IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොටහළුවේදී කාන්තාවෝ ටොකු ඇන සැමියාගේ වෙරි බස්සලා

මත්පැන්  පානයට  ඇති දැඩි කැමැත්ත නිසා ක්ෂේත්‍ර නිලධාරි මහතෙකුට කොටහළු මගුල්  ගෙදරකදී   මුහුණදීමට  සිදුවූ  අපූරු සිදුවීමක්   දකුණු  පළාතේ  ග්‍රාමීය  ප්‍රදේශයකින්  අසන්නට  ලැබේ.
ක්ෂේත්‍ර නිලධාරියා මත්වතුර  පානයට  උපන්  හපන්  හැකියාවක් හා  දැඩි  කෑදරකමක් දක්වන්නකු වන අතර දියණියක වැඩිවියට පත්වීම හේතුකොට ඉකුත්  දිනෙක සිය ඥාති නිවසක  සාදයක් පැවති  අතර එයට මොහුද  සහභාගී වූයේය.  
අසීමාන්විතව  මදුවිතෙන්   සප්පායම්  වී  සිටි  ඔහු   තිබූ  සංගීත  රිද්මයට  නර්තනයක්  සිදුකිරීමද කර ඇතැයි  පැවසේ. එම  නර්තනය   වැඩිපුර සිදුවූයේ  කාන්තාවන්  අසල  වීමද  විශේෂත්වයක්  ගත් අතර නර්තනයට  එක්ව  සිටි  කාන්තාවන්ගේ  ශරීරය  මොහු  විසින්  නිතර  නිතර  ස්පර්ෂ  කරන්නට  යාම නිසා  සාදයට  නව  මුහුණුවරක්  එක්  වීමට  වැඩි  වේලාවක්  ගත නොවීය.


ක්ෂේත්‍ර නිලධාරියාගේ හැසිරීම නොරිස්සූ  කාන්තාවන්  ඔහු  වටකරගෙන  ටොකු  ඇනීමට හා  පහර  දීමට  පටන්  ගත්   නිසා  සාදයේ  සිටි  පිරිස විසිල්  ගසමින් උසුලු‍  විසුලු‍ කිරීමත් සමග සාදය   එකම  කාලගෝට්ටියක්  බවට  පත්ව  තිබේ.
අඩක්  ගැලවී ගිය  කලිසම  ඔසවමින්  නැගීසිටි  නිලධාරියා  එතැනින්  ඉවත්  කිරීමට   නිවෙස්  හිමියා  කටයුතු  කළ  අතර වෙරිමරගාතය වැඩිකමට සිය දියණිය සහ බිරිඳ ද මගුල් ගෙදර දමා ගෙදර ගොස් තිබුණි.
බිරිඳ සහ දියණිය කුලී රියකින් නිවසට ගොස් ඇති අතර  පසුදින  වන විට  සිද්ධිය  ගමපුරා  පැතිරී  ගොස් තිබූ  අතර    සති  දෙකක්  තුනක්  යනතෙක්  අසනීප බව  පවසා  ඔහු  නිවසින්  බැහැර  නොගිය  අතර  බිරිඳ  සහ  දියණිය  විසින් පියාට සාදවලට  යාම  සපුරාම  තහනම්  කර  ඇතැයිද  පැවසේ.

හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන

 



අදහස් (0)

කොටහළුවේදී කාන්තාවෝ ටොකු ඇන සැමියාගේ වෙරි බස්සලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 43 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site