IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉතිරි සල්ලි හිලව්වට දුන් ටොපි බඩු ගන්න කොට කඩේටම දීලා

දකුණු පළාතේ එක්‍තරා නගරයක පිහිටි සිල්ලර වෙළෙඳසලකින් බඩු ලබාගත් අයට මාරු කාසි වෙනුවට ටොපි ලබාදීම නිසා පාරිභෝගිකයකු එම වෙළෙඳසලෙන් බඩු ලබාගෙන මුදල් වෙනුවට ටොපි ලබාදුන් පුවතක් පිළිබඳව වාර්තාවේ.


නගරයේ පිහිටි මෙම වෙළෙඳසලට  බඩු ලබාගැනීමට දිනපතා සෑහෙන පාරිභෝගික පිරිසක් පැමිණෙති. මුදල් ගනුදෙනු සඳහා කැෂියර්වරියන් ලෙස යොදවා ඇත්තේ තරුණියන්ය.


මෙම වෙළෙඳසලෙන් බඩු ලබාගන්නා අයට කිසිවිටකත් ඉතිරි මුදල් ආපසු දීමේ දී මාරූ කාසි නොලැබේ. ඒ වෙනුවට මෙම කැෂියර්වරියෝ පාරිභෝගිකයන්ට ටොපි කිහිපයක් ලබා දෙති. රුපියල් දහයට වඩා අඩු ඉතිරි මුදල් සඳහා ලැබෙන්නේ ටොපි කිහිපයකි.


මේ සඳහා මොවුන්ට හොඳ පාඩමක් ඉගැන්වීමට සිතා ගත් පාරිභෝගිකයකු කළේ සෑමදාම ලැබෙන ටොපි හා බිල්පත් එකතුකර තැබීමය. මාස කිහිපයක දී ඔහු ළඟ ඉතිරි මුදල් වෙනුවට ලැබී එකතු කළ ටොපිවල වටිනාකම රුපියල් දහසක් විය.


ඔහු එදින එම ටොපි හා බිල් ද රැගෙන එම වෙළෙඳසලට ගොස් බඩු ගත්තේය. ඔහු එදින ලබාගත් බඩුවල වටිනාකම රුපියල් 2600/=කි. ඔහු මුදල් රුපියල් 1600/= ක් සමග රුපියල් දහසක් වටිනා ටොපි තොගය කැෂියර්වරියට දුන්නේය.


“කෝ සල්ලි තියෙන්නෙ රුපියල් 1600/=නෙ. තව දාහක් අඩුයිනෙ”‍ කැෂියර්වරිය පැවසුවාය.


“ඇයි මේ ඉතිරි සල්ලි වෙනුවට මට ඔයාල දුන්න රුපියල් දාහක ටොපි මෙතන තියෙන්නෙ.”‍ පාරිභෝගිකයා පැවසීය.
කතාව දුරදිග ගොස් සිල්ලර වෙළඳසැලේ කළමනාකාරවරයා ද පැමිණ මේ ගැන කතා කළේය.


“ඇයි මහත්තය මෙන්න මගේ කලින් ගත්ත බිල්. ඒවයේ ඉතිරි මුදල් වෙනුවට මට දීපු ටොපි තමයි මෙතන තියෙන්නෙ. අපිට ඉතිරි මුදලේ වටිනාකමට ටොපි දුන්නනම් ඇයි ඔයාලට ඒ වටිනාකමට ටොපි ආපසු ගන්න බැරි”‍ පාරිභෝගිකයා මහ හඬින් කී කතාවට එහි සිටි අනෙක් පාරිභෝගිකයෝත් අවධානය යොමු කළහ.


මේ නිසා කිසිවක් කරකියා ගත නොහැකිවූ කළමනාකරු එම ටොපි ටික හා මුදල් භාරගෙන ඔහුට එම බඩු ටික ලබා දෙන්නැයි කැෂියර්වරියට උපදෙස් දුන්නේය.


ඉන්පසු එම වෙළෙඳසලෙන් පාරිභෝගිකයන් කිසිවකුටත් ඉතිරි මුදල් දීමේ දී මාරු කාසි වෙනුවට ටොපි ලබා දෙන්නේ නැත. 
ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර

 



අදහස් (0)

ඉතිරි සල්ලි හිලව්වට දුන් ටොපි බඩු ගන්න කොට කඩේටම දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site