නිකවැරටිය නගරයේ පැවති දේශපාලන රැස්වීමකට ගොස් ආපසු යමින් සිටි බීමත් පුද්ගලයකු නගරයේ අතුරු මාවතක නිවෙසක් අසල දියනාමින් සිටි කාන්තාව බිය ගැන්වූ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
නිවසේ මිදුලේ සකස් කර තිබූ දියනාන ස්ථානයේ රාත්‍රී 8.00ට පමණ කාන්තාව දියනාමින් සිටි ස්ථානයට තරුණයා ගොස් ඇති අතර බියට පත් කාන්තාව දිය නෑමේ දී තරුණයා ද ඇය පසුපස එලවා ගෙන ගොස් ඇත. එම අවස්ථාවේ කාන්තාව පය පැටලී වැටීමෙන් දෑත් දෙපා තුවාල වී ඇති බව ද පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
සැකකාර තරුණයා නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ පදිංචි අයෙකු බවද ඉකුත්දා දේශපාලන රැස්වීමට ගොස් එය අවසන්වීමෙන් පසුව මත්පැන් බෝතල් හතරක් ගෙන මිතුරන් සිවු දෙනෙකු සමග පානය කළ බව ද ඉන්පසුව මිතුරන් තමා අතහැර ගිය බව ද තමාට කුමක් සිදු වුවා ද කුමන මාර්ගයක ගියා ද යන්න පිළිබඳව තමාට මතකයක් නොමැති බව ද සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.
ප්‍රදේශවාසීන් විසින් සැකකරු අල්ලා පොලිසියට බාරදී ඇති අතර සිද්ධිය පිළිබඳව නිකවැරටිය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.
(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉලන්දාරියා දියනාන කතගේ රුවට වශීවී පොලිස් කූඩුවේ