වෙරළබඩ ගමකි. නැති බැරි පවුලක වැඩිහිටි පියකුගේ අවමඟුල සඳහා සහාය දීමට පසුගියදා තරුණ පිරිසක් නිවසට එක්ව සිටියහ. මේ ආරංචිය ලද පළාත් සභා අපේක්ෂකයකු මෙහි ආවේ කළ හැකි උදව්වක් කිරීමටය. තරුණ පිරිස ඊට කැමැත්තක් නොදැක්වුවත් ගෙහිමියන්ගේ ඉල්ලීම පරිදි සැරසිලි කටයුතු ඔහුට භාරවිය.
ඒ වැඬේ සගයන්ට පවරා අපේක්ෂක ඉවත්ව ගිය අතර අපේක්ෂක ආධාරකරුවෝ තරුණයන් සමග හිතවත් වී සීතල හා උණුසුම් සංග‍්‍රහ මැද අවමඟුල් පෙරහරේ මහමග සැරසූහ.
අවසානයේදී අපේක්ෂකට සහාය පිණිස ඔහුගේ ඡුායාරූපය සහිත දැන්වීම් ටිකක්ද ගමපුරා අලවන ලෙස ඔවුන්ට දී ආධාරකරුවන් සමුගත්තේ මැදියම් රාති‍්‍රයේය.
පසුදා උදෑසනම ප‍්‍රධාන ආධාරකරුට හිතවතකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. ඒ අනුව මළ ගෙදරට යළි ගිය ඔහුට දෙවියන් සිහිවූයේ අවමඟුල් පෙරහැරේ ඇද තිබූ සුදු කොඩි වැල් අතර තැනින් තැන තම අපේක්ෂකයාගේ ඡුායාරූපයද එල්ලා ඇති බව දැකීමෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මුස්පේන්තු ඡන්ද සටන හැම දෙයියෝ සාක්කි එකකටම රිංගලා.(නදී)
අපේක්ෂකයාට අනිච්චා වත සංඛාරා! (නදී)
සමන්ති අනේ ඔයා යන්න පව් නොදී.(නදී)
අනිච්චාවත සංකාරා කියලා යටින් ලියන්න තිබුනේ.(නදී)
මේක වෙන්න ඇත්තේ රත්ගම, මොකද මමත් ගියා එහේ මළ ගෙදරක ඔහොම සුදු කොඩි වැල් අතර තැනින් තැන අපේක්ෂකයෙකුගේ ඡායාරූප අලවා තිබුනා දැක්කා. ඇත්තටම මගේ අවුරුදු 7 පොඩි පුතා මට පෙන්නුවේ! (නදී)
වෙලාවක් කලාවක් නැහැ තැනක් නොතැනක් නැහැ අනේ මන්දා (දී)
තැනේ විදිහට වැඩකරන්න ඕනා. එහෙම නොඋනොත් ඕවා වෙනවා.(නදී)
වෙලාවට මේ කාලේ වෙසක් කාලෙක වගේ උනානම් තමයි වැඩේ.(නධී)
නිවන් සුව ලැබේවා! ඒකත් නරකම නැහැ.(දිල්)
කවුරුත් අහල ඇතිනේ රජ කෙනෙක් තමන්ගේ ආරක්ෂාවට,ආදරේට වදුරෙක් ඇති කලාලු.දවසක් මහන්සි දැනිල වදුරා උකුලේ රජ සැතපුනාලු. රජාගේ ඇගේ වහපු මැස්ස ගැන කිපී රජ කඩුවෙන් මැස්සට පහර දුන්නම රජ දෙකඩ උනාලු. ඒ වගේ මේ මන්ත්‍රීටත් නිවන් සුව පතමු. අසේව නාච බාලානම් පන්ඩිතානන්ච සේවනා කිවේ ඒකයි.(නදී)
සමන්ති - මගේ නම දාල ලියන අය කලින් හිටියා. සමදාරා අක්කා ඉන්නකොට ඔක්කොම එයාට බැන්නා, දැන් ගියාට පස්සේ තමයි පාලුව තේරෙන්නේ. අනේ අක්කේ ඉන්න තැනකින් ඉන්න අපිට අනුකම්පා කරලා. (ස)
සමන්තිට එහෙම තීරණය කරන්න කිසිම අයිතියක් නැහැනේද.අපේ කතෘ තුමා ඇරෙන්න.මෙතන ප්‍රශ්න ඇති උනේ චන්දි,රුපවති අක්කලාගෙන් නෙමේ එයාලගේ නම් පාවිච්චි කරමින් වැරදි අදහස් දමපු අය තමයි එයාලව අපහසුතාවයට පත් කලේ.ඔයත් කාන්තාවක් වෙලා තවත් කාන්තාවකට ඇගිල්ල දික් කරන්න කලින් ඇත්ත තේරුම් ගන්න.මොකද එක ඇගිල්ලක් අනුන්ට දික් කරද්දී ඇගිලි හතරක් තමාගේ පැත්තට දික් වෙන නිසා.(දී)
ඡන්ද උණුසුමට මිනිස්සුන්ට තැන නොතැන ගැන සිහියක් නැහැ. (නි)
සමහර අදහසුත් මුස්පේතුතු ගතියක් තියනවා වගේ. කාන්තාවන් විදිහට සංවරව අදහස් ප්‍රේක්ෂ කල යුතුයි. මම දීර්ග කාලයක සිට සියලුදෙනාගේ අදහස් කියවනවා පහුගිය කාලයේ තිබුන හැල හැප්පීම් මාධ්‍යකට සුදුසු නැහැ නමුත් දැන් මේ අදහස් වල තත්වය සතුටුදායකයි. එදා මේ තීරුවේ ප්‍රශ්න ඇතිකළ කාන්තාවක් තවත් අදහස් දමනවා ඇයත් නිහඩ උනානම් වටිනවා මෙතන අපවිත්‍ර නොකර. එවැනි කාන්තාවන් කාන්තා අපටත් අවනම්බුවක්.(නදී)
අක්කේ අපිට සමා වෙන්න ඔයා ඉස්සර ලියපු විදිහට ලියන්න. මේකේ ලියපු අර නෝනව ඔයා හැම විටම විවේචනේ කලේ එයාගේ ලොකු කතා නිසා කියල මම දන්නවා. අපි නැවත ලියමු ඔයත් මමත් එක නැට්ටේ ගෙඩි දෙකක් වගේ.(නදී)
සමන්ති, නොදැන කෙනෙකුට දොස් කියන්න එපා. මම එදත් අදත් මෙතන වැරද්දක් කලේ නැහැ. වෙන අයගේ නම් වලින් ලියන අය ඉන්නවා. මාධ්‍ය කියන්නේ මොකක්ද කියල මමත් දන්නවා සමන්ති...!!! (ස)
අසේව නාච බාලානම් කියන්නේ මන්ත්‍රීලා ආශ්‍රය කරන්න එපා කියලා.(නදී)
තැනෙ හැටියට ඇනේ ගහන්න ගිහින් ඇන ගත්ත අය නම් වැහිවහල ඉන්නවා නීද කුමාරි අක්කේ.(නදී)