IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොණ්ඩෙත් එක්ක කටකලියාව කැපුවාට ‘දඩයක්’ ගහලා

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි )
කොණ්ඩය කපද්දී කරණවෑමියාගේ අතින් වැරදීමෙන් සිය මුව ආවරණයේ පටිය කතුරට කැපී යාම නිසා උරණ වූ  පුද්ගලයකු  කොණ්ඩය කැපීමේ ගාස්තුවෙන් අඩක් අඩු කර මුදල් ගෙවූ පුවතක් පසුගියදා අගනුවරට ආසන්න  ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 


ඔහු අවුරුදු හැත්තෑවක පමණ වයස්ගත පුද්ගලයෙකි. දක්ෂ ගොවියෙකි. අවුරුදු හැත්තෑවක් පමණ වුවද එතරම් මහලු‍ බවක් ඔහු වෙතින් දිස් නොවේ.


හොඳ සමාජසේවකයකු වශයෙන් ප්‍රදේශයේ නමක් දිනා සිටින ඔහු  කිසියම් වැරැද්දක් දුටුවහොත් ඊට එරෙහිව නොබියව නැගී සිටින්නෙකි.


කෙසේවෙතත් කොරෝනා දෙවැනි රැල්ල ආරම්භවීමෙන් පසු ඔහු  සිය කොණ්ඩය කප්පවා ගැනීමට යාම දිනෙන් දින කල්දැම්මේ වැඩි කල් නොගොස් වසංගත තත්ත්වය අවසන් වේයැයි බලාපොරොත්තු ඇතිවය.


එහෙත් තත්ත්වය එන්න එන්නම බරපතළ වෙද්දී  කොණ්ඩයද  උරහිස  තෙක් වැවිණි. කොණ්ඩය කපා ගන්නා ලෙස බිරිඳ   සහ දරුවන්ද  ඇවිටිලි  කළ නිසා මිල අධික  අලු‍ත්ම මුව ආවරණයක්ද   ගෙන්වාගෙන එය පැළඳගත් ඔහු බාබර් සාප්පුවකට ගොඩ වැදුණේය.


බාබර් සාප්පුවේ සවිකර ඇති රූපවාහිනී යන්ත්‍රයේ විකාශය වෙමින් තිබූ චිත්‍රපටය දෙස වරින්වර ඇස යොමු කරමින් සිය රාජකාරිය ඉටුකළ කරණවෑමියාගේ කතුරට ඔහුගේ මුව වැස්මේ පටිය කැපී ගියේය .


ඔහුට යකා නැග්ගේය. දෙදෙනා අතර සුළු වචන හුවමාරුවක්ද සිදුවිය.


චිත්‍රපටි බලමින් කොණ්ඩය කැපීම නිසා මෙය සිදුවූ බව ඔහුගේ චෝදනාව විය.


එම චෝදනාව ප්‍රතික්ෂේප කළ කරණවෑමියා කියා සිටියේ අධික ලෙස කොණ්ඩය වැවී තිබූ නිසා තමන් අතින් එම වැරැද්ද  සිදුවූ බවය. 


කෙසේ වෙතත් කොණ්ඩය කපා අවසන්වූ පසු  කරණවෑමියාට දඬුවමක් වශයෙන් ගාස්තුවෙන් අඩක් ගෙවා දැමූ  මහත්තයා ගෙදර ගියේය.



අදහස් (0)

කොණ්ඩෙත් එක්ක කටකලියාව කැපුවාට ‘දඩයක්’ ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site