(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ උපනගරයක පිහිටි පොලිස් ස්ථානයකට උදෑසනම පැමිණිල්ලක් දැමීමට ආවේ ගමේ කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන ගිය මුදලාලි කෙනෙකි.

පෙර දින රාත්‍රියේ තම වෙළෙඳසලේ පසුපස දොර ගලවා සොරකු ඇතුළු වී ඇති බවත් තමා කුරුඳු විකිණීමෙන් ලබාගත් රුපියල් ලක්ෂ දෙකක මුදල ගැනීමට මේ සොරා ඇතුළු වී ඇති බවත් ඔහු පැමිණිල්ල දැමීය.
ඒ සල්ලි ඔක්කොම ගෙනිහිල්ලා දැයි පැමිණිල්ල ලියූ පොලිස් නිලධාරියා විමසීය.
නෑ රාලහාමි, මම මොනවත් බැලුවෙ නෑ. ඇඟිලි සලකුණු ගන්න ඕනෑ නිසා පොලිසියත් එක්ක ගිහින් බලනවා. ඔහු කීය.
පොලිස් නිලධාරීන් දෙදෙනකු සමඟ එහි ගොස් වෙළෙඳසල පරික්ෂා කළ විට කිසිම දෙයක් සොරාගෙන ගොස් නැති බවත් මුදල්ද එලෙස තිබූ බවත් අනාවරණය වූ අතර ඉදිරිපස කඩ බක්කි පරීක්ෂා කළ මුදලාලි මවිතයට පත්වූයේ එහි වූ පොල්ගෙඩි විස්සක් පමණ හොරා ගෙන ගොස් ඇති බව දුටු හෙයිනි.
මේ බව පොලිස් නිලධාරීන්ට කී විට ‘‘ඒක හරි පොල් ගෙඩිටික මසුරන් වටිනවානේ” කියා පොලිස් නිලධාරීන් කඩෙන් එළියට බැස්සාලු.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කඩේට පැන්න හොරාට ලක්ෂ 2 ට වඩා පොල්ගෙඩි විස්ස ලොකුවෙලා
fairoos Thursday, 25 February 2021 07:04 AM
දෙයියෝ සාක්කි... සර් ෆේල්...!!!