IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොටස් වශයෙන් දෑවැද්ද ගන්න ගිහින් මනාලියත් නැතිවෙලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මනාලයකු උපක්‍රමශීලී අන්දමින් මනාලියගේ  පියා පීඩාවට පත්කරමින්  විවාහයට  පෙරම දෑවැද්ද කොටස් වශයෙන් ලබාගනිමින් නිවස අලුත්වැඩියා කරන්නට ගත් උත්සාහයක් නිසා මංගල්‍යය කැඩීබිඳී ගිය පුවතක් පසුගියදා ගම්පහ ප්‍රදේශයෙන් වාර්තාවිය.


යුවතියක අසල්වැසි තරුණයෙකු හා පෙමින් වෙලීසිටියේය. මේ හිතවත්කමට තරුණයාගේ වැඩිහිටියන් දැක්වූයේ දැඩි විරෝධයකි. දින, සති, මාස ගණන් ගතවෙද්දී මේ විරෝධය තරමක් අඩුවිය. තරුණයාගේ මවුපියන් ඇතුළු වැඩිහිටි පිරිස් තරුණියගේ නිවෙසට ආවේ ගියේ මංගල්‍යයේ කටයුතු කතාබහ කර ගන්නටය.


තරුණියගේ වැඩිහිටියන්ද කතිකා කිරීමෙන් පසු මංගල්‍යයට දිනයක්ද තීරණය කෙරිණි. තරුණයා නිතර තරුණියගේ නිවසට යන්නට එන්නටද පටන්ගත්තේ දැඩි විශ්වාසයක් ඇතිකර ගනිමිනි.


මනාලිය බලන්නට එන තරුණයා මනාලියගේ නිවසෙන් කිසියම් දෙයක් ගෙනයන්නට නිතරම කටයුතු කළේය. පැරණි යතුරු පැදිය මනාලියගේ නිවසේ තබා මනාලයා මාමණ්ඩියගේ නවීන පන්නයේ යතුරු පැදිය ගෙනගියේ පසුව ගෙනෙන බව කියමිනි. මාස කිහිපයක් ගතවී යතුරු පැදිය මනාලයා ඔහුගේ එකක් සේ පාවිච්චි කරන්නට පටන්ගත්තේය.


නිතර මාමණ්ඩියගෙන් මුදල් හදල් ඉල්ලාගත් මේ මනාලයා ඒවාද අමතක කරන්නට ක්‍රියාකළේ කිසියම් සැලසුමක් මත බව මාමණ්ඩියට තේරුම් ගොස් තිබිණි. බෑනා මාමාටත් තවත් යෝජනාවක් කළේය. ඒ මංගල්‍යයට පෙර ඔහුගේ නිවස අලුත්වැඩියා කරදෙන ලෙසය. දැඩි ලෙස අබලන්ව ඇති නිවසේ අලුත්වැඩියාව රුපියල් ලක්ෂ දෙක තුනකින්වත් කරන්නට බැරි එකක්විය. ඔහු බිරිය හා පළමුව සාකච්ඡා කළේය. අනතුරුව මනාලියක වෙන්නට පෙරුම් පුරන දියණියටද ඇගේ අනාගත සැමියාගේ ක්‍රියාකලාපය ගැන කියාදුන්නේය. මනාලයා තරුණියගේ අතේ තිබූ මුදල් හදල්ද වරින්වර ඉල්ලාගෙන ඇති බව එහිදී දැනගන්නට ලැබිණි.


සියල්ල දැනගත් තරුණිය තීරණයක් ගත්තාය. තාත්තේ මම මේ මංගල්ලේ කරගන්නේ නැහැ. දැන්ම මෙහෙම නම් ඉස්සරහට මේ මිනිහා මාව මරලාත්දායි කී ඇය හිත හදාගත්තේ කපටියකුට රැවටී ජීවිතය සදහටම අඳුරු කරගන්නට බැරි නිසාය.

 



අදහස් (1)

කොටස් වශයෙන් දෑවැද්ද ගන්න ගිහින් මනාලියත් නැතිවෙලා

lalithm Wednesday, 23 October 2019 02:33 AM

ඇති විශිෂ්ටයි. මොලේ පැදෙන්න කල් ගිය එකට නම් දුකයි.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site