කොරෝනා වෛරසය රට තුළ පවතිද්දී බොහෝ රාජ්‍ය නිලධාරින් මෙන්ම ආරක්ෂක අංශ ද ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව නොරහසකි.

මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ ද මේ දිනවල විවිධ ආරක්ෂක නිලධාරිහු ද සිය දෛනික රාජකාරි කටයුතුවලට අමතරව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වූ සමාජ ආරක්ෂණ ක්‍රියාවලිවලට දායක වෙමින් සිටිති.
ඒ නවය මාර්ගයේ මාතලේ - දඹුල්ල අතර කොටසේ රාජකාරි කරමින් සිටි පොලිස් රථවාහන අංශයේ නිලධාරින් දෙදෙනෙකි.
විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් ඔවුන් ක්රියාකරද්දී මහ මග පැමිණි ඇහැට කනට පේන කාන්තාවකි.
මුඛ ආවරණයක් හෝ නොමැති මේ කාන්තාව නවතා පොලිසිය විමසා සිටියේ මුඛ ආවරණයක් නැතිව මහමග ගමන් කරන්නේ ඇයි ද? යන්නය.
මොහාතක් පොලිස් නිලධාරින් දෙස සිනා මුසු මුහුණින් බලා සිටි ඇය දුන් පිළිතුරෙන් නිලධාරිහු අන්ද මන්ද වූහ.
‘ මහත්තයා පොඩ්ඩක් ළඟට එන්න කෝ’
අතිනුත් සංඥා කරමින් ඇයගේ ඉල්ලීමෙන් විමතියට පත් නිලධාරින් කියා ඇත්තේ’ මොකට ද ළඟට එන්නේ කෝ මාස්ක් එක‘
‘එන්ඩකෝ එන්නඩකෝ ළඟට මම කියන්නම්’
‘රටක මෙච්චර ප්‍රශ්නයක් තියෙද්දී තමුන් මොනවද මේ කියන්නේ?
කාන්තාව ඉන්නා තැනින් නිලධාරින් දෙසට නොපැකිළිව ඉදිරියට එද්දි රාජකාරියේ නිරත පොලිස් නිලධාරින් දෙදෙනා මඳ දුරක් පසු පසට ගියහ.
කෙසේ වෙතත් නිකටට අත තියාගත් කාන්තාව පොලිස් නිලධාරින්ට මෙසේ අවවාදයක් දුන්නාය.
‘මේ ඔයාලා කොරානා වලට බයයි ද? බය වෙන්න එපා මෙයා, මං වාගේ ඉන්න. එතකොට කොරෝනා හැදෙන්නේ නෑ’
කිසිවක් නොකී පොලිස් නිලධාරින් බලා සිටිය දී සිද්ධිය ඇසින් දුටුවකු කියා සිටියේ පොලිස් නිලධාරීන්ට අතක් වැනූ කාන්තාව ලැසි ගමනින් ඉදිරියට ගිය බවය.
(නාඋල - ඉන්දික අරුණ කුමාර)
2025 ඔක්තෝබර් මස 08
1806
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1473
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
කට කලියාව නැති කත පොලිසියට මායමක් දාලා