IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


උපාසකගේ අනග රැගුම මාට්ටු වී කොස්ස කැඩෙනකම් ගුටි දීලා

වෙසක් උත්සවය නිමිත්තෙන් මරණයට කැපවූ ගවයකුට අභයදානය දීමට මුදල් ආධාර එකතු කිරීමට ගිය උපාසක මහතකු යාබද නිවසකට රිංගා කාන්තාවක සමග අනගරැඟුම් පාමින් සිටියදී බිරියට හසුවීමෙන් පසුව ගවයාට තණකොළ කැපීමට ආ බව කියා කොස්සක් කැඩෙනතෙක් ගුටි පූජාවක් භුක්ති විඳීමේ පුවතක් බදුල්ලට ආසන්න නගරයකින් වාර්තා වේ.
ඔහු මැදිවියේ පසුවෙන අයෙකි. ගමේ සමිති සමාගම්වල නිලතල හොබවමින් පොදු වැඩකටයුතුවල ඉතා ඕනෑකමින් වගකීමෙන් කටයුතු කරන මෙම උපාසක මහතා  ගමේ කාගෙත් හොඳ හිතා දිනාගෙන සිටියේය.
වෙසක් උත්සවය නිමිත්තෙන් මෙවර ගමේ සමිතිය මරණයට කැප වූ ගවයකුට අභයදානය දීමට තීන්දු තීරණ ගත්තේය. ඒ අනුව මෙම උපාසක මහතාට ද මුදල් ආධාර එකතු කිරීමට ආධාර පත්‍රයක් ලැබිණි. 


ඔහු එය කරට අරන් වගකීමෙන් කටයුතු කරමින් මරණයට කැප වූ ගවයා අභය දානයෙන් මුදවා ගැනීමට මුදල් ආධාර එකතු කරමින් ගම වටේ යන්නට විය.
මේ අතර යාබද නිවසේ තනිව වෙසෙන කාන්තාවක උදෑසනම ‘අයියා මම කොළකැඳ හැදුවා මෙන්න අයියාත් බොන්න’ කියා කොළකැඳ කෝප්පයක් රැගෙන  නිවසට ගොඩවී යන අයුරු උපාසක මහතාගේ බිරිය ජනෙල් කවුළුවෙන්  හොරෙන් බලා සිටියාය.
කොළකැඳ කෝප්පය බී සප්පායම් වූ උපාසක මහතා ‘නෝනේ මම මේ හරකා බේරා ගන්න සල්ලි එකතු කරන්න යනවා’ කියා නිවසින් පිටි වී ගියේය.
බිරියත් කිසිත් නොකියා නිශ්ශබ්ද ව සිටියේ සැමියාගේ හොර අල්ලා ගැනීමට මාන බලමිනි.
ගවයා අභය දානයෙන් බේරා ගැනීමේ ආධාර පත්‍රයත් අතැතිව කාටත් හොරා උපාසක මහතා යාබද නිවසට රිංගා ගත්තේය. දැන් දෙදෙනා සුරසැප ලෝකයේය.
මේ අතර ආධාර මුදල් එකතු කිරීමට ගිය සැමියා ප්‍රමාද හෙයින් බිරියට සැකසිතී ඇය යාබද නිවසට ගොස් හොර රහසේ දොර කවුළුවකින් බැලීමේ දී උපාසක සැමියා අනගරැඟුමේ සිටින අයුරු දැක මරු විකලෙන් කොස්සක් රැගෙන ගොස් කොස්ස කැඩෙනතෙක් පහර දෙන්නට වූ අතර අනේ නෝනේ මම මේ හරකට කන්න දෙන්න තණකොළ ටිකක් කපන්න ආවා යැයි කියා නිවසින් පලා ගියේ අවට උදවිය ද සිනාවට පත් කරමිනි.
ඇල්ල   ප්‍රසාද් රුක්මල්

 



අදහස් (1)

උපාසකගේ අනග රැගුම මාට්ටු වී කොස්ස කැඩෙනකම් ගුටි දීලා

vernon Wednesday, 14 May 2025 01:32 PM

මේ කතාව පරස්පරයිනේ. ඔය සැමියා හොරෙන් අල්ලපු ගෙදරට වෙලා ඉන්නවා බිරිඳ දැක්කේ දොර කවුළුවකින්ලු... එතකොට ඒ බිරිඳ ජනේලෙන් දැක්කා නම් ඒ කියන්නේ දොර වහලා තියෙන්න ඕනෑ. එතකොට බිරිඳ කොහොමද කොස්සක් අරගෙන ගහන්න එන්නේ? ජනේලෙන් පැනලද? දොර ඇරලා තිබිලා ඇතුළට ගියා කියමු. එතකොට ආධාර එකතු කරන්න ගිය අය ආධාර එකතු කරලා තියෙන්නේ අල්ලපු ගෙදර වටේද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1902 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 532 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site