(ගම්පොළ - සුරංග රාජනායක)
පුහුල් හොරා කරෙන් දැනේ කියමන යළි සනාථ කරන හොරකමක් ගම්පොළ අධිකරණයට යොමු කළ පැමිණිල්ලකින් අනාවරණය වේ.
ගම්පොළ මවුන්ටෙම්පල් ප්‍රදේශයේ අලුතින් ඉදිකරන නිවෙසක ගොඩ ගසා තිබූ සිමෙන්ති මිටි 10ක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි එහි හිමිකරු පොලිසියට පැමිණිලි කළේය.
ඒ අනුව ගම්පොළ පොලිසියේ අපරාධ අංශ නිලධාරීන් එහි ගොස් පරීක්‍ෂා කිරීමේදී සිමෙන්ති කුඩු මඟ දිගට වැටී ඇති බව පෙනී ගියේය.
සිමෙන්ති කුඩු පාරේ ගමන් ගත් පොලිසිය එය නිවෙසක් තුළ දක්වා වැටී ඇති බව දැක නිවෙස පරීක්‍ෂා කළේ සැකයක් ඇති නොවන අයුරිනි.
ඒ අනුව එහි තිබී සිමෙන්ති ගොඩක් හමුවීමෙන් ගෙහිමියාගෙන් මේ ගැන දිගින් දිගටම ප්‍රශ්න කළේය. අන්තිමේදී ඔහු සිමෙන්ති සොරකමේ සියලු තතු වැමෑරුවේය.
ඒ අනුව සිද්ධිය අධිකරණයට ඉදිරිපත් කළ උප පොලිස් පරීක්‍ෂක දසනායක මහතා හොරා අල්ලා ගත් ආකාරය පැහැදිලි කිරීමේදී ගම්පොළ දිසා විනිසුරු ශ්‍රීනිත් විජේසේකර මහතා පැවසුවේ මෙය පුහුල් හොරා කරෙන් දැනේ පන්නයේ හොරකමක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd