IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එළවළු වෙළෙන්දෙකුගේ ගුලියට ප්‍රිජ් එකයි සල්ලියි දෙකම නැතිවෙලා

ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර
ලොකු ලාබයකට ශීතකරණයක් මිලදීගත් කෙනකුට අන්තිමේ ශීතකරණයත් මුදලු‍ත් දෙකම අහිමිවීමේ පුවතක් දකුණු පළාතේ ගමකින් වාර්තාවේ.
නගරයේ හා ගමින් ගමට ගොස් එළවළු ඇතුළු විවිධ දේවල් වෙළෙඳාමේ යෙදී සිටි ජංගම වෙළෙන්දෙක් ප්‍රදේශයේ කාගේත් හොඳහිත දිනාගෙන සිය වෙළෙඳාම් කටයුතු කළේය. 
කෙතරම් කාලයක් මේ කියන වෙළෙන්දා සිය වෙළෙඳාම් කළද ඔහුට ඉන් කිසිදු දියුණුවක් ඇතිවූයේ නැත. ඒ නිසා ඔහු කල්පනා කළේ නගරයේ කඩයක් දමාගෙන මේ වෙළෙඳාම කළහොත් තමාට ඉන් මීට වඩා දියුණුවක් ලබාගත හැකි බවය. ඒ සඳහා එකවර විශාල මුදලක් වැය කළ යුතුය. එහෙත් එතරම් මුදලක් සොයාගැනීම ඔහුට අපහසුවිය. ඒ නිසා ඔහු මීට උපායක් කල්පනා කළේය.
නගරයේ වූ විදුලි උපකරණ අලෙවි සලකට ගිය ඔහු එහි ඇති ශීතකරණවල මිල හා විස්තර විමසා දැනගත්තේය. එකවර රුපියල් දසදහසක මුදලක් ලබාදුන්නොත් රුපියල් අසූ දහසක් වටිනා ශීතකරණයක් මාස්පතා ගෙවීමේ ක්‍රමයට ලබාගත හැකි බව එහිදී දැනගත හැකි විය.


එළවළු වෙළෙඳාමේ යනවිට සමහර නිවෙස් හිමියන් එළවළු මිල අඩු දවස්වලදී වුව වැඩි ප්‍රමාණයක් මිලදී නොගන්නේ ඔවුන්ගේ නිවෙස්වල ශීතකරණයක් නොමැති නිසා බව සමහරු මොහු සමග පවසා තිබුණි. එවන් නිවෙසකට ගිය මෙම ජංගම වෙළෙන්දා කියා සිටියේ තමන්ගේ බිරිඳ ගිය සතියේ පිටරට රැකියාවක නියුතුව සිට ගෙදර පැමිණි බවත් ඈ එනවිට ශීතකරණයක් ගෙනා බවත්ය.
‘‘අපේ පවුල ලොකු ෆ්‍රිජ් එකක් ගෙනත් තියෙනවා. හරියට ගෙයක් දොරක් නැති අපට ෆ්‍රිජ් එකක් මොකටද ? ඒක මම විකුණනව ඔයාලට ඕනෑනම් කියන්න අඩුවට දෙන්නම්.”‍ ජංගම වෙළෙන්දා නිවෙස් හිමියකුට පැවැසීය.
‘‘කීයකටද මුදලාලි දෙන්නෙ”‍


‘‘මේක කඩේ නම් අසූදාහක් වෙනව. ඔයාල මට හැට දාහක් දෙන්න. මහත්තයල කැමැතිනම් හෙට මුදල් හරිගස්සල තියාගන්න. මම හෙට සවස ගෙදරටම ගෙනත් දෙන්නම්.”‍
රුපියල් විසිදහසකම ලාබයක් තිබෙන නිසා නිවෙස් හිමියෝ ඊට කැමැත්ත පළකළහ. පසුදා ශීතකරණ අලෙවිසලට ගිය ජංගම වෙළෙන්දා රුපියල් දසදහසක් ගෙවා ඊට සාක්ෂියට තවත් ජංගම වෙළෙන්දකු ලවා අත්සන් කරවා ශීතකරණය ලබාගෙන නගරයේ වූ කුලී රථයක දමාගෙන එය නිවෙසට ගෙනගොස් දී පොරොන්දුවූ මුදල ලබාගෙන ආවේය.
මාස කිහිපයක් ගියද මේ වෙළෙන්දා මාසික වාරික ගෙව්වේ නැත. පසුව බැරිම තැන එම කළමනාකරු පොලිසියේ පැමිණිල්ලක් දමා මේ ගැන පරීක්ෂණ කළද ජංගම වෙළෙන්දාගේ නිවසේ ශීතකරණයක් නොමැති බව දැනගත්තේය. පසුව එදා ශීතකරණය රැගෙන ගිය කුලී රථ රියදුරා මගින් ශීතකරණය ගෙනගිය නිවෙස සොයාගෙන ගොස් ඔවුන්ට කරුණු පහදා දී ශීතකරණය ආපසු රැගෙන ඒමට එම කළමනාකරු කටයුතු කළේය.
අවසානයේ වැඩි ලාබයට ශීතකරණය මිලදීගත් ගෙහිමියන්ට ශීතකරණයත් මුදලු‍ත් දෙකම අහිමි වී ඇත.



අදහස් (0)

එළවළු වෙළෙන්දෙකුගේ ගුලියට ප්‍රිජ් එකයි සල්ලියි දෙකම නැතිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 98 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 901 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site