(තිහගොඩ උපසේන ලියනගම)
කටකලියාව (මුඛ ආවරණ) නැති හාදුවක් නිසා මගුල් ගෙදර යුද පිටියක් වීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ වැලිගම පැත්තෙනි.
මේ මගුල් ගෙදර මනාලිය කුඩා කාලයේ සිට පෙම් සබඳතා පැවැත්වූ අැවැස්ස මස්සිනාට ඇය අහිමි වූයේ පසු කාලෙක කාර්යාල යේ තමා සමඟ වැඩ කළ රූමත් තරුණ ලිපිකරුවකුට සිය ප්‍රේමය මාරුවීම නිසාය.
ඇගේ මවුපියන්ද පසු කාලෙක මේ ලිපිකාර තරුණයාට සිය කැමැත්ත පළ කරමින් ඇය විවාහ කර දීමට සූදානම් වූ අතර මස්සිනා පරාජය පිළිගෙන නිහඬ විය.
පසුගියදා ඇය හා නව පෙම්වතා අතර විවාහය සිදුවූයේ නිවසේමය. කොරෝනා 19 හේතුවෙන් එහි පැමිණි පිරිස ඉතා අඩු වුවත් පරාජිත මස්සිනාද ඒ අතර විය.
මනාල යුවළ සමු ගන්නා මොහොතේ කායික අවශ්‍යතාවක් නිසා සේදුම් කාමරයට ගිය මනාලයා ආපසු එනවිට සිය මනාලිය මස්සිනාට හාදුවක් දෙන අයුරු දැකීමෙන් ඔහුට යක්ෂාරූඪ වූයේය. මේ නිසාම දෙපාර්ශවයේ ඥාතීන් අතරද උණුසුම් කතාබහක් වුවත් දෙපාර්ශවයේ වැඩිහිටියන් එය සමථයකට පත් කළ අතර අවසානයේ ‘‘මට කේන්ති ගියේ ‘‘මාස්ක්’’ නැතිව‘ කිස්’කළ හින්ද එයාට ලෙඩ හැදුනනං අද රෑට මටත් බෝ වෙනවා.’’ මනාලයා කීවේ සිනාසෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd