IMG-LOGO

කට වරද්දාගෙන මඟුල කඩාගෙන

තම අයියාගේ පුතාගේ කතාවක් හේතුවෙන් විවාහයක් නතර වූ පුවතක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.


ඔහු දීර්ඝකාලීනව තරුණියකට පෙම්කර ඇති අතර ඔවුන් එම ආදරය විවාහය දක්වා රැගෙන යාමට තීරණය කර තිබේ. මෙම කටයුත්ත නිවසට පැවසීම සඳහා තරුණියට ඇති එකම බාධාවක් වූයේ ඔහු අධික ලෙස මත්පැන් හා දුම්වැටි පානය කිරීමය.


ඇය ඔහුට පවසා ඇත්තේ තමන් විවාහ කර ගැනීමට අවශ්‍ය නම් එම මත්ද්‍රව්‍ය පාවිච්චිය කිරීම නතර කරන ලෙසත් සිය මව්පියන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයකුට කිසිදා කැමති නොවන බවය.


 ඔහු නැවත මත්ද්‍රව්‍ය පානය නොකරන බවට පොරොන්දු වීම හේතුවෙන් ඇය සිය නිවසට ඔහු පිළිබඳව දන්වා ඇති අතර මඟුල තීන්දු කිරීම සඳහා නිවසට පැමිණෙන ලෙස තරුණියගේ මව්පියන් තරුණයාට දන්වා තිබේ .


ඒ අනුව ඔහු සිය මව්පියන් හා සිය එකම අයියා  සමඟ මනාලියගේ නිවසට ගොස් තිබේ. එකම අයියාගේ පුත්‍රයා කටට ආ දෙයක් කියන අතර ගමන යාමට පෙර ඔහු පැත්තකට කැඳවා උපදෙස් රැසක් දීමට ඔහු කටයුතු කර තිබේ.


නියමිත දිනයේ ඔවුන් මනාලියගේ නිවසට ගොස් ඇති අතර සුහද පිළිසඳරෙන් අනතුරුව සාම්ප්‍රදායික ලෙස මනාලිය බුලත් හෙප්පුව ගෙන මනාලයා අසලට පැමිණ තිබේ. මෙය දුටු අයියාගේ පුතා සිය මාමාට නොදන්නාකමින් මොවුන් බුලත් විට රැගෙන ආ බව සිතා “අපේ මාමා බුලත් විට කන්නේ නැහැ, සිගරැට් විතරයි බොන්නේ, දැන් එද්දිත් සිගරැට් පැකට් එකක් විතර බීවා”‍ පවසා මාමා දෙස බලද්දී ඔහු එතනින් අතුරුදන් වී ඇති අයුරු දක්නට ලැබී තිබේ


ලත් තැනම ලොප් වූ මඟුල ගැන ළතැවෙමින් තරුණයා පයින්ම මහ මග පිස්සෙක් මෙන් යමින් සිටියදී සිය නිවසේ සී.ඩී යන්ත්‍රයේ ප්‍රේම ගීතයක් ගයමින් සිටි ගායකයාගේ කට වසා දැමූ ඇය ඇඳ සිටි ඇඳුම් පිටින්ම ඇඳට වැටී ඇත්තේ තම ආදරවන්තයා අහිමිවීම පිළිබඳව ශෝකය සමගය.

කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංග



අදහස් (0)

කට වරද්දාගෙන මඟුල කඩාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site