(හිඟුරානේ නවරත්න සමරතුංග)
මුහුණු ආවරණය කරගෙන මාළු මිලදී ගැනීමට එන එක හා සමාන කම් ඇති කාන්තාවන් දෙදෙනකු හඳුනා ගන්නට නොහැකිවීමෙන් මාළු වෙළෙන්දෙකුට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ පුවතකි මේ.
ඔහු එම නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ ගසක් යට යතුරු පැදිය නවතා මාළු අලෙවි කරන සංචාරක වෙළෙන්දෙකි.
ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට මාළු අලෙවි කරන ඔහුගෙන් එක හා සමාන කාන්තාවෝ දෙදෙනෙකු නිතර නිතර වරින් වර මාරුවට පැමිණ මාළු මිලදී ගත්හ.
ඔවුන් දෙදෙනාම පැමිණියේ එකම වර්ගයේ කාන්තා යතුරු පැදිවලිනි. උස මහත මෙන්ම හැඳ පළඳින ඇඳුම් පවා එක හා සමාන විය.
‘නෝනා හොඳ අලුත් මාළු තමයි මේවා රසයි..!. තෙලට බදින්න, කිරට, මිරිසට හොඳයි’ කියමින් ඔහු වෙළඳාම කරගෙන ගියේය. දිනක් එක් කාන්තාවක් මාළු මිලදී ගෙන ඔහුට රුපියල් 5000ක නෝට්ටුවක් දිගු කළාය.
‘ෂී.... නෝනා පොඩි සල්ලි නැද්ද?’ කියද්දී ඇය තමන් සතුව මාරුවූ මුදල් නැති බව කිවාය.
‘කමක් නෑ.! නෝනා නෝනා මට විශ්වාසයි. පස්සෙ සල්ලි ගෙනෙත් දෙන්න’
කියා ඔහු පැවසූ පසුව කාන්තාව මාළු ටික රැගෙන යතුරුපැදියේ නැග යන්නට ගියාය.
එයට දින කීපයකට පසුව එක හා සමාන කාන්තාවන් දෙදෙනාගෙන් එකියක් පැමිණ ඔහුගෙන් මාළු මිලදී ගත්තාය.
මාළු කිරන අතර තුර මුදල කීවිට ඇය එම මුදල තම මුදල් පසුම්බියෙන් එළියට ගෙන මාළු කිරමින් සිටි වෙළෙන්දා දෙස බැලුවාය.
ඔහු තමන්ගේ දනහිසෙන් පහත දෙපා දෙස ගෙල දිගු කරමින් ඉතා ඕනෑකමින් බලන අයුරු දුටු ඇය
‘මොනවද බලන්නේ?’යැයි ප්‍රශ්න කළාය.
‘මේකයි නෝනා ඔයා වගේම තවත් ලස්සන නෝනා කෙනෙක් මගෙන් මාළු ගන්නවා. මට එයයි ඔයයි දෙන්නා අඳුනා ගන්න බැහැ. මාස් දාලා ඉන්න නිසා.
‘ඉතින්..! මගේ කකුල් දෙක දිහා බලන්නේ ඇයි? දැයි ඇය ප්‍රශ්න කළාය.
‘මේකනේ ඒ නෝනාගේ කකුල් දෙක සුදුයි. ඔයාගේ කකුල් දෙක කළුයි. සුදු කකුල් තියෙන නෝනාගෙන් මට ගාණක් එන්න තියෙනවා. ඒකයි ඔයාගේ කකුල් සුදුයිද කියලා බැලුවේ...’
මාළු වෙළෙන්දාගේ පිළිතුරෙන් කෝපවූ කාන්තාව තමුසේ ගෑනුන්ට මාළු විකුන්නේ කකුල් දෙක දිහා බලාගෙනද? තියා ගන්නවා ඔය මාළු ටික’ කී ඇය මාළු දමා දුන් ෂොපින් බෑගය මාළු පෙට්ටියටම විසිකර යතුරු පැදියේ නැගී යන්නට ගියාය.
තමාට සිදුවූ මේ අකරතැබ්බය සහ පාඩුව මාළු අලෙවි කරන තවත් මිතුරෙකුට පවසා ඇති ඔහු ණයට මාළු දුන් සුදු කකුල් තිබෙන නෝනා තවම නොපැමිණි බව පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd