(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ උප නගරයක වූ ඉන්ධන පිරවුම්හලකි. පසුගියදා ඉන්ධන හිඟයක් වෙතැයි බියෙන් පෙට්රල් ඉන්ධන හල ඉදිරිපිට විශාල රථවාහන පෝලිමක් වු අතර වාහන හිමියන් සමඟ විශාල ප්ලාස්ටික් කෑන් හා හිස් බෝතල් රැගෙන තවත් පිරිසක් ඉන්ධන ගැනීමට පැමිණියහ. එහෙත් වාහන හිමියන්ගේ විරෝධතාව මැද ඉන්ධන හල් සේවකයෝ ඔවුන් ඉවත් කළහ.
මොහොතකට පසු එක් යතුරු පැදිකරුවකු විශාල ඉන්ධන ටැංකිය සහිත බෙන්ට්ලි වර්ගයේ පැරණි යතුරු පැදියක් තල්ලු කර ගෙන විත් ටැංකිය පිරෙන තෙක් තෙල් ගසාගෙන ඉවත් වූයේද එය තල්ලු කර ගෙනමය.
වෙනත් යතුරු පැදිකරුවන් ඉන්ධන ලබාගත් පසු එය පණගන්වා ගෙන ගියත් ඔහු යතුරු පැදිය තල්ලුකරගෙනම යාම ගැන සැකසිතූ සේවකයෙක් ඔහු අසලට ගොස් කරුණු විමසීය.
ඔයා මීට කලින් දෙසැරයක්ම පැට්ට්‍රල් පුරවගෙන ගියා. ඕක වැඩ කරන්නෙ නැති පරණ කසිකබල් සයිකලයක්.” කිසිවෙකු කීවෙන් ඉන්ධන හල් සේවකයාට “හත්දෙයියනේ” කියැවුනාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ පාලකයෝත් ඔය වගේ අය තමයි.
හිනාවෙන්න නෙවේ අඩන්න ඕන මේ නවීන ලෝකේ තෙල් ටිකක් ගහගන්න නැකත් බලන්න පෝලිම් වල ඉන්න බැනුම් අහන්න ගුටි ගහගන්න වෙලා .. ලැජ්ජයි