IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


‘උපාසක වෙදාගේ’ අනඟ රැඟුම ගම පුරා පැතිරිලා

මහත් සීලාචාරකමක් ගමට පෙන්වමින් ජීවත් වූ වෙද මහත්මයකු හොර රහසේ තහනම් ගසක ගෙඩි කෑමට ගොස් මුහුණ පෑමට සිදුවූ අනපේක්ෂිත අකරතැබ්බයක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


සුන්දරත්වය සපිරි ගැමි පරිසරයක ලක්ෂණ අඩුවක් නොමැති ගම්බද මෙම ප්‍රදේශයට නගරයේ ජීවත් වූවා යැයි කියන පවුලක් වසරකට පමණ පෙර පදිංචියට පැමිණයේය. පවුලේ සැමියා සිහින් සිරුරකට උරුමකම් කියන ඔතෑනි පුද්ගලයකු වන අතර බිරිඳ හැඩිදැඩි සිරුරක් ඇති කටකාර තැනැත්තියකි. එම කාන්තාව ප්‍රමාණය ඉක්මවා කයිවාරු සහ පම්පෝරි ඇද බෑමේ පරතෙරට පැමිණි තැනැත්තියක වීම නිසා ඇය ගමේ ජනතාව අතර ප්‍රසිද්ධ චරිතයක් වූවාය.


කාන්තාව දිනපතා දරුවන් දෙදෙනා පාසල් රැගෙන යාම සිදු කළ බස් නැවතුම අසල සිංහල බෙහෙත් බඩු වෙළෙඳ සලක් ඇති අතර ඇය නිතර නිතර එම වෙළෙඳසලට යාම පුරුද්දක් කරගත්තාය. වෙළෙද සැලේ වාසය කරනු ලබන්නේ ද වෙද මහත්තයා පමණක් වන අතර කාලය ගතවෙද් දී කාන්තාවන්ට දැඩි ඇළුම්කමක් දැක් වූ වෙද මහත්තයා සැමියා නොමැති අවස්ථාවල කාන්තාවගේ නිවසට යාම ඒම සාමාන්‍ය සිරිතක් බවට පත්කර ගත්තේය.


ළමයින් පාසල් ගිය පසු දිනක් වෙදමහත්තයා කාන්තාවගේ නිවසට කැළෑබද මාර්ගයෙන් පැමිණියේය. දෙදෙනා අනියම් පෙම්සුව විඳිමින් සිටින අවස්ථාවේදී කඨින පිංකමට ආධාර එකතු කිරීමට ගමේ තරුණයන් පිරිසක් එම නිවසට පැමිණ ඇති අතර කිසිවකු පෙනෙන්ට නොසිටීම නිසා නිවසේ සිටින්නේ කවුදැයි ඔවුන් ප්‍රශ්න කර තිබේ. කාන්තාව නිවසේ ජනේලයෙන් එබී බලන විට එළියේ සිටි පිරිස දැකීමෙන් කලබලයට පත්වූවාය. නිවසේ සිටි වෙදමහත්තයා තරුණයින් පැමිණ ඇත්තේ තමන් අල්ලා  ගැනීමට යැයි බියවී නිවසේ තිබු සරමක් ද පොරවාගෙන කාන්තාව ද ඉවතට තල්ලු‍ කරමින් දිව ගියේය.


කැලෑබද මාර්ගයෙන් දිව යද්දී වෙද මහත්තයා සරම පැටලී ඇද වැටුනේය. තරුණයෝ පිරිස සිදු වූයේ කුමක්දැයි සිතාගත නොහැකිව තූස්නිම්භූතව බලා සිටියහ. සරම පැටලී ඇද වැටීමෙන් වෙද මහත්තයාගේ කකුල බිඳී සති කිහිපයක් එක්තැන්ව සිටියේය. ළිඳ ළඟ වැටි කකුල පෙරළුණා යැයි වෙද මහත්තයාගේ සුව දුක් විමසීමට පැමිණෙන අයට පවසමින් ඔහු සිද්ධිය වසන් කර ගැනීමට කොතකුත් උත්සාහ කළද තරුණයන් පිරිසගෙන් සිද්ධිය පිළිබද කතාව ගම පුරා පැතිර ගියේය. ඇද වැටුණු ළිඳ පිළිබඳව ගමේ තරුණයන් විමසන විට  වෙද මහත්තයා ලූණූ ඇඹුල් ඇතිව තරුණයන්ට පිළිතුරු දෙන බවද සැලය.

හක්මන විශේෂ දෙනගම යසන්ත ආරියසේන

 



අදහස් (0)

‘උපාසක වෙදාගේ’ අනඟ රැඟුම ගම පුරා පැතිරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site