IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ඔන්ලයින් බඩු මල්ලෙන් මුදලාලි ගසාකාලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
රට වසා දැමීම හේතුවෙන් වෙළෙඳසලෙන් ඇණවුම් කරන ලද භාණ්ඩවලින් වෙළෙඳසල් හිමියා ගසාකන අයුරු නිවැසියකුගේ අතට හසුව වෙළෙඳසල් හිමියාගේ රෙදි ගැලවී ගිය අපූරු කතාවක් දකුණු පළාතෙන් වාර්තා වේ.


රට වැසීම නිසා නගරයේ වෙළෙඳසල්වලින් පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම ද ජනතාවට අහිමි විය. ඒ වෙනුවට තමන් ඇණවුම් කරන භාණ්ඩ වෙළෙඳසල්වලින් ලබාදීමේ සේවාවක් ද ක්‍රියාත්මක කෙරිණ. මේ වෙළෙඳසල ද එයට අනුගත විය. ජනතාව ඇණවුම් කරන භාණ්ඩ නිවෙසට යැවුණේ වෙළෙඳසලේ සහායකයකු අතේය. ඒ, ත්‍රිරෝද රථයකිනි. ඒ සඳහා ද ගාස්තුවක් අය කෙරිණි.


මේ නිවෙස් හිමියා ද රට වැසීමට පෙර නිවෙසට අවශ්‍ය බඩු ගැනීමට නොහැකි වූ නිසාම මේ වෙළෙඳසලෙන් භාණ්ඩ ඇණවුම් කළෙය්. ඒ අනුව භාණ්ඩ ටික වෙළෙඳසලෙන් ඔහුගේ නිවෙසට රැගෙන ආවේ එම වෙළෙඳසලේ සහායකයා විසිනි. ත්‍රිරෝද රථයෙන් රැගෙන ආ බඩු ටික නිවෙසට දමා ඒ සඳහා වූ බිලෙහි මුදල් ද රැගෙන යාමට වෙළෙඳ සහායකයා ඉක්මන් වූයේ තව නිවෙසකට බඩු දැමීමට ඇති බව කියමිනි.


‘ටිකක් ඉන්න’ යයි පැවැසූ නිවෙස් හිමියා බඩු ලැයිස්තුවේ බඩු එකින් එක පරීක්ෂා කළේ යාබද නිවෙසකින් ඉල්ලාගත් ඉලෙක්ට්‍රොනික තරාදියකින් වෙළෙඳසලෙන් කිරා එවන ලද භාණ්ඩ නැවතත් කිරා බලමිනි. ඔහුට එහිදී දැකගන්නට හැකි වූයේ කිරා එවන ලද හැම භාණ්ඩයකම නියම බර නැති බවය. ඒ හැම බඩුවකම බර අඩු බවය. මිල අධික සීනි, පරිප්පු වැනි ද්‍රව්‍යයන්වලින් ග්‍රෑම් දෙසීය තුන්සියය අඩු බව නිවෙස් හිමියාට දකින්නට ලැබිණ.


ඔහු මෙලෙස ඇණවුම් කරන ලද භාණ්ඩවල බර කිරීමට පෙළඹුණේ මීට පෙර ද රට වසා තිබියදී මේ වෙළෙඳසලෙන් එවන ලද බඩුවල නියම බර නැතැයි කියමින් බිරිය එදා නාහෙන් ඇඬීම මතක් වූ හෙයිනි. එදා බිරියගේ නාහෙන් ඇඬීම හරි යැයි සිතුණේ මෙවර එවූ බඩු හොරට කිරා ඇති බව දැනගැනීමත් සමගමය.


ඔහු මේ වෙළෙඳසලෙන් තමන්ට එවූ භාණ්ඩවල නියම බර නැතැයි කියමින් මුදලාලිට දෙස්දෙවොල් දුන්නේ කොරෝනා ව්‍යසනයෙන් අවතැන් වූ අය සූරා කෑමෙන් නිරයේ යන බව ද පවසමිනි. ඒ සමගම කලබල වූ මුදලාලි, “අනේ කලබල වෙන්න එපා, මට බඩු ගෙන ආ ත්‍රිරෝද රථයේ ගාස්තුවත් එපා... අඩු බඩුවල විස්තරය ගෝලයා අතේ එවන්න. මම ඒක දෙන්නම්... මේක කාටවත් කියන්න එපා... ඔය ගෝලයාගේ වැඩ තමයි...” කීවේය.


“මුදලාලි කියනවා මේ ඔයා තමයි බඩු හොරට කිරා තියෙන්නේ කියලා” යයි ඔහු ගෝලයාට කී විට අන්දුන්කුන්දුන් වූ ගෝලයා කීවේ, ඇණවුම් කරන ලද කිසිම කිරන භාණ්ඩයක් දැමීමට තමන්ට ඉඩ නොදෙන බවත් ඒවා දමනුයේ මුදලාලි බවත්ය.

 



අදහස් (2)

ඔන්ලයින් බඩු මල්ලෙන් මුදලාලි ගසාකාලා

sam Thursday, 26 August 2021 10:41 AM

බලන්න මේ හොරට බදු කිරන මුදලාලි දේශපාලුවෙක්ගේ නෑයෙක්ද කියලා

:       2       8

sampath Thursday, 26 August 2021 10:18 PM

කොරෝනා අස්සේ ආණ්ඩුවට බඩු කිරනවා වගේම කිසිම පාලන මිලක් නැහැ

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site