කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
මහ රෑ මහමගදී හමුවූ සුදු නංගිට උදව් කරන්න ගොස් අලි අමාරුවක වැටුණ කළු අයියා කෙනෙකු පිළිබඳව අපූරු කතාවක් රෑ කඩවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
එම නගරයෙන් බැස නිවසට යෑමට ගිය තරුණියක ඔහුට දක්නට ලැබිණ.
ඇයට කිට්ටු වෙත්ම ඇය ළගින් ආ සුවඳට ඔහුගේ නාසය පමණක් නොව සිත ද ඇදී ගියේය. ‘මොකද නංගී මෙතන තනියම’ ඔහු ඇසුවේ නිකමට මෙන්ය. ‘අනේ අයියේ මම අපේ අයියා එනකම් ඉන්නේ’ . ‘ඇයි ඉතිං ඔයා කෝල් කරේ නැද්ද’. ‘මගේ ෆෝන් එකේ සල්ලි ඉවරයි. හැබැයි එයා මෙතනට එනවා කිව්වා. මම ඒකයි බලන් ඉන්නේ’.
‘ඔයා වගේ ළමයෙක් මෙහෙම මෙතන ඉන්න එක හොඳ නැහැනේ’ යයි කියමින් මේ කළු අයියා තමාගේ ෆෝන් එක ගත්තේය. ‘කියන්න සුදු නංගි නොම්මරේ’ ඔහු කී විට මේ තරුණිය ඔහුගේ ඇගේ ගෑවෙන තරමටම ළංවී ඔහුට දුරකතන අංකයක් කීවාය. එය වැඩ නොකරන නොම්මරයකි. අවස්ථා කිහිපයක්ම ඔහු උත්සාහ කළේය.
මේ අස්සේ සුදු නංගීගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආවේය. ‘වැඩේ හරිද’ ඇයගෙන් කෙනෙක් ඇසුවේය. ‘වැඩේ හරි ඉක්මනටම එන්න’ යයි ඇය කීවාය. ඒ සමගම තරුණයකු ආ යතුරු පැදියේ නැගී ඇය ගියේ ‘යන්නම් අයියේ බායි’ කියමිනි.
ඔහුගේ සිත මේ නංගී ළඟය. ඔහු කඩේකට ගොඩවූවේ නිවසේ දියණියට චොකලට් එකක් ගැනීමටය. බස් රථයෙන් පරිස්සමට ගෙන ආ මුදල් පසුම්බිය නැති බව දැනුණු විට සුදු නංගී ගැන මතකයට ආවේ ඉබේටම ලු.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උදව්වට ගිහින් අමාරුවේ වැටිලා