නිවෙසක අලූත් ඇඳුම් කිහිපයක් මීයකු සපා කා තිබිණි. සැමියා බිරියට යෝජනා කළේ මී කූඩුවක් රැගෙන විත් මීයා ඇල්ලිය යුතු බවය. රැකියාවට ගොස් ආපසු පැමිණෙන විට සැමියා සහ බිරිය මී කූඩුවක් ගෙන ආහ.
පසුදින බලනවිට කූඩුවේ සිරවී අහිංසකව බලා සිටින මීයකු දැකගත හැකිවිය. උදේ මීයාව රැගෙන යා නොහැකි නිසා රාත‍්‍රියට ඈතට ගොස් මුදා හැරීමට ඔවුහූ තීරණය කළහ. ”දැන් අපි හවසට එනකන්ම මූ බඩගින්නේ. මම මූට මොනාහරි කන්න දාන්නම්.” සැමියා පැවසීය. චීස් කැබැල්ලක් හා වතුර කෝප්පයක් මී කූඩුව තුළට දැමූ සැමියා, බිරිය සමඟ පිටත්විය. රාත‍්‍රියේදී මීයා රැගෙන ගොස් මුදා හරින ලද අතර පසුදින පෙරදා මීයාට සමාන මීයෙක් මී කූඩුවේ දැක ගැනීමට ලැබිණි. ඔවුන් අනුමාන කළේ ඇල්ලූ මීයා නැවත පැමිණ ඇති බවය.
සැමියා සුදු තීන්තවලින් මීයාගේ පිටේ ඉරක් ඇඳ එදින ද චීස් කැබැල්ලක් සහ වතුර තැබීය. ඔවුන් රාත‍්‍රියේදී මීයාව කැලයෙන් වටවූ පෙදෙසකට මුදාහලහ. පසු දින ද කූඩුවේ මීයෙක් දක්නට ලැබිණි. සුදුපාට ඉරක් උගේ පිටේ තිබිණි. හසුවී ඇත්තේ පැරණි මීයාම බව පැහැදිලි විය. ”ඔයා කන්න දීලා ඌට රහ වැටිලා. ඒකයි ආයේ එන්නේ.” බිරිය කීවාය. ”මීයාට මොනාද අපි කරන්නේ.” සැමියා සහ බිරිය ගැටලූවකට මුහුණපා සිටින බව රාගම ප‍්‍රදේශයෙන් වාර්තාවේ.
ක‍්‍රිස්ටෝපර් සීපියන්,
අනුරාධපුරය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මටත් මීයෙක් වෙන්න තිබ්බා නම්. නෝනා අතින් චීස් කෑල්ලක් කන්න තිබුනා. අපිට කොහෙන්ද ඒ වගේ පිනක්? (නදී)
මීයට චීස්... අපිට?? ඔන්න ඕකයි දැන් ලංකාවේ තත්වය. මේ පාර ඡන්දෙට පස්සෙවත් අපිටත් චීස් කන්න හැකි වෙයිද?? (නි)
අහන්නත් සතුටුයි. කරුණාවන්ත යාළුවෙක් (නි)
දැන් හුරතලේට ඇති කරානම් හරි.(හේ)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. (නි)
රාගම ඉන්නේ කොහොමත් සතුන්ට ආදරය කරුණාව දක්වන අය තමා (නි)
බලන්නකෝ ලංකාවේ මිනිස්සුන්ට තියන සල්ලි. මියන්ට චීස් දෙනවා (නදී)
ඔබ වැනි කරුණාවන්ත මිනිසුන්ට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ. අසරණ සතාව මරල දාන්නේ නැතිව මෙහෙම හරි උෟ වෙනුවෙන් කරදර වෙන එක ඔබ දෙදෙනාගේ මිනිසත් බව පෙන්වයි (නදී)
