තම කුකුළු කොටුවෙන් කුකුළෙකු හොරකම් කර පැන දිවූ හොරෙකුට පැන යාම සඳහා තමා අත තිබූ විදුලි පන්දමත් දන් දුන් බව කියන පුද්ගලයෙකු පිළිබඳ පුවතක් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
පිටිසර ගමකි. ඔහු කුකුල් පට්ටියක් ඇති කළේය. ඒ, ගෙදර විය පැහැදම් පිරිමහ ගන්නටය.
කුකළු පට්ටියේ සිටි කුකුළු නාම්බන් දෙස ඇස ගසා ගෙන සිටි පුද්ගලයෙක් පසුගිය දිනෙක රෑ බෝ වෙද්දී කුකුළු කූඩුවට රිංගුවේය. ඒ හොඳ කුකුළු නාම්බන් දෙතුන් දෙනෙකු අල්ලාගන්නටය.
කුරුමානම වැරදුණේය. අමුත්තාගේ පැමිණීමෙන් කලබල වූ කුකුළු පට්ටියම කෑ මොර දෙන්නට පටන් ගත්හ.
කලබලයට පත් කුකුළු හොරාද අතට අසු වූ කුකුළු නාම්බෙකුත් රැගෙන දුවන්නට පටන් ගත්තේ පණ බේරා ගන්නටය. කුකුල්ළුන්ගේ හඬින් විදුලි පන්දමත් රැගෙන එළියට ආ නිවෙස් හිමියාද දිව යන හොරා පසු පස පන්නනට වූවේ අසැබි වදන් දෙක තුනක් මුවින් පිට කරමිනි.
ටික දුරක් දිව ගිය හෙතෙම බැරිම තැන තමා ඉදිරියෙන් දුවන හොරාට විදුලි පන්දමින් දමා ගැසුවේය. විදුලි පන්දම වැටුනේ හොරාටත් ඉදිරියෙන්ය. දුවන ගමන් හොරා විදුලි පන්දමත් අහුලා ගත්තේය. මොහොතක් ගතවෙද්දී හොරා කුකුළාත් සමග අතුරුදන් වූයේ රුපියල් තුන් හාර සීයයක් වටිනා විදුලි පන්දමද ඔහුට අහිමි කරමිනි.
(වියලුව - වාර්තාකරු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අපේ රුපවති නෝනා කියන්නේ පරණ හණ මිටි කාලේ උපක්‍රම නේ. දැන් තියෙන්නේ ඔය ඕනි තරම් සිකියුරිටි සිස්ටම්. අන්න එකක් දැම්මනම් හරියට හරි. (බ)
කුකුල් පට්ටියක් කරනවා නම් මීටවඩා ටිකක් ඔලුවෙන් ප්‍රයෝජන ගන්න දැනගන්න ඕනෑ නේද ..? කුකුල් කොටුව වටේට බොරු වළවල් ටිකක් කපන්නවත් මොළය පෑදුනා නම්, අද කුකුළා නැතත් ටෝච් එකවත් තියෙනවා (නි)
මදැයි කළා ! (බ)
අපේ රටේ හොරු බය නැත්තේ නිතිය මදි නිසා (හේ)