IMG-LOGO

කතුන් වැනීමට සුරඟනන් කියන්නට ගොස් වෙසඟනන් කියලා


දකුණු පළාතේ රාජ්‍ය නිලධාරිනියන් වැඩි පිරිසක් සහභාගිවී ඉදිරි සංවර්ධනය පිළිබඳව පැවති රැස්වීමකදී  ප්‍රදේශයේ  ප්‍රකට කවියකු පිළිගැනීමේ කතාව කරද්දී  සුරඟනන් යනුවෙන් ඇමතීමට ගොස් වෙසඟනන් යන අරුත දෙන වචනයක් වැරදී කියැවීම නිසා නිලධාරිනියන් මහත් අපහසුතාවට පත්වූ සිද්ධියක්  රූකඩවලට ප්‍රකට දකුණේ නගරයකින් දැන ගන්නට ලැබී තිබේ. 


එම නගරයෙන් මුහුදට ගලා බසින ගංගාවක් ඇසුරු කරගෙන ගං ඉවුරේ ගොඩපැත්තේ හේනක් සහිත ගම්මානයක් සංස්කෘතික කෘෂිකාර්මික පාරම්පරික කර්මාන්ත ආදී  අංග රැසකින් සංවර්ධනය කොට විශේෂිත ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමට විහාරස්ථානයක මෙම රැස්වීව පැවැත්විණි. 
ප්‍රදේශයේ සිටින පළපුරුදු ප්‍රකට ඇමැතිවරයකුගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට දකුණු පළාතේ විවිධ අමාත්‍යාංශවල ඉහළ රාජ්‍ය නිලධාරීන් හා නිලධාරිණියන් විශාල පිරිසක් සහභාගි වූහ.


මෙම උත්සවයේ පිළිගැනීමේ කතාව පැවරී තිබුණේ ප්‍රදේශයේ ප්‍රකට කවියකුටය. ඔහු වැඩිහිටි අවුරුදු උත්සවයකදී අවුරුදු කුමාරයා ලෙසට තේරී පත්වූ අයෙකි. මහත් උජාරුවෙන් කවියන් සභාව අමතා පිළිගැනීමේ කතාව කිරීමට ආරම්භ කළේය. ඇමැතිවරයා ප්‍රධාන අමුත්තා වශයෙන් පිළිගන්නා බව කී කවියාට පැමිණ සිටි නිලධාරිනියන් සුරඟනන් යැයි කියමින් මහත් ඉහළින් පිළිගැනීමට අවශ්‍ය විය.


කවියෙන්ම ඒ බව කියාගෙන යද්දී සුරඟනන් යන වචනයට වෙසඟනන් යන අරුත ගෙන දෙන වචනයක් වැරදි කවියාට කියවිණි. මේ වචනය කී සැණින් සියලු නිලධාරිණියන් කවියාට රවා ඔරවා බලමින් ‘ඇයි අපි වල්කමේ යන ගෑනුදැයි’ කොඳුරන්නට වූහ.


සිනහ වෙවි කවි රස විඳිමින් සිටි ඇමැතිවරයාට මෙම වචනයේ වැරැද්දේ බරපතළකම  එකවර වටහා ගැනීමට නොහැකිවිය. නිලධාරිනියන්ගේ කසුකුසුව කුමක්දැයි ඒ අසල සිටි මාධ්‍යවේදියකුගෙන් ඇමැතිවරයා විමසා සිටියේය. 


‘ඇමතිතුමා මෙයා සුරඟනන් ගැන කියන්න ගිහින් වෙන අඟනන් ගැන කිව්වේ. එය වෙසඟනන්  යන අරුත ගෙන දෙන්නක්. ඒකයි ඔය නිලධාරිනියන් පුපුරන්නේ. 

(බළපිටියේ එස්.ඒ.වයි. ද සිල්වා)



අදහස් (0)

කතුන් වැනීමට සුරඟනන් කියන්නට ගොස් වෙසඟනන් කියලා

මොහාන් Monday, 04 July 2016 01:08 AM

අද කාලේ වෙන දේවල් බලනකොට එක අතකට ඉතින් ඒ කී කතාවේ අරුමයකුත් නැහැ (නි)

:       0       0

සෑම් Saturday, 02 July 2016 03:19 AM

දෙකේ වෙනසවත් තේරුම් ගන්න බැරි කෙනෙක්. (ර)

:       0       0

රන්ජිත් Sunday, 03 July 2016 12:02 AM

සුරඟනන් වෙනුවට පුරඟනන් කියා කියන්න ඇති මම හිතන්නේ (නි)

:       0       0

කරුණාරත්න Monday, 04 July 2016 02:40 AM

ඒකත් නියම වැඩේ තමයි (නි)

:       0       0

රාධා Sunday, 03 July 2016 12:54 AM

සමහරුන්ට හදිසි වුණාම ඉන්න තැනවත් දන්නේ නැහැ (නි)

:       0       0

රෝහණ මාතරගේ Saturday, 02 July 2016 04:47 AM

දකුණේනෙ ඉතින් වැඩි වැරැද්දක් කියන්නත් බෑ. (ර)

:       0       0

රුවන් Sunday, 03 July 2016 04:41 AM

කවිකාරයා දැන් ඉන්න මෙලෝ රහක් නැති නිවේදක නිවේදිකාවෝ වගේ (බ)

:       0       0

කොලොන්නේ Wednesday, 06 July 2016 03:36 AM

කොහොමත් ඉතින් ටිකක් ඇත්ත කියල තියෙන්නේ (ම)

:       0       0

විරාජ් Sunday, 03 July 2016 07:26 AM

නියම කතාව තමයි.(හේ)

:       0       0

වරුණ Saturday, 02 July 2016 07:30 AM

ඔය වගේ පටලැවිලි වෙන්න පුළුවන් කාට උනත්. (ර)

:       0       0

ඔසී Monday, 04 July 2016 05:10 PM

ඇති ඔයින් ගියා... (නි)

:       0       0

පිටිගල Saturday, 02 July 2016 03:04 PM

ගුටිනොකා බේරුනා මදැයි (නි)

:       0       0

අසෝකා Saturday, 02 July 2016 09:05 PM

මේ කවිකාර මහතාගේ ඇස්වලට... අඟනුන් සුරලියක් වී නෙතු දුටුවාට.... පැටලුණි සුරලියන් ඉදිරියේ ඒ සතුට.... අනුකම්පා කරමු අපි කවුරුත් ඔහුට..... (නි)

:       0       0

ලංකාසිරි Wednesday, 06 July 2016 12:03 AM

ඇත්ත කියවුණු නිසා කේන්ති ගියාවද්ද කියන්නත් බැහැනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site