IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


කොටහළුවෙන් ඉස්සූ බාගෙ සූර් නැතුව යකා නැගලා

(මීගහතැන්න-ප්‍රේමතිලක පෙරමුණ) 
පස්දුන් කෝරළේ  ගාලු‍  දිස්ත්‍රික්ක මායිමට  ආසන්න ගමක සිදු වීමකි. එක්තරා නිවසක දියණියකගේ කොටහළු මඟුල් උත්සවයකි. පවුලේ එකම දියණිය බැවින් උත්සවය ජයටම ගන්න ගෙහිමියා සියලු කටයුතු සූදානම් කර තිබුණු අතර, මත්පැන් සාදය සඳහා වයිවරන කූඩාරම් ගැසූ වෙනම ස්ථානයක් ද සූදානම් කිරීමට විශේෂ සැලකිල්ලක් දක්වන ලදී.


උත්සව දිනය උදා විය. රජයේ ආයතනයක රැකියාව කළ ගෙහිමියා සේවා ස්ථානයේ බොහෝ පිරිසකට ද උත්සවය සඳහා ආරාධනා කරන ලදී 


සේවය නිමා කර රාත්‍රි භෝජනය සඳහා සියලු‍ම මිතුරෝ උත්සවයට සහභාගී වූහ. ඒ අතර නිති පතා මත්පැන් බීමට ඇබ්බැහි වී සිටි මිතුරකු ද පැමිණ හොඳ හැටි මත්පැනින්  සප්පායම් වෙමින් සිටිනු දුටු සරත් නම් මිතුරා ගෙහිමියා  පසෙකට කැඳවා  මෙසේ කීවේය .


“මචං පාටිවලට ගියාම අරූ ‘සුනිමල්‘ අරක්කු බෝතල් උස්සනවා. ඇහැගහගෙන හිටපන්  ”‍යැයි කීවේය 
ගෙහිමියා ද “සරත් උඹත් ඒ ගැන පොඩ්ඩක් බලපං මචං”‍ කියා කාරණය හිතට ගෙන  විමසිල්ලෙන් සිටියේය.


කාලය කෙමෙන් කෙමෙන් ගෙවී හොඳ හැටි පදම් වී සිටී මිතුරන්ට ගෙහිමියා කෑමට ආරාධනා කළේය. 


තමන්ගේ අභිප්‍රාය ඉටුකර ගැනීමට කුරුමානම් අල්ලමින් සිටි පෙර සඳහන් කළ සුනිමල් අසල හිස් මේසයක් මත තිබූ අඩක් හිස් කළ මත්පැන් බෝතලය රැගෙන කාගේත් ඇස් වසා තම කාර්යාලීය බෑගයේ දමා ගත්තේ ඒ පිළිබඳ ඇති හසල පළපුරුද්ද උපයෝගී කර ගනිමිනි.


උත්සවය නිමා වී සියල්ලෝ සතුටින් විසිර ගියහ.


පසු දින සේවය  නිමවූ විගස සුනිමල්  ප්‍රමාද නොවී නිවසට ගියේ පෙර දින මිතුරාගේ ගෙදරින් ඉස්සූ භාගයේ  රස බලන්නටය 


යන්තම් ඇඟපත සෝදා කුස්සියට පැන කටගැස්මක් ද සාදාගත් සුනිමල්  මිදුලේ සිමෙන්ති බංකුව මත වාඩි වී මත්පැන් උගුරක් කටේ හලාගන්නවාත් සමග. “ඔය දහජරාව කටේ හලාගන්න තියෙන තදියම, ගෙදර වෙන වැඩකට නම් නෑ. නාගන්නවත් ඕන කමක් නැති හැටි”‍ යැයි බිරියගේ සුපුරුදු  ආඩපාලි  පටන් ගත්තා ය  


කටට ගත් අරක්කු ටික.. “පූ..හ්”‍ ගා  එළියට දැමූ සුනිමල් බෝතලය සිමෙන්ති බංකුවේ ගසා විදුලි වේගයෙන් ගෙතුළට ගියේ ඉස්තෝප්පුවේ සිටි බිරිඳව ද තල්ලු‍ කරමිනි.


 රාත්‍රී ආහාරය ද නොගෙන නිදි ඇඳට වැටුණු සුනිමල් මුළු රැය පහන් කළේ ද නිදි වර්ජිතවය. පසු දා සුනිමල් කාර්යාලයේ ආපනශාලාවට  කලින්ම ගියේ පෙර දින රෑ  කුසගින්නේ සිටි නිසාය.  ඒ අවස්ථාවේ එහි  මිතුරන්  කීප දෙනෙකු ද සිටි අතර එක් අයෙක් “සුනිමල් මොකද  මූණ මැලවිලා... අසනීපයක්දැයි” විමසීය


“නෑ  එහෙම එකක් නෑයි”‍ පවසා සුනිමල්  ආපනශාලා සේවකයා අමතමින්.. මට කහට එකක් දෙන්න යැයි පැවැසී ය. 


එවිට මිතුරන් අතරේ සිටි සරත් “කහට බිව්වාමත් වෙරිවෙනවා මචං”‍ යයි කියද්දී සුනිමල් වාඩිවී සිටි තැනින් ඉද්ද ගැසුවාක් මෙන් ඉබේම නැගිට්ටේය. මිතුරන් කොක්හඩලා සිනාසෙද්දී සුනිමල්  කහට කෝප්පය ද නොබී ආපන ශාලාවෙන් එළියට පැන්නේ... තම බිරිඳ ගැන වැරදි වැටහීමක් ඇතිකර ගැනීම පිළිබඳ පසුතැවෙමිනි.



අදහස් (0)

කොටහළුවෙන් ඉස්සූ බාගෙ සූර් නැතුව යකා නැගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1806 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1473 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site