IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එම්බාම් කළ මිනිය මල් ශාලාවේදී අතුරුදන්

බීමතින් පැමිණි දෙදෙනකු මියගිය ඥාතියකුගේ සිරුර සමග අවමංගල රථය පැහැරගෙන ගොස් අතරමග දමා පලා යාමේ සිද්ධියක් හක්මන පොලිසියෙන් වාර්තා වේ.
ඉකුත් දහ නව වැනිදා හක්මන කැබිලියපොළ ප්‍රදේශයේ විසි දෙහැවිරිදි තරුණයකු හදිසියේ මිය ගිය අතර මරණ පරීක්ෂණ කටයුතුවලින් පසු සිරුර පවුලේ ඥාතීන්ට භාරදුන් අතර ඉන් පසු මිය ගිය අයගේ සිරුර එම්බාම් කිරීම සඳහා වලස්මුල්ල රෝහල අසල මල් ශාලාවකට භාර දී තිබූ බව පොලිසිය පවසයි.


මල්ශාලා සේවකයන් සිරුර එම්බාම් කිරීමෙන් අනතුරුව එය අවමංගල රථයේ තබා මෘත දේහය නිවසට රැගෙන යාමට සූදානම් වීම සඳහා මල් ශාලාව තුළට ගොස් ඇති අතර එම අවස්ථාවේ එම ස්ථානයට බීමතින් පැමිණි මරණකරුගේ ඥාතීන් දෙදෙනකු අවමංගල රථය රැගෙන පලාගොස් ඇති අතර මල් ශාලාවේ හිමිකරු වෙනත් වාහනයකින් අවමංගල රථය පසු පස ලු‍හුබැඳ ගොස් තිබේ. එලෙස යන අතරතුර පොලිසිය දැනුම්වත් කිරීමට ද මල්ශාලා හිමිකරු කටයුතු කරනු ලැබීය. අවමංගල රථය රැගෙන පලාගිය සැකකාර ඥාතීන් දෙදෙනා මෘත දේහය සහිත රථය අතරමග දමා පලාගොස් සිටි අතර මල්ශාලා හිමිකරු එම ස්ථානයට ගොස්  මියගිය අයගේ සිරුර රැගෙන ගොස් පවුලේ ඥ​ාතීන්ට භාරදීම සිදුකළ බව පොලිසිය සඳහන් කරයි.
බීමතින් පැමිණ බලහත්කාරයෙන් මෘත දේහයක් පැහැර ගෙන ගිය  සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට හක්මන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන



අදහස් (0)

එම්බාම් කළ මිනිය මල් ශාලාවේදී අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 99 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 901 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site