IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කුකුළු මස් දොළදුකට උසාවි යන්න වෙලා

කිරිඳිවැල උපාලි රණවීර
දොම්පේ දෙකටන ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයකු මත්පැන් පානය කිරීමෙන් අනතුරුව කුකුළු මස් කෑමේ ආසාවක් ඇති වී අසල්වැසි කොටුවක සිටි කුකුළකු මරා දැමුවත් පසුව කුකුළු මස් කෑමේ  ආසාව බොඳවී  අධිකරණය හමුවට යාමට සිදු වීමේ පුවතක් දොම්පේ පොලිසියෙන් වාර්තාවේ.
ඔහු විසි හැවිරිදි තරුණයෙකි. මිතුරන් සමග මත්පැන් පානය කර නිවෙසට පැමිණීමෙන් පසුව කුකුළු මස් කෑමේ ආසාවක් ඇති වුවත් ඒ වන විට කුකුළු  මස් කඩ වසා තිබිණ.
ආශාව අත් හරිනු බැරිම තැන අසල්වැසි කුකුළු කොටුවක සිටි එකම කුකුළා සොරකම් කර ගෙන ආවේය.


ඒ වන විටත් එම කුකුළාගේ අයිතිකරුවන් ඔහු පසුපස හඹායෑම නිසා ඔහු කුකුළා ද රැගෙන අසල්වැසි අවමංගල්‍ය  නිවෙසකට පැමිණ සැඟවී  ස්වල්ප වේලාවකින්  කුකුළාද රැගෙන කැලයක සිටියදී ඔහුට නින්ද ගියේය.
පසුදා පහන් ‍වී නැගිට බලද්දී කුකුළා නරක්වී තිබිණ. නරක් වුණ කුකුළා කැලයට විසිකර ඔහු නිවෙසට පැමිණ සිටියදී පොලිසියෙන් පැමිණියේය. ඒ රුපියල් 2000ක්  වටිනා කුකුළකු සොරකම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමටය.
ඔහු පූගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.



අදහස් (0)

කුකුළු මස් දොළදුකට උසාවි යන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 43 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site