IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඉඳිකටුවට නූල දාගන්න බැරිවුණ ලේලිය නැන්දම්මාට එපාවෙලා

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
සිව් මසකට ඉහතදී කැන්දාගෙන ආ මනමාලියට කොට්ට උරයක් මසා ගැනීමට නැන්දම්මා දුන් ඉඳි කටුවට නූලක් දමා ගත නොහැකි වූ සිද්ධියක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


කෑගල්ල ප්‍රදේශයේ නිවෙසක 72 හැවිරිදි සිව් දරු මව78 හැවිරිදි පියා සහ 30 හැවිරිදි බාල පිරිමි දරුවා පදිංචිව සිටිති.  ගොවිතැන් කටයුතු කරමින් ජීවත් වන වයෝවෘද්ධ මව්පිය යුවළගේ වැඩිමල් ගැහැනු දරුවන් තිදෙනාම අවිස්සාවේල්ල වරකාපොළ හා කුලියාපිටිය ප්‍රදේශවල පුද්ගලයින් සමග විවාහ වී පදිංචිව සිටිති. පවුලේ බාල එකම පිරිමි දරුවා කෑගල්ල නගරයේ රාජ්‍ය ආයතනයක රැකියාවකට යන එන අවස්ථාවේ දී මීට වසර දෙකකට පමණ ඉහතදී නෙළුම්දෙණිය ප්‍රදේශයේ තරුණියක හඳුනාගෙන දෙපාර්ශවයේම ආශීර්වාද මැද මාස හතරකට ඉහතදී සුළු උත්සවයක් පවත්වා මනාලිය නිවසට කැන්දාගෙන පැමිණ තිබුණි.


මෙම මනමාලියද වරකාපොළ ප්‍රදේශයේ ආයතනයක රැකියාවකට දිනපතා යන එන අතර දහවල් කාලයට නිවසේ ජීවත්ව සිටින්නේ වයෝවෘද්ධ මව්පිය යුවළ පමණි.  ඉකුත් දිනෙක වයෝවෘද්ධ මව ඇගේ සහ සිය සැමියාගේ ඇඳ ඇතිරිලි හා කොට්ට උර සෝදා වේලාගන සන්ධ්‍යාවේ කොට්ට උර මැසීමට ගිය අවස්ථාවේ දී ඇය ඉදිකටුවට නූල දමා ගැනීමට අවස්ථා කිහිපයක්ම උත්සාහ කළත් අසාර්ථක වූවාය. පසුව වයෝවෘද්ධ මව පුටුවක හිඳගෙන බුලත් විටක් කෑමට සූදානමින් සිටි සිය සැමියා අසලට ගොස් ඉදිකටුව හා නූල් කැබැල්ලක් දී එය අමුණා දෙන ලෙස කීවාය.


වයෝවෘද්ධ පියා ද ඉදිකටුවට නූල දමා ගැනීමට උත්සාහ කළ ද අවසානයේ නොහැකි විය. පසුව වයෝවෘද්ධ පියා සිය බිරිඳට ප්‍රකාශ කර ඇත්තේ ”‍අපි දැන් වයසයි ඇස් පේන්නෙ නැහැනෙ. හරියට හෙට ඉරිදා ලේලි ගෙදර ඉන්නවානේ උඹ ලේලිට කියලා අමුණා ගනින් කියාය. පසුව වයෝවෘද්ධ කාන්තාව නූලයි ඉදිකටුවයි පසෙක තබා පසු දා පෙරවරුවේ ඉදිකටුවයි නූල් කෑල්ලකුයි රැගෙන ලේලිය සිටි කාමරයට ගොස් නූල අමුණා දෙන ලෙස ඇයගෙන් ඉල්ලීමක් කළාය. පසුව ලේලිය ඉදිකටුවයි නූල් කැබැල්ලයි රැගෙන කාමරයේ සිට ඉදිකටුවට නූල දැමීමට උත්සාහ කළ ද පලක් වූයේ නැත. පසුව ලේලිය මිදුලට ගොස් නැන්දම්මා ඉදිරියේ ඉදිකටුවට නූල දැමීමට උත්සාහ කළත් අවසානයේ ඉන්ද ඵලක් වූයේ නැත. 


‘‘මගේ ඇස් පෙන්නේ නැති හින්දා තාත්තට දුන්නා නූල දාලා දෙන්න කියලා ඒත් බැරි වුණා. උඹට දුන්නා උඹටත් බැරිවූ නිසා ඉදිකටුවට නූල දාන්න මෙන්න මෙහාට දියං ඉදිකටුවයි නූල් කෑල්ලයි යනුවෙන් පවසා ලේලිය අත තිබුණු ඉදිකටුවයි නූල් කැබැල්ලයි නැන්දම්මා උදුරා ගත්තාය. පසුව වයෝවෘද්ධ කාන්තාව ලේලිට දොස් පවර පවරා අසල්වැසි නිවසකට ගොස් පාසල් දැරියකට පවසා ඉදිකටුවට නූල දමාගෙන පැමිණ කොට්ට උර තුන හතර මසා ගෙන ඇතැයි වාර්තා වෙයි.

 



අදහස් (0)

ඉඳිකටුවට නූල දාගන්න බැරිවුණ ලේලිය නැන්දම්මාට එපාවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site