IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


එකගෙයි උන් පුතා මැරුණ අම්මාගේ තොරතුරු ඇහුවාම ගොළුවෙලා

  • කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න

මියගිය මවගේ තොරතුරු හදිසි මරණ පරීක්ෂක ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නොදත් අපූරු පුතකු පිළිබඳ පුවතක් ඉකුත්දා කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ දී අනාවරණය විය.

මියගොස් තිබුණේ රඹුක්කන පොලිස් වසමේ යටගම ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි දෙදරු මවකි.

මියගොස් ඇති මව වයස අවුරුදු 22දී ගාල්ල අටුගොඩ ප්‍රදේශයේ තරුණයකු සමග විවාහ වී එම ප්‍රදේශයේම පදිංචිව ඇත. ඇයගේ පිරිමි දරුවාට වයස අවුරුදු 7ක් හා ගැහැනු දරුවාට වයස අවුරුදු 2ක් පමණ වන අවස්ථාවේදී සැමියා අතහැර දමා යළි රඹුක්කන මව්පියන් පදිංචිව සිටින මහ ගෙදර නිවෙසට පැමිණ ඇති ඇය, කුලී වැඩ කරමින් දරුවන් දෙදෙනා ලොකු මහත් කළාය. පිරිමි දරුවා විවාහ වී මව සමග මහ ගෙදර නිවසේ ද, ගැහැනු දරුවා විවාහ වී පොල්ගහවෙල ප්‍රදේශයේ ද පදිංචිව සිටිති.

කාලයක සිට මියගොස් ඇති මවට විවිධ අසනීප ගණනාවක් හේතුවෙන් රඹුක්කන රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත. මෙම කාන්තාවගේ මාමා හදිසියේ මියයාම හේතුවෙන් කම්පාවෙන් සිට ඇති අතර, ඇය ඉකුත්දා රාත්‍රී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රඹුක්කන රෝහලටත්, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලටත් මාරු කර යවා සිටියදී මියගියාය.

එහිදී මව සමග දිවි ගෙවමින් සිටි 49 හැවිරිදි එකම පුතා අසල්වැසියන් කිහිප දෙනකු සමග රෝහලට පැමිණ සිටියේ දේහය බාරගැනීමටය.

හදිසි මරණ පරීක්ෂණයේදී එකට ජීවත්ව සිටි පුතුට මවගේ රෝගී තොරතුරු හා හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වය පිළිබඳ කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි විය. මේ පිළිබඳව කම්පාවට පත් වූ හදිසි මරණ පරීක්ෂකවරිය, පුතාට තරයේ අවවාද කළාය.

පියා නොමැතිව කුඩා කාලයේ සිට දරුවන් දෙදෙනා මව විසින් ලොකු මහත් කර ඇති බවත්, මව අසනීප තත්ත්වයට පත්වූ කාලයේ සිට සලකා බලා නොමැති බවත්, නිවසේ සිටි බිරිඳ ද (ලේලිය) මොකද කියා අසනීපව සිටි මවගෙන් අසා නොමැති බවට ඉදිරිපත් වූ කරුණුවලින් අනාවරණය වන බව ද, එකම පුතාට හදිසි මරණ පරීක්ෂකවරිය පැවසුවාය.

49 හැවිරිදි පුතා අසල්වැසියන් සමග ලබා දුන් තොරතුරු සටහන් කරගත් හදිසි මරණ පරීක්ෂකවරිය, පුතාට වඩා මවගේ තොරතුරු අසල්වැසියන් දන්නා බවත්, තමුන් අධිකරණයට ඉදිරිපත් කර මාස තුනක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කළ හැකි බවත් පුතුට දන්වා සිටියාය.

රඹුක්කන පොලිසිය විමර්ශන කටයුතු කළේය.



අදහස් (0)

එකගෙයි උන් පුතා මැරුණ අම්මාගේ තොරතුරු ඇහුවාම ගොළුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1900 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site