IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


උපාධි ඡායාරූපයේ සන්නස වෙනුවට කුඩයක්

පසුගිය දා පැවති උපාධි ප‍්‍රදානෝත්සවයකදී උපාධි සහතිකය ගත් එක්තරා තරුණියක් අනෙක් සිසු-සිසුවියන් මෙන්ම එම අවස්ථාවේදී  සිය ඡුායාරූප සිිිහිවටන ලෙස ලබා ගත්තාය. නමුත් අදාළ සන්නස සමග උපාධි ඇඳුමින් සැරසී තනි ඡුායාරූපයක් ගැනීමට ඇයට අවස්ථාව නොලැබුණි.

මෙම අඩුව පුරවාගැනීම සඳහා, නිවෙසට එන අතරමගදි ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ ඡුායාරූප ශාලාවකට ගියාය. නමුත් උපාධි ඇඳුම ඇතත් අදාළ සන්නස නොමැති වීම බලවත් ගැටලූවක් විය.

‘‘ආ ඒක ගැටලූවක් නෑ.. අපිට පුළුවන් කොම්පියුටරයෙන් ඒක ඩිසයින් කරලා දෙන්න.’’ ඒ අනුව ඡුායාරූප ශිල්පියාගේ උපදෙස් මත බෑගයෙන් එළියට ගත් නවා රෝල් කරන ලද වවුලා කුඩය අතට ගෙන ඡුායාරූපයට පෙනී සිටියේ, පසුව පරිගණක තාක්‍ෂණය මගින් එය ඉවත් කර අදාළ සන්නස බද්ධ කිරීම අරමුණ ඇතිවය.

‘‘හරි සතියකින් විතර එන්නකෝ මම හොඳට වැඬේ කරල තියන්නම්.’’

ඒ වෙනුවෙන්ම යාමට නොහැකි බැවින් අදාළ ඡුායාරූපය රැුගෙන ඒමට ප‍්‍රමාද වූවේය. කෙසේ නමුත් වෙනත් අවශ්‍යතා කිහිපයකටද ඇඹිලිපිිටිය නගරයට ගිය ඇය කඩිනමින් එම ඡුායාරූප ශාලාවට ගොස් එය රැුගෙන ආවේ තම ගමට යන බසය ගමන ආරම්භ කිරීමට සූදානමින් සිටි නිසාය.

ඇය නිවෙසට යන විට අසල්වැසි යෙහෙළියන් කිහිප දෙනෙකුද නිවසට විත් තිබුණි.

‘‘ආනේ අදද උපාධි පින්තූරෙ ගෙනාවෙ ඇයට පළමුව එම ඡුායාරූපය විවර කර බැලූවේ මිතුරියන්ය.

‘‘ඈ.... බං උඹට සන්නස් පත‍්‍රය දුන්නෙ කුඩයක ඔතලද?’’ මිතුරියන් මවිතයට පත්ව විමසද්දී ඇයට තරු පෙනුණේ, ඡුායාරූප ශිල්පියාට අදාළ කුඩය ඉවත් කර සන්නස යෙදීමට අමතක වී තිබූ බව දැකීමෙනි.



අදහස් (0)

උපාධි ඡායාරූපයේ සන්නස වෙනුවට කුඩයක්

සම්පත් Friday, 20 June 2014 04:15 PM

ඇයි එයාට තනි ඡායාරූපයක් දීලා නැද්ද? හරිම අපරාධයක්නේ (නි)

:       0       0

පහන්දී Friday, 20 June 2014 10:48 AM

ඉතින් ඒකේ වැරැද්ද ඡායාරූප ශිල්පියා අත නේද..? පව් ඒ ළමය මොනතරම් ලැජ්ජාවට පත් වෙන්න ඇද්ද....? (ස)

:       0       0

තිලක් Friday, 20 June 2014 10:58 AM

වහ කාල කැලේ රිංගන්න ඕනේ වැඩක්වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

