(හික්කඩුව ඤාණදාස රන්මුතු)
ගාල්ල දිස්ත්‍රික්කයට අයත් තරමක පිටිසර ගම්මානයකි. ඒ ගම් පියසේ ජීවත් වන කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් ස්නානය කරන්නේ කැලෑබද ප්‍රදේශයක තිබෙන පිරිසුදු ජලය පිරී අැති පොදු ළිඳකිනි.
කාන්තාවන් වැඩි පිරිසක් මෙම ළිඳට පැමිණෙන්නේ දවල් කාලයේය. කාන්තාවන් ස්නානය කරන අයුරු සිය දෙනෙතින් දැක බලාගැනීමට රුචිකත්වයක් දක්වන අනංගයෙක් ගමේ සිටියේය. ඔහු ඒ සඳහා සෙමින් සෙමින් කැලෑ රොද තුළ සැඟවී සිට කාන්තාවන් ස්නානය කරන අයුරු දැකබලා සිත්සේ සතුටු විය.
දින කීපයක් ගත වන විට මේ බව ස්නානය කරන කාන්තාවන්ට දැනී ගියේය. එය කටින් කට පැතිර යාමට වැඩි දිනක් ගත වූයේ නැත. ගමේ තරුණ පිරිසකට ද මේ පුවත සැල විය. අමතක නොවන පාඩමක් උගන්වන්නට තරුණ පිරිස කතා කර ගත්හ. ඔවුන් ද කාන්තාවන් ස්නානය කරන වේලාවක් බලා හෙමින් සීරුවේ ළිඳ අසල කැලෑ රොදක සැඟවී සිටියේ කළු තෙල් පුරවා ගත් භාජනයක්ද ඇතිවය.
ඔවුන් යනවිටත් අනංගයා කාන්තාවන් ස්නානය කරන අයුරු සැඟවී සිට නරඹමින් සිටියේය. අඩියෙන් අඩිය ඔහු වෙත ළඟාවූ තරුණයන්ගෙන් කෙනෙක් අනංගයා කළු තෙල් වලින් නෑ වූයේය. ඔහු ගාල කඩා ගෙන දිව යන ගවයකු මෙන් දිව ගියේ තරුණයන්ගේ හූ හඬ මධ්‍යයේය. මේ පුවත ගම පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි. ඉන් අනතුරුව ඔහු ගම අත්හැර ගියේ කිසිවකුටත් නොදන්වාය.
2025 ඔක්තෝබර් මස 08
1554
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1360
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කතුන් දිහා බලලා කළු තෙල්වලින් නෑවිලා
kasun Saturday, 24 July 2021 11:42 AM
නාන්න පුළුවන් නම් ටිකක් බැලුවාම ඒකෙ මොකක්ද තියෙන වැරැද්ද?