මෙම ක්‍රියාව ගුරුවරයෙකුට සුදුසු ක්‍රියාවක් නෙමෙයි. (නි)

:       0       0

හේරත් Monday, 25 March 2013 11:42 AM

මේ නෝනාව අර වැලිකඩ පුරප්පාඩුවට යවන්නයි තිබුණේ. (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 26 March 2013 02:53 AM

ඇති ඔයින් බේරුණා. (නි)

:       0       0

ටානියා Wednesday, 27 March 2013 07:20 AM

මොනවා වුණත් ඇය නියම ගුරුවරියක්. (නි)

:       0       0

මොරිස් Monday, 25 March 2013 12:13 PM

අත නොදා ඔලුව දාලා තිබුණානම් අරාබි දඬුවම තමයි එහෙනම් ...හපෝයි (ස)

:       0       0

ලහිරු Monday, 25 March 2013 05:39 PM

ඇති ඔයින් ගියා (දී)

:       0       0

කුෂාන් Wednesday, 27 March 2013 08:22 AM

කපන්නයි තිබු‍ණේ (ස)

:       0       0

ශෙහාන් Tuesday, 26 March 2013 04:52 PM

මේකේ පොඩි අවුලක් තියෙනවා. මොකද ගුරුවරියෝ ටික ජනෙල් ඇරගෙන නිදාගන්නේ? මේ වගේ සිද්ධියක් තියෙනවා නම් වහගෙන නිදා ගන්න තිබුණනේ. (නි)

:       0       0

නිතිල් Tuesday, 26 March 2013 07:56 AM

භයානක මෝඩ වැඩක්. (නි)

:       0       0

ඡායා Wednesday, 27 March 2013 08:18 AM

කරපු වැඩේ හරියටම හරි. ප්‍රතිචාර දාන අයට ඔච්චර මනුස්සකමක් තිබුනා නම් ඇවිත් දවස් දෙක තුනක් රැකලා ඉදලා හොරාව අල්ලගන්න තිබුනනනේ.(නදී)

:       0       0

ඉෂාර Monday, 25 March 2013 12:41 PM

ඔහොම වෙලා මදි ඔය ජරා මිනිස්සුන්ට (ස)

:       0       0

පිටිගල Monday, 25 March 2013 06:12 PM

අල්ලලා හොදවැයින් දෙකක් දීලා අවයවයක් කපලා යවන්නයි තිබුණේ. (නි)

:       0       0

හේනේගම සෝභිත හිමි Wednesday, 27 March 2013 09:01 AM

ප්‍රතිචාර ටිකෙන් ලංකාවේ ඉන්න මිනිස්සු තුනෙන් දෙකක් තාර්කිකව කල්පනා කරන බව පේනවා. මෙහෙම හිතන්න පුලුවන් මිනිස්සු ඉදලත් ඡන්දෙන් පත්වූ දේශපාලකයෝ මෙහෙම වුනේ මොකද කියන එක තමයි ගැටලුව.(නදී)

:       0       0

ජයවීර Monday, 25 March 2013 01:08 PM

කොහොම අල්ලන්නද? දඬුවම හොදයි , වැරදි වැඩක් (ස)

:       0       0

දීපා Wednesday, 27 March 2013 10:56 PM

මදැයි කොර ගත්තා (දී)

:       0       0

නසාර් Tuesday, 26 March 2013 09:40 AM

ගුරුහොරු සහ එබිකම් කරන හොරු. (නි)

:       0       0

විරාජ් Tuesday, 26 March 2013 09:43 AM

ගුරුවරියට ජීවිත කාලය පුරාම පසුතැවීමක් ඉතුරුවේවි. (නි)

:       0       0

සිල්වා Monday, 25 March 2013 07:29 PM

නියම දඩුවමක් තමයි දීලා තියෙන්නේ (දී)

:       0       0

පාල Tuesday, 26 March 2013 10:02 AM

දඬුවම හොදයි. (නි)

:       0       0

යොහාන් Monday, 25 March 2013 01:52 PM

සෞදියේ දඩුවමක් දීලා තියෙන්නේ . ඇගිලි 5 මල්ලක දාගෙන මානව හිමිකම් යාවිද දන්නේ නෑ (ස)

:       0       0

ලක්ෂිකා Tuesday, 23 April 2013 09:25 AM

සරත්, ඔබ කියන්නෙ හොරා නිරුපද්‍රිතව අල්ලා ගන්න කියලද? මට හිතෙන විදිහට ඔබත් ඒ හොරා සමග ආව කෙනෙක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