රුවන් Saturday, 21 June 2014 02:40 AM

මෙයවෙන්න බැරිදෙයක් මමත් උපාධිධාරියෙක්. සන්නස සෑම කෙනෙකුටම දෙනවා. සහතිකය පසුව දෙන්නේ. අනෙක උපාධිඇඳුම නිවසට ගෙනයන්න දෙන්නේනැහැ. එය නැවත එවලේම ලබාගන්නවා. තවද ඡායාරුප ශිල්පීන් එතනට වෙලා සිටින්නේ කාක්කො වගේ. (නදී)

:       0       0

සුසන්ත Saturday, 21 June 2014 03:50 AM

තිලක් නම් මෙලහකට වහත් කාලා (නදී)

:       0       0

කුමාරි Tuesday, 24 June 2014 12:26 PM

ඕකනේ කියන්නේ හදිස්සි වෙනකොට කොරොස් කටෙත් අත දාන්න බැහැ කියලා. (ස)

:       0       0

කුරුප්පු Sunday, 22 June 2014 11:09 PM

අනේ පවු! (නි)

:       0       0

විරාජ් ඒකනායක Friday, 20 June 2014 11:58 AM

කරුණාකරලා ජායාරූප ශාලාවේ නම දාන්නකෝ (නදී)

:       0       0

නිල්මිණි Friday, 20 June 2014 12:41 PM

ඔය පින්තුරේ දාන්න බැරිද ? (නදී)

:       0       0

සමන්ති Sunday, 22 June 2014 06:15 AM

කොළඹ නම් සන්නස වගේ පෙනෙන කඩදාසි බම්බු සහ උපාදී ලෝගු බොහෝ ස්ටුඩියෝ වල තියෙනවා. .ඕනෑම කෙනෙකුට "ආචාර්ය " උපාදී පින්තුරයක් උනත් ගතහැකි යි. උපාදි සහතිකය "කිරිටොපි" හදන කෙනෙකුටත් දෙනවා කිරිටොපි ආචාර්ය උපාදී සහතිකය. වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට යන්න ඕන නැහැ.(නදී)

:       0       0

තේජාන්විත Friday, 20 June 2014 01:39 PM

මෙය හුදෙක් හස්‍යාත්මක වින්දනයක් සදහා ගෙතූ කතාවක් විතරයි. ජංගම දුරකථන වල පවා ඇති නවීන කැමරා තියන යුගයක මෙහෙම දේවල් වෙන්නේ කොහොමද ? පින්තුරයක් ගන්න තකහනියක්ම ජයාරූප ශාලාවට යාම. (ස)

:       0       0

ඉසුරන්දි Sunday, 22 June 2014 06:38 PM

දෙයක් පසු විපරමකින් තොරව ආවාට ගියාට කරද්දී ඔහොම වෙනවා. පොඩ්ඩක් ඒ මොහොතේ අඩුපාඩු මොනාද තියෙන්නේ කියලා බැලුව නම් ඔහොම අකරතැබ්බයකට මහුණ පාන්න වෙන්නේ නැහැනේ. උගත්කම තිබ්බටම මදි. තැනේ හැටියට ඒක හසුරුවන්නත් දැනගන්න ඕනේ.(නදී)

:       0       0

පද්මේ Friday, 20 June 2014 02:19 PM

ඇත්තටම උපාධියක් තියෙනවද කියල බලන්න වෙනවා.ෆොටෝ එක හරියට තියෙනවද කියල බලලා නෙවෙයිද ගෙනිච්චේ. (ස)

:       0       0

චමත් Friday, 20 June 2014 02:28 PM

වවුලා කුඩ කඩේ විකුණන්න තියෙනවද ? (ස)

:       0       0

චාන්දනී Friday, 20 June 2014 02:50 PM

මේක හරි පුදුමයිනේ. සාමාන්‍යයෙන් උපාධිදාරින්ට තනි ඡායාරූපයක් ගන්න ලැබෙනවානේ. මෙහෙම වුනේ කොයි සරසවියේ උපාධි උත්සවයේද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 620 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site