IMG-LOGO

ඔත්තුව වැරදි අන්ද මන්ද වෙලා

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත


තරුණ හිමිවරුන් සහ තරුණ තරුණියන් පිරිසක් ගෙන ගොස් මැතිවරණ ප්‍රචාරණයේ යෙදුණේ යයි කියන තොරතුරකට අනුව එම පිරිස වැටලූ පොලිසියට අන්දමන්ද වීමට සිදුවූ පුවතක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ.
තරුණ හාමුදුරුන් සහ තරුණ, තරුණියන් දස දෙනකුට වැඩි පිරිසකි. ඔවුන් ගෙන් ඇතැමෙක් අත ෆයිල් කවරය. සමහරු අත දැන්වීම් කොළය. ටිකට් පොත් අත තිබුණු අයද නොසිටියාම නොවේ. හාමුදුරුවරුන් දෙදෙනා හැර සෙස්සන් ඇඳ සිටියේ බොහෝමයක් එක පාටට හුරු ඇඳුම් පැලඳුම්ය.
 මේ අය ගෙයින් ගෙට යමින් සිටියදී වාහනයක් පුරවා ගෙන ඔවුන් යන මග හරස්කොට නතර කළේ පොලිස් නිලධාරීන්ය. මොනවද ඔය ගොල්ලන් මේ කරන්නේ පස් දෙනෙකුට වඩා ගෙන් ගෙට යන්න බැහැ. මැතිවරණ නීතිය ඒකයි. ඒ නිසා ඔය කට්ටියම අපිට සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගන්න වෙනවා. කරුණා කරලා අපිත් එක්ක එන්න පොලිසියට යන්න යයි පොලිස් නිලධාරීහු කීහ.


ඒ සමගම ගෙන් ගෙට ගිය තරුණ පිරිස තමන් අත තිබූ ගමේ පන්සලෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දෙවොල් මඩු යාගයට හා වීථි සංචාරය කෙරෙන වාර්ෂික පෙරහරේ ආධාර පත්‍රිකා පෙන්වූහ. යන ගමනට මේ සම්බන්ධයෙන් මුද්‍රණය කර ගසමින් සිටි දැන්වීම් ද ඔවුහු පොලිසියට පෙන්වූහ. පොලිසියට සිදුව ඇති දේ තේරුම් ගියේය. ඒ වනවිට පොලිසිය නිකං තෙල් ලීටර් ගණනක් පුච්චා හමාරය.
අනේ මුන්ට පිස්සු සොයා බලන්නේ නැතිව මැතිවරණ නීති රීති කඩ කරනවායි කියමින් අපිට ඔත්තු දෙන්නේ යයි කියමින් මේ ගැන පොලිසියට තොරතුරු දුන්නු තැනැත්තාට සහ ඔහුගේ මවුපියන්ගේ ගුණකන්දයද සිහි කර කර පොලිසිය ආපසු හැරුණාලු‍.

 



අදහස් (0)

ඔත්තුව වැරදි අන්ද මන්ද වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1014 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site