(ගල්ගමුව - නිහාල් ජයවීර)
උපන්දින සාදයකට ඇරැයුම් ලැබ පැමිණි මිතුරන් දෙදෙනකු ඇරැයුම් කළ මිතුරාගේ ජංගම දුරකතනය සොරාගෙන යාමේ සිද්ධියක් ගල්ගමුව පොලිසියෙන් වාර්තා වෙයි.
සිද්ධියට මුහුණ දුන් තැනැත්තා ආරක්‍ෂක අංශයක සේවය කොට විශ්‍රාම ලැබ සිටින්නෙකි. ඔහුගේ හතළිස් හත්වැනි උපන්දිනය පසුගිය දිනක යෙදී තිබුණි. පවතින වසංගත තත්ත්වය නිසා වැඩි පිරිසක් සම්බන්ධ කරගෙන උපන්දින සාදයක් පැවැත්වීමට නොහැකි නිසා ඔහු සිය ගජ මිතුරන් දෙදෙනා සමඟ උපන්දිනය සැමරීමට තීරණය කළේය.
උපන්දිනය දා උදේ ඔහු ගජ මිතුරන් දෙදෙනාට සිය නිවසට පැමිණෙන ලෙස ආරාධනා කළේය. මිතුරෝ දෙදෙනා ද කල් යල් බලා ඔහුගේ නිවසට ගියහ. උපන්දින සාදය පුංචි වුවත් මධුවිත තොල ගෑමට අවශ්‍ය කටගැස්ම හා මධුවිත නොඅඩුව සපයා තිබිණ.
තිදෙනා රටතොට තොරතුරු, තම තමන්ගේ ළමා කාලය මෙන්ම දේශපාලන විශ්ලේෂණ ද කරමින් මධුවිත තොලගාන්නට වූහ.
සාදය සූදානම් කළ මිතුරාගේ පදම ඉක්මවා ගොස් ඇත්තේ පැය දෙක තුනක් ගත වූ විටය. පසුව ගජ මිතුරන් දෙදෙනා ඔහුට සමු දී නිවෙස්වලට ගොස් තිබේ. රාත්‍රී දහයට පමණ අවදි වී බලනවිට සිය ජංගම දුරකතනය නොමැති බව උපන්දිනය සැමරූ තැනැත්තාට දැනගැනීමට ලැබී තිබේ. මිතුරන් සමඟ සිටි ස්ථානයට ගොස් සොයා බැලුව ද එහි ද දුරකතනය තිබී නැත. පසු දින මිතුරන්ගෙන් විමසුව ද හෝඩුවාවක් දැන ගැනීමට ලැබී නැත.
කෙසේ වෙතත් ඔහු මේ ගැන ගල්ගමුව පොලිසියට පැමිණිලි කොට තිබේ. ඒ අනුව පරීක්‍ෂණ පැවැත්වූ පොලිසියට රුපියල් 14,500ක් වටිනා එම ජංගම දුරකතනය ගල්ගමුව නගරයේ වෙළෙඳසලකට රුපියල් 6,000ක මුදලකට ගජ මිතුරන් දෙදෙනා විසින් විකුණා ඇති බව අනාවරණය කරගැනීමට හැකිව තිබේ. ඒ අනුව ගජ මිතුරන් දෙදෙනා හා ජංගම දුරකතනය අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කොට තිබේ.
ගල්ගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක දිසානායක මහතා ඇතුළු පිරිසක් පරීක්‍ෂණ පැවැත්වූහ.
2025 ඔක්තෝබර් මස 08
1806
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1473
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
උපන්දින සාදයට පැමිණි ගජ මිතුරන්ගෙන් අපූරු උපන් දින තෑග්ගත්