IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොට්ට දෙකට රෙද්ද පොරවා මනාලිය අතුරුදන්

ගමේ ගොඩේ අහල පහළ නිවැසියන් වූ සුනිල්  හා කමලා කුඩා කාලයේ සිට එකට හැදී වැඩී  උස් මහත් වුණු ගැටවර වියේ පසුවෙන නිසා මේ දෙදෙනා පෙම්වතුන් බවට පත්වීමට  වැඩි කාලයක් ගත නොවුනත් දෙපැත්තේම මවුපියෝ හා වැඩිහිටියෝ එයට එකහෙලාම විරුද්ධ වූහ.


එහෙත් මේ දෙපළගේ ප්‍රේමය දිනෙන් දින දලු කොළ, රිකිලි දා වැඩිවුණා මිස අඩුවක් වුණේ නැත. මේ අතර  කමලාට තම මව්පියෝ මඟුල් කපුවකු මගින් මඟුලක්ද කතාකර ගත්හ. 


එහෙත් කමලා නිහඬව සිටියේ තම යටි සිතේ කැමති අරමුණු කරගෙන දැයි කිසිවකු දැන නොසිටියද මංගල දිනය පවා තීන්දු විය.
තවදුරටත් බලා සිටීමේ තේරුමක් නැති බව වටහාගත් පෙම්වතුන් යුවළ ගමෙන් පලායාමට තීරණයක් ගත්හ.


එදින වැසිබර රාත්‍රියකි. පාන්දර යාමයේ  ත්‍රිරෝද රථයක් රැගෙන සුනිල් කමලාගේ නිවස අසල රැඳී සිටියේය.


කල්තියා සූදානම් කරගත් තම ඇඳුම් කැඩුම්, රන් ආභරණ ඇතුළු මිල මුදල් රැගෙන තමා සුනිල් සමග යන බවත් සොයා නොබලන ලෙසත් දන්වා මවුපියන්ට දන්වා ලිපියක් ලියා තම මේසය  මත තබා නිදි යහනේ කොට්ට දෙකකට රෙද්ද පොරවා කිසිවකුට නොහැඟෙන පරිද්දෙන් ඇය අඳුරේම ත්‍රීවිලරයට ගොඩවී සුනිල් හා ගමෙන් පලා ගියාය. උදේ තම ්දියණිය අවදිවී නැති බව දුටු මව කාමරයට ගොස් බැලූවිට කොට්ට දෙකකට රෙද්ද පොරවා කෙල්ල අතුරුදන් වී ඇති බව දුටුවාය.


ඇයගේ ලිපිය කියවා බලා කරුණු කාරණා වටහාගත් දෙමහල්ලෝ ‘‘වෙච්ච දේට මක් කොරන්නදැයි’’  හිත හදාගෙන මඟුල නොකෙරෙන බව මනාලයාගේ  මව්පියන්ට දැනුම් දුන්හ.

පියසේන දොඩගොඩ,
මතුගම. 



අදහස් (0)

කොට්ට දෙකට රෙද්ද පොරවා මනාලිය අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site