මිතුරන් ඔහු ඇමතුවේ ඒ.කේ. කියාය. ඒකේ. ගේ උපන් දිනය පසුගිය දිනක සමරන ලද අතර එය මත්පැන් සාදයක් විය. මත්පැන් බෝතල් පහ හයක් සමඟ බයිට් එකට කුකුළු මස්ද තිබිණි. ගිටාරයක් රැගත් මිතුරෙක් එය වයන්නට විය. ඒ.කේ. ගේ උඩ ඇන්දේ දත් දෙකක් අතර කුඩා හිඩසකටද දතක් සවිකර තිබිණි. පදම වැඩිවීගෙන එනවිට මස් සැපීමේදී අපහසුතාවයක් ඇතිවූ නිසා ඒ.කේ. තම කුඩා දත ගලවා බයිට් පිඟාන අසල ඇති පොතක් උඩ තැබුවේ ආරක්‍ෂාවටය. සියල්ලෝම ගීත ගයමින් නටන්නට වූහ. පිඟානේ තිබූ කුකුළු මස්ද ශීඝ‍්‍රයෙන් ක්‍ෂය වන්නට වූහ. අවසාන මත්පැන් උගුරත් කටට හලාගත් මිතුරෙක් හොඳි පිඟානට අත දමා මස් සොයන විට පොතේ අත වැදී කුඩා දත හොඳි පිඟානට වැටුණු අතර එය මිතුරාගේ අතට හසුවිය. මස් කැබැල්ලක් යැයි සිතූ මිතුරා එය කටට දමා සපන්නට විය. ඔහුට එය සැපීමට නොහැකිවූයෙන් එය මස් කටුවක් යැයි සිතා සූප්පු කර ජනේලයෙන් පිටතට විසි කළේය. මේ අතර තම දත පොත මත නොතිබෙනු දුටු ඒ.කේ. මේසය සහ පිඟාන අවට සෝදිසි කරන්නට විය. මෙය දුටු දත විසිකළ මිතුරා ”මොනාද උඹ හොයන්නේ” යැයි ඇසීය. ”මගේ දත මචං” ඒ.කේ. කීය. කාරණය වැටහුණ මිතුරාට ”එහෙනම් ඒක තමයි මම විසිකළේ” යැයි ජනේලය පෙන්වමින් අප්පිරියාවෙන් පැවසීය. වහා මිදුලට දිව ගිය ඔහු දත අහුලාගෙන සබන්වලින් සෝදා නැවතත් හිඩසට සවි කළේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කුකුළු මස් යැයි සිතා මිතුරාගේ බොරු දත කාලා
සරත් Thursday, 13 December 2012 10:57 AM
ඕක අදුර ගන්න බැරිද (දී)
හේමන්ත Thursday, 13 December 2012 05:15 PM
පුවත් නොදැන බමන මතින් - නටත් අයෙක් සුරාමතින්.... (නි)
ලලිත් Thursday, 13 December 2012 11:19 AM
ඔය තරම් සිහිය නැද්ද (දී)
වරුණ Thursday, 13 December 2012 11:26 AM
බොන කෙනාට තැනක් නොතැනක් නෑ කියන්නේ ඕන තමයි..!(නු)
චමිලා Friday, 14 December 2012 08:16 AM
සිහිය නැහැ කියන්නේ නම් බොරු. (නි)
සමන්ත Friday, 14 December 2012 10:21 AM
සරා සළෙලු දන සතොසේ සුරා පාන කරන ලෙසේ... (නි)
හේරත් එස්. Thursday, 13 December 2012 02:58 PM
බලාගෙන ගියාම කොච්චර බිව්වත් මෙයාගේ මතකෙ හොදයිනේ.!(නු)
රොෂාන් Saturday, 15 December 2012 04:58 PM
යාලුවගේනේ කමක් නැහැ (දී)
ලීල් Saturday, 15 December 2012 05:55 PM
දත හොදිත් එක්කම එළියට විසි කරලා, හදිසියේවත් බල්ලෙක් ඇවිත් ඒක දතත් එක්කම කෑවා නම්??