IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඌරු විනාශයේ පින්තූරයෙන් පුතාගේ කෙරුවාවත් හෙළිවෙලා

(තිහගොඩ උපසේන ලියනගම)

දකුණු පළාතේ රක්වාන කඳුවැටිය පෙනෙන මානයේ වූ ගමක ජීවත් වූ ඔහු සැබැවින්ම ගොවිතැනට දක්ෂයෙකි. ඔහු වගාකොට තිබූ මඤ්ඤොක්කා වගාවක් පසුගියදා මුළුමනින්ම විනාශකොට තිබුණේ ඌරු රංචුවකි. මෙය දුටු අසල්වැසියකු ඔහුට කිවේ මේ පිළිබඳව කෘෂිකර්ම නිලධාරියකු මගින් වන්දියක් ලබා ගන්නා ලෙසටයි. මේ විනාශය පෙන්වීමට එහි ඡායාරූපයක් ද රැගෙන යන ලෙස කීවත් ඔහු හඳුනන කැමරා ශිල්පියකු එහි නොවීය.

ගෙදරදී පොඩි පුතු කීවේ ලොකු අයියාගේ ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත හැකි බවය. අයියාට හොරෙන් දුරකතනය රැගෙන ගිය මල්ලී වැඬේ හරියට කර තිබූ නිසා පියා එය රැගෙන නගරයේ ඡායාරූප ශාලාවකට ගොස් ඡායාරූප ශිල්පියකුට එය බාර දුන්නේ කඩිනමින් අදාළ ඡායාරූප ලබාදෙන ලෙස පවසමිනි.

එය පරිගණකයට යොමු කළ විට මුලින්ම ඉස්මතුවූයේ ලොකු පුතා රූමත් ලලනාවක සමඟ කරන අඟන රැඟුම් කීපයකි. පියාට තරු පෙනිණ.

කට කොනෙන් සිනාසුණ ඡායාරූප ශිල්පියා මොහොතකට පසු ඌරු හානිය පෙන්වන ඡායාරූප කීපයක් ඔහුට ලබා දුන් පසු ගෙදර ගිය පියා ජංගම දුරකතනය පොඩි පුතාට ආපසු දුන්නේ ‘‘ඒ ඌරා කරපු දේට හපන් මේ ඌරා කරපු දේ’’ කියමින්ලූ.



අදහස් (5)

ඌරු විනාශයේ පින්තූරයෙන් පුතාගේ කෙරුවාවත් හෙළිවෙලා

රෝහණ ගාල්ලගේ Tuesday, 05 December 2017 12:25 PM

දකුණේ උදවියට ඕක සාමාන්යයි ඉතින්.

:       578       69

dasunWednesday, 06 December 2017 03:30 AM

රෝහණ කියන්නේ දකුණේ පරණ නමක්. ගාල්ලගේ නමත් දකුණට සම්බන්ධයි. ඒ නිසා වෙන්න ඇති රෝහණට ගානක් නැතුව ඇත්තේ.

:       1       24

chinkaFriday, 08 December 2017 01:22 AM

අනිත් පැති වල අය ඔයා වගේ ද?

:       2       2

සුනිල් ගීකියනගේ Saturday, 09 December 2017 07:21 AM

ලංකාවේ වෘත්තිකයෝ නැහැ. ෆෝන් හදන අය ඡායාරූප මුද්‍ර‍ණය කරන අය තමන්ගේ වෘත්තිය පිළිබඳ ගෞරවයක් ඇතිව වෘත්තීය භාවයෙන් කටයුතු කරනවා නම් අනුන්ගේ ෆෝන් එකක තිබෙන අදාල නොවන දේ නරඹන්නේ නැහැ. පින්තූරයක් ප්‍රින්ට් කරන්න කිව්වා නම් එම වැඩ විතරයි කරන්නේ. අනේ අනෙක් කාරණේ තමන්ගේ ෆෝන් එකේ රහසිගත දත්ත තිබේ නම් එය අන් අයෙකුට දීමට පෙර ඒවා ඉවත් කිරීම වැදගත්. එසේම රහසිගත දත්ත තිබෙන ෆෝන් එකක් අක්‍රීය වුණොත් හදන්න දෙන එක අනතුරු දායකයි. ෆෝන් හදන කෙනා මුලින්ම බලන්නේ අසභ්‍ය පින්තුර තිබෙනවාද කියලයි. එම නිසා රහසිගත දත්ත සැම විටම මෙමරි කාඩ් එකක තබා ගැනීම වැදගත්. සැකයක් තිබේ නම් ෆෝන් එක පැක්ටරි ඩිපොල්ට් කරාම සියල්ල මැකෙනවා..

:       26       117

අචලා Tuesday, 26 December 2017 01:47 PM

දැන් කොල්ලට මොකද වුනේ ඊට පස්සේ?

:       28       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site