(තිහගොඩ උපසේන ලියනගම)
අවුරුදු එකොළහක දැරියකගේ මල්වර මංගල්‍යය පිළිබඳව ආරංචි වීමෙන් පසු ඒ සතුටට තම මිතුරන්ට ටොපි සංග්‍රහයක් පැවැත්වූ අවුරුදු දොළහක දරුවකු පිළිබඳ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ බස්නාහිර පළාතේ අධ්‍යාපන ආයතනයකිනි.

සිය යහලුවන්ගෙන් එකතු කළ මුදල් හා සිය පියාගෙන් ඉගෙනුම් කටයුතුවලට ලැබුණු මුදල් එකතුකොට මෙම සංග්‍රහය පවත්වා ඇති අතර තම වයසේ යහළුවන් කීප දෙනෙකු ඊට එකතු වී තිබේ.
මේ අපූරු පුවත ආයතනයේ ප්‍රධානියාටද සැලවී ඇති අතර ඔහුගෙන් දෙමාපියන් ද මේ බව දැනගෙන දරුවාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ එකී දැරියගේ නම කියමින් යහළුවන් තමාට විහිළු කරන බවත් මෙය තවත් විහිළුවක් බවත්ය. එහෙත් දරුවාගේ පියා මේ පිළිබඳව තවදුරටත් සොයා බලමින් සිටින බවට ආරංචි පැතිර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්නේ හුඟක් ළමා අප්පොච්චිලා නොවැ.. හොයල බලලා බන්දලම දුන්නා නම් හරි !
"කොහොමද ටිකිරි මොලේ"
හොඳින් වැඩෙන දරුවෙක්... තමයි.