අපේ රටේ දේශපාලකයන් වගේ (නි)
මීට කලකට පෙර මා සේවය කල ආයතනයේ කෑම කාමරයේ මී බෙටි තිබීම නිසා කවුරු හෝ කුඩා මී කතුරක් ගෙනවිත් චීස් කැබැල්ලක් දිනපතාම හවසට ඒකට සවි කරලා ගියත් කිසිදිනක මීයාව අසු උනේ නැහැ. අපිත් සමග සේවය කරන ටිකක් වයසක කෙනෙක් මෙහෙම මීයෝ අල්ලන්න බැහැ. ඔන්න බලාපල්ලා මම කරන වැඩේ කියලා කොළ කැබැල්ලක "MICE PLEASE NOTE , CHEESE THIS WAY " කියලා ලියලා ඊ තලයකිනුත් ඒ පැත්ත පෙන්නුම් කළා. මම එදින හදිසි වැඩක් නිසා රෑ වෙනකම් වැඩ කළා කෝපි කෝප්පයක් හදාගන්න කෑම කාමරයට ගියාම මෙන්න මීයෙක් අහුවෙලා ඉන්නවා (නදී)
වැඩි අනුකම්පාව භූමිකම්පාව වෙලා වගෙයි (නි)
කෑමට රසවැටුණු මීයෝ තව කොච්චර නම් ඉන්නවාද? (නි)
නුඹලා දෙන්නා වචනයේ නියම අර්ථයෙන්ම මිනිසුන් (නදී)
දැන් ඉතින් කරන්න තියෙන්නේ එකම දෙයයි. ගෙදරට පුස් පැටියෙක් ගෙනෙන එකයි.. (නදී)
කාරුණික සිත් ඇති යුවලක්. මේ වගේ කාරුණික ක්‍රියා අහන්නත් සතුටුයි. (ර)
අය්යෝ මේ ප්‍රශ්නෙට විසදුම ඔතනම තියෙනවා නේ. මී කුඩු තියල මීයන්ව අල්ලලා කූඩුවෙන් පිටවෙන්න නොදී කන්න බොන්න දිදී මැරෙනකම් තියාගන්න. උන්ට ආයිත් පැටවූ බෝකරන්නත් අවස්ථාව නැහැ. ගෙදර තියෙන දේවල් කාල දාන්නත් බැහැ. (බ)
මීයා මියගිය නෑයෙක්ද කොහෙද.(හේ)
මීයෝ කරන පාඩු දැක්කහම මරලත් මදි කියලා හිතෙනවා (නි)
මී වදයකි ජීවිතේ! (නි)
පින්වන්ත ජෝඩුවක් .මී කරදරෙන් ඉක්මනින්ම මිදේවා (බ)
පොහොසත් පවුලක් වගේ, නැත්නම් කොහෙන්ද චීස් (බ)
මේ දවස්වල ගිලෙන නැවක ඉන්න මීයෙක් වගේ. (බ)
නෝනා මීයන්ට ආසයි වගේ (නදී)
කෑම රහ නම් ඉතින් දාලා යන්නේ නැහැනේ! (නි)
අපේ ගෙදරත් ඔට වගේම වැඩක් වුනා හැබැයි නෝනා තමයි වරද කළේ , එ්ත් මීයෙකුට කන්න දීල උගේ වැඩේ කෑම හොයාගෙන එනවා නෝනා මුලදිනම් ටිකක් බැන්න කන් කෙඳිරි ගැව දැන් වගේ වගක් නැහැ, මීයාත් කාල පින් දීල යනවා (බ)
අපේ පාර්ලිමේන්තුවත් මී කුඩුවක් වගේ කෑම රහ වැටිලා ආපසු එන්නම්යි බලන්නේ (නදී)
මහ පුදුම පිනක් තියෙන මීයෙක්නේ... මට චීස්ස් කැල්ලක් කාපු කාලයක් මතක නෑ. (ර)
අපි පාන් කියා ගන්න බැරුව ඉන්න කොට මීයන්ට චීස් වලින් සංග්‍රහ කරන අයත් ලංකාවේ සිටීද? (ර)