(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)
තම නිවෙස අසල පිහිටි නිවෙසකට යන පටු මාර්ගය පළල් කරගැනීම සඳහා තම ඉඩමෙන් අඩියක් ලබා දීම සඳහා එම නිවැසි කාන්තාවට අයුතු යෝජනාවක් කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කන්ද උඩරට ප්‍රදේශයේ පොලිසියක් කටයුතු කරනු ලැබ තිබේ.

සිද්ධිය මෙසේය.
කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයක එක ළඟ පිහිටි නිවෙස් දෙකකි. එක් නිවසක් ප්‍රධාන මාර්ගයට යාව පිහිටා ඇති අතර අනෙක් නිවස මුල් නිවසට පිටුපස පිහිටා ඇත. පසුපස නිවෙසට යාම සඳහා මාර්ගය වැටී ඇත්තේ මුල් නිවස අසලින් වන අතර එම පාර ඉතා පටුය. අඩුම තරමින් ත්‍රිරෝද රථයක් හෝ යා හැකි ආකාරයට එම මාර්ගය පළල් කර ගැනීම සඳහා මුල් නිවෙස හිමිකරුගෙන් ඔහුගේ ඉඩමෙන් අඩියක් ලබා දෙන ලෙස ඉල්ලීම් කරනු ලැබ තිබේ.
කෙසේ නමුත් මේ ගැන නිතර නිතර ඉල්ලීම් කිරීමට එම නිවැසි කාන්තාව මුල් නිවසේ හිමිකරු හමුවී ඇති අතර එහිදී ඔහු තම ඉඩමෙන් අඩියක් ලබා දීමට නම් කාන්තාවට අයුතු යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
කාන්තාව එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇති නමුත් අවසානයේ ඔහු පවසා ඇත්තේ තම ඉඩමෙන් අඩියක් ලබා දීමට නම් අඩුම වශයෙන් හාදුවක් හෝ තමන්ට ලබා දිය යුතු බවයි.
මෙයින් දැඩි ලෙස කෝපයට පත් කාන්තාව පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව අදාළ සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගැනිණි. අත්අඩංගුවට ගැනුණ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉඩමෙන් අඩියක් දෙන්න කතගෙන් තොත්තුවක් ඉල්ලලා
කොඩිතුවක්කු Monday, 22 February 2021 04:01 AM
අත්අඩංගුවට ගත්තේ මොන නීතිය යටතේද බව වැටහෙන්නේ නැත...