IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කේක් නෝනා බිත්තර ගන්න බිත්තර වී කඩේට ගිහින්

(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
‘බිත්තර වී’ යන වචනයේ තේරුම නොදැන සිටි කාන්තාවකට පිරිසක් ඉදිරියේ මහත් අපහසුතාවයටත්, ලැජ්ජාවටත් පත්වීමට සිදුවූ බව කියැවෙන රසවත් පුවතකි මේ.


ඇය කොළඹ ප්‍රදේශයේ උපන් කාන්තාවකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්මානයක තරුණයෙකු හා විවාහ වී ඇය එම ගම්මානයට පදිංචියට පැමිණියේ මීට මාස කිහිපයකට පෙරය. රූපලාවන්‍ය හා කේක් සෑදීම පිළිබඳ පාඨමාලාවක් හදාරා ඇති අැය එම කටයුතුවල නියැලුනාය. ගමනෙන් බිමනෙන් කළේ නගරබද උපන් කාන්තාවක් බව සමාජයට පෙන්වීමටය. කතා බහ කරනවිට ඉංග්‍රීසි වචන කිහිපයක් එක් කිරීම ඇය කළේ ඒ සඳහාය.


පසුගිය දිනක ගමේ නිවසකින් ඇයට කේක් කිලෝ 5ක් සෑදීම සඳහා ඇණවුමක් ලැබුණ අතර ඒ සඳහා බිත්තර 40ක් පමණ මිලදී ගැනීමට ගමේ වෙළඳසල වෙත ගියද එහි බිත්තර නොතිබුණු නිසා ඇයට හිස් අතින් ආපසු ඒමට සිදුවිය. මේ නිසා ඇය නිවසේ සිට කිලෝ මීටර් 4ක පමණ දුරකින් පිහිටි කුඩා කඩමණ්ඩිය වෙත සිය යතුරුපැදියෙන් ගියේ බිත්තර මිලදී ගැනීම සඳහාය.


එහි වෙළඳසල් දෙක තුනකට ගියද ඒවායේද බිත්තර නොතිබිණි. ආපසු නිවස බලා පිටත්වූ ඇයට සතුටක් ගෙන දුන්නේ එම නගරයේ කෙළවරක ඇති වෙළඳ සලක බිත්තර අලෙවි කිරීම සඳහා ඇති බවට දැන්වීමක් දැකීමෙනි.


එම වෙළඳසල වෙත ගිය ඇයට සිය වාරය එනතෙක් විනාඩි 20ක පමණ කාලයක් එහි රැඳී සිටීමට සිදුවූයේ ඒ වනවිටත් භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයන් හත් අට දෙනෙකු එහි සිටි නිසාය.


සිය අවස්ථාව ලැබුණු පසු ඇය මුදලාලි වෙත ගොස් පවසා සිටියේ බිත්තර 40ක් දෙන ලෙසය.


මද සිනහවක්ද පාමින් මුදලාලි ඉතා කාරුණික ලෙස මෙසේ පැවසීය.


‘‘අනේ නෝනා අපේ කඩේ බිත්තර විකුණන්න නෑ. වෙන කඩයක බලන්න’’


‘‘එහෙනම් මොකදට මුදලාලි පොල් ගෙඩි අකුරින් කඩේ ඉස්සරහ බැනර් එකක් දාල තියෙන්නේ ‘‘බිත්තර වී විකිණීමට ඇත’’ කියලා. මම මෙතන විනාඩි 20ක් විතර රස්තියාදු වුණා’’ ඇය තරමක කෝපයෙන් උස් හඬින් පැවසූයේ එහි සිටි අනික් පිරිසටද ඇසෙන ලෙසය.
අනේ නෝනා ‘‘බිත්තර වී’’ කියන්නෙ පැළ කරන්න ගන්න වී වලට ඒවා නම් කඩේ විකුණන්න තියෙනවා.


මුදලාලිගේ ප්‍රකාශයෙන් ලැජ්ජාවටත් අපහසුතාවයටත් පත් කාන්තාව එම ස්ථානයෙන් වහා පිටව ගියේ එහි රැස්ව සිටි අනික් පිරිසගේ මුහුණ දෙසවත් නොබලාය.

 



අදහස් (0)

කේක් නෝනා බිත්තර ගන්න බිත්තර වී කඩේට ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site