IMG-LOGO

උපහාර උළෙලේ පුරෝගාමි ආදි සිසුවෙක් විශ්‍රාම යන ගුරුපියාට පිරිනැමූ තෑග්ගකට විදලා

 (කරන්දෙණිය එම් . සුසිල් ප්‍රියන්ත)
විශ්‍රාම උත්සවයදා විශ්‍රාම ගිය විදුහල්පතිට ආදි ශිෂ්‍යයන් උපහාර පිණිස දුන් මුදල් ත්‍යාග කවරය එය සංවිධානය කළ ආදි සිසුවාගේ සාක්කුවෙන් මතුවූ පුවතක් දකුණේ විදුහලකින් වාර්තාවේ.


විදුහලට පැහැදිලිවම වැඩක් කළ විදුහල්පතිවරයෙකි. ඔහු කළ සේවය ගැන පාසල පිහිටි ගම පමණක් නොව අල්ලපු ගම්වලත් කතා බහට බඳුන් වූවේය. මේ නිසාම ගුරු දෙගුරුන් පමණක් නොව ආදි සිසුන්ද මේ විදුහල්පතිවරයා ගැන සිටියේ ලොකු පැහැදීමකිනි.


වයස හැට පැන්න ඔහුට විශ්‍රාම යාමට සිදුවූයේ රාජ්‍ය චක්‍රලේඛ අනුවය. විදුහලට වැඩක් කළ මේ විදුහල්පතිවරයා විශ්‍රාම යාම නිමිත්තෙන් විදුහල් ආදි සිසු කණ්ඩායමක් විසින් උත්සවයක්ද  සංවිධානය කරන ලදි. ඔහුට උපහාර පිණිස මුදල් ත්‍යාගයක්ද ලබාදීමටද කටයුතු යොදා තිබිණ. ඒ සඳහා අවැසි මුදල් ආදි සිසුන් විසින් තම තමන්ට හැකි අයුරින් ලබාදෙන ලදි. මුදල රුපියල් ලක්ෂයක් දක්වා එකතුවී තිබිණ. විදුහල් ගුරු දෙගුරුන්ද මේ විදුහල්පතිවරයාගේ විශ්‍රාම යාම නිමිත්තෙන් විවිධ තෑගි බෝගද සූදානම් කොට තිබිණ. සමරු තිළිණද ඒ අතර විය.


විදුහල්පති විශ්‍රාම යාමේ උත්සවය විදුහල් ප්‍රධාන ශාලාවේදි පැවැත්විණි. විදුහල්පති ගුණ ගායනාව උත්සවයේ ප්‍රධාන තැනක් ගත්තේය. ඉන් අනතුරුව පැවතියේ විශ්‍රාම ගිය විදුහල්පතිවරයාට උපහාර තිළිණ ප්‍රදානය කිරීමය. ලැබෙන ලැබෙන උපහාර තිළිණ විදුහල්පතිවරයා උත්සව මේසය මත එකින් එකම තැබුවේය. ආදි සිසුන් ලබාදුන් මුදල් ත්‍යාගයද ඔහු එම මේසය මතම තැබූවේය. ඒ සමගම විශ්‍රාම උත්සවය නිමාවට පත්විය.


මේ උත්සවය පැවති ශාලාවට යාබදව සකසා තිබූ තේ මේසයට විශ්‍රාමික විදුහල්පතිවරයා ගියේ තමාට උපහාර පිණිස ලැබුණු දෑ සියල්ලම උත්සව මේසය මතම තබාය. මුදල් ත්‍යාග ලියුම් කවරයද එහි විය.


තේ පානයෙන් පසුව විශ්‍රාමික විදුහල්පතිවරයා තමාට උපහාර පිණිස මේසය මත තබාගිය දෑ සිය නිවසට රැගෙන යාමට සූදානම්වූවේය. එහි තමාට ලැබුණු මුදල් ත්‍යාග කවරය හේ නොදුටුවේය. මේ පිළිබඳව ඔහු වත්මන් විදුහල්පතිගේ කණට කොඳුරා  කීවේය. වහාම ක්‍රියාත්මකවූ වත්මන් විදුහල්පතිවරයා කාටවත්ම නොකියා උත්සවය පවත්වාගෙන ගිය ශාලාවේ සී.සී.ටී.වී දර්ශන නැරඹුවේය. එහිදී ඔහුට දැකගන්නට ලැබුණේ මේ උත්සවය සංවිධානය කරන්න වෙහෙස මහන්සිවූ කණ්ඩායමේ එක් ආදි ශිෂ්‍යයකු මේ මුදල් කවරය ඔහුගේ කලිසම් සාක්කුවට දමා ගන්නා බවය.


මේ අවස්ථාවේදී ඉතා බුද්ධිමත්ව කටයුතු කල වත්මන් විදුහල්පතිවරයා ඒ වනවිටත්  විදුහලේ සිටි මේ ආදි ශිෂ්‍යයා කාටවත් නොදැනෙනෙ සේ තමා වෙතට ගෙන්වා පුතා ඔයගොල්ලන්ගේ විදුහල්පතිවරයාට දෙන්න ඔයගොල්ලෝ එකතු කළ මුදල් ලිපි කවරය ඔයා කවුරු හරි අරගනීවී කියලා පරිස්සම් කරන්න ඔයා කලිසම් සාක්කුවේ දාගත්තා කියලා ආරංචිවුණා ඒක දැන් දෙන්න කියලා කිව්වේය. හා ඔව් ඔව් සර් මම ඒක පරිස්සම් කරන්න කියලා ගත්තා මෙන්න ඒක කියමින් මෙතෙක් වෙලා කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටි මුදල් කවරය විදුහල්පතිවරයා අත තබා එතනින් ලිස්සා ගියේය. තමාට ලැබුණු මේ මුදල් කවරය වත්මන් විදුහල්පතිවරයා විශ්‍රාම විදුහල්පතිවරයාගේ අතට පත් කළේ එය තිබුණේ කා ලඟදැයි හෙළි නොකරමය.



අදහස් (1)

උපහාර උළෙලේ පුරෝගාමි ආදි සිසුවෙක් විශ්‍රාම යන ගුරුපියාට පිරිනැමූ තෑග්ගකට විදලා

Dhambarage Thursday, 01 April 2021 06:16 AM

වර්තමාන විදුහල්පති බොහෝ අගය කළ යුතු ඇත්තම මහත්මයෙකි. පෘතග්ජන පුද්ගලයෙකු අභිබවා යන ඉවසීම සහ තවකෙනෙකු අපහසුතාවයට පත් නොකිරීම ඉතා අගය කළ යුතු තත්වයකි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 81 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site