(ගම්පොළ - සුරංග රාජනායක)
පුහුල් හොරා කරෙන් දැනේ කියමන යළි සනාථ කරන හොරකමක් ගම්පොළ අධිකරණයට යොමු කළ පැමිණිල්ලකින් අනාවරණය වේ.
ගම්පොළ මවුන්ටෙම්පල් ප්‍රදේශයේ අලුතින් ඉදිකරන නිවෙසක ගොඩ ගසා තිබූ සිමෙන්ති මිටි 10ක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි එහි හිමිකරු පොලිසියට පැමිණිලි කළේය.
ඒ අනුව ගම්පොළ පොලිසියේ අපරාධ අංශ නිලධාරීන් එහි ගොස් පරීක්‍ෂා කිරීමේදී සිමෙන්ති කුඩු මඟ දිගට වැටී ඇති බව පෙනී ගියේය.
සිමෙන්ති කුඩු පාරේ ගමන් ගත් පොලිසිය එය නිවෙසක් තුළ දක්වා වැටී ඇති බව දැක නිවෙස පරීක්‍ෂා කළේ සැකයක් ඇති නොවන අයුරිනි.
ඒ අනුව එහි තිබී සිමෙන්ති ගොඩක් හමුවීමෙන් ගෙහිමියාගෙන් මේ ගැන දිගින් දිගටම ප්‍රශ්න කළේය. අන්තිමේදී ඔහු සිමෙන්ති සොරකමේ සියලු තතු වැමෑරුවේය.
ඒ අනුව සිද්ධිය අධිකරණයට ඉදිරිපත් කළ උප පොලිස් පරීක්‍ෂක දසනායක මහතා හොරා අල්ලා ගත් ආකාරය පැහැදිලි කිරීමේදී ගම්පොළ දිසා විනිසුරු ශ්‍රීනිත් විජේසේකර මහතා පැවසුවේ මෙය පුහුල් හොරා කරෙන් දැනේ පන්නයේ හොරකමක් බවයි.
2025 ඔක්තෝබර් මස 08
1554
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1360
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
එදා පුහුල් හොරා: අද සිමෙන්ති හොරා