මනෝජ් Monday, 08 April 2013 09:44 AM

පවු අහිංසකයා ඇස් තියෙන්නේ බලන්න.(නදී)

:       0       0

අලහප්පෙරුම Wednesday, 27 March 2013 10:46 AM

මදැයි ඇගිලි ගහන්න ගියා. (නි)

:       0       0

නිවන්ත Wednesday, 27 March 2013 10:50 AM

ගුරුවරියන්ගෙත් මොනවාහරි අඩුපාඩුවක් තියෙන්න ඇති. ඒකනේ මෙයා මෙච්චර එබිලා තියෙන්නේ. (නි)

:       0       0

හේරත් Monday, 25 March 2013 08:27 PM

අංගුලිමාල ච්ත්‍රපටයේ නවතම නිලිය සමිමානය මේ නෝනට හිමිවේ.(නදී)

:       0       0

අමිල Tuesday, 26 March 2013 11:52 AM

පුදුම ගුරුවරියක්නේ? (නි)

:       0       0

පුෂ්පා Wednesday, 27 March 2013 11:39 AM

ඇගිලි නෙමෙයි කපන්න තිබුණේ. (නි)

:       0       0

පුෂ්පා Wednesday, 27 March 2013 11:48 AM

පේනකොට මතක් වෙයි කල වරද (දී)

:       0       0

රුවන් Monday, 25 March 2013 03:05 PM

ගුරුවරියෝ ඔහොම තමයි. (නි)

:       0       0

කෝලිත Friday, 29 March 2013 11:26 AM

මේ ගුරුවරියව ගැළපෙන්නේ සෞදි අරාබියාවට. (නි)

:       0       0

සාලිය Thursday, 28 March 2013 06:30 AM

මෙවන් කාන්තාවන් ගැන ඇත්තෙන්ම ආඩම්බරයි. (නි)

:       0       0

නදිත Monday, 25 March 2013 03:21 PM

ඔව් දැන් නීතියක් නැති නිසා තම තමන්ම පුළුවන් විදියට වැරදිකාරයන්ට දඬුවම් දෙන්න. උසාවි යන්නයි නීතීඥයන්ට අතේ තියෙන තුට්ටු දෙක දෙන්නයි වෙන්නෙ නෑ එතකොට ...(ස)

:       0       0

චරිත් Wednesday, 27 March 2013 12:51 PM

අහිංසකයා පවු (නි)

:       0       0

සරත් Monday, 25 March 2013 09:48 AM

තරුණයාගේ වැඩේ වැරදියි. ඒත් ගුරුවරියටත් තිබුණනෙ එයාව නිරුපද්‍රිතව අල්ලා ගන්න. (නි)

:       0       0

ලලිත් Monday, 25 March 2013 03:39 PM

නියම දඩුවම . ගුරුවරියන් හරිම දක්ෂයිනේ. ඔය වගේ වැඩ වලදී ලද බොළඳකම් අමතක කරන්න ඕන (ස)

:       0       0

සෑම් Monday, 25 March 2013 10:11 PM

මොනවා කිවුවත් වැඩේ නම් වැරදියි. (නි)

:       0       0

ආනන්ද බන්දුලසිරි Monday, 25 March 2013 10:44 PM

ලස්සන, සදාචාරවත් හිනිදුමට ඇයි මෙසේ සිදුවූයේ කියා ගම්මට්ටමේ නායකයින් ටිකක් අවදානය යොමු කළයුතු කාලයයි මේ. (නි)

:       0       0

අමිල Tuesday, 26 March 2013 01:50 PM

අපරාධ කාරයෙක්ට දඬුවමක් හම්බුවුණහම ඒක හෙලා දකින මේ වගේ මිනිස්සු ඉදිද්දි කොහොමද රටේ නිතිය සදාචාරය පවතින්නේ. මේක තමුන්ට ටිකක් ආදේශ කරලා හිතුවා නම් හොඳයි මහත්වරුනේ, තමුන්ගේ බිරිඳ, දුව හෝ මව ඉන්න කාමරයකට එබිලා බලන වනචරයෙක් දැක්කම ඒ මිනිහට මෛත්‍රී කරනවද වෙන දෙයක් කරනවද කියලා තම තමුන්ම හිතලා බලන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site