IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉඩමේ අයිතිය නිරවුල්කරගන්න කන්තෝරු ලොක්කාට පන්දම් මිටියක් දීලා

දකුණු පළාතේ එක්තරා ගම්මානයක  ජීවත් වූ මෝඩ පහේ ගැමියකු රජයේ නිලධාරියකුට දුන් පන්දමක් ගැන අපූරු කථාවකි මේ.
ඔහු  වයස අවුරුදු  45ක් පමණ  විවාහක පුද්ගලයෙකි.  දරුවන් තිදෙනකුගේ පියෙකි. වැඩිමල් පිරිමි දරුවා බැංකුවක සේවය කළ අතර අනෙක් ළමයින් නිවසේ පසු වූ අතර ඔවුහු රැකියා නොකළහ.  
පියාට රජයෙන් බලපත්‍ර මත ලබා දී තිබූ ඉඩමක මොවුන්, ජීවත් වූ අතර, නිවසද පැරණි අබලන් වූවකි. මව සහ පියා මිය යාමත් සමග නිවසේ අයිතියත් ඉඩමත් මෙම පුද්ගලයාගේ පරිහරණයට අයත් වූ අතර  දරුවන් සමග මොහු මෙම නිවසේ ජීවත් වීය.


අබලන් නිවස අලුතින් තනා ගැනීමට අදහස් කළ බැංකුවේ සේවය කළ පුතා බැංකු ණයක් ගැනීමට යාමේදී  ඇපයට තැබිය යුතු පදිංචි  ඉඩමේ අයිතිය නිරවුල් නොවීම ගැටලුවක් විය. මේ බව පියාට දන්වා ඉඩමේ අයිතිය  නිරවුල් කර ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයට ගොස් බලපත්‍රය සංශෝධනය කරවාගෙන එන ලෙස පියාට දැන්වීය.
දින කීපයක්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියද  ඉඩමේ බල පත්‍රය සකස් කර ගැනීමට  නොහැකි වීම නිසා, කාර්යාලයේ සුළු සේවකයකු අමතා “තමන්ගේ අවශ්‍යතාව ඉටු නොවූ බවත් කළ යුත්තේ කුමක්ද යන්නත්,, විමසා සිටියේය.ඒ සඳහා කදිම උපදෙසක් දුන් ඔහු, අහවල් දිනට කාර්යාලයට එන්නැයි අර පුද්ගලයාට  දැනුම් දුන්නේය.
 නියමිත දිනට කාර්යාලයට පැමිණි ඔහු, පාර්සලයක් ද ගෙන ආ අතර එය, තමන්ට   උපදෙස් දුන් කාර්යාල සේවකයාට  දුන්නාය. කාර්යාල සේවකයා ඉඩම් අංශයේ කටයුතු කරන නිලධාරියා වෙත ගොස්  යමක් පවසන ආකාරය බලා සිටි අතරවාරයේදී,  ඔහුට කථා කර  පියාගේ නමට තිබූ බලපත්‍රය ඔහුගේ නමට සංශෝධනය  කර  සකස් කර  දීමට  නිලධාරියා පියවර ගත්තේය.
දවසේ වැඩ නිමකර, නිවෙස් බලා යාමට සූදානම් වූ අවස්ථාවේ, පාර්සලය  ඉඩම් අංශයේ නිලධාරි මහතාට දීමට සේවකයා අමතක කළේ නැත. ඉතා  සතුටකින් ගෙදරට ගිය නිලධාරියා පාර්සලය බිරිය අතට දී, “බලන්න මොනවා ද තිබෙන්නේ කියා, බිරියට පවසා ඔහු වොෂ්රූම්,, එකට ගියේය.
   මුහුණ කට සෝදාගෙන පැමිණි  නිලධාරි මහතාගේ ඇඟට කඩාගෙන පැන්න බිරිඳ, “මොකටද ඕයි මේ පන්දම් වගයක්. තොවිලයක් නටන්නවත් තමුසෙගෙ අදහසක් තියෙනවද? මටනම් යාග හෝම ඕනෑ නෑ. තමුසෙම නටාගන්නව,, යයි ගෝරනාඩුවක් කළේය.


සිද්ධියෙන් අන්ද මන්ද වූ නිලධාරියා, කාර්යාල සේවකයාට වහාම දුරකථන ඇමතුමක් දී විස්තරය කීවේය.
තමන් ඔහුට කීවේ  “මහත්තයට ලොකු පන්දමක් දුන්නොත් වැඬේ කරගත හැකි බවය. ඒ අය  මම කී දේ ඒ ලෙසම ඉටු කර තිබෙන බව දැන් තේරුම් යනවා. ඒ මනුස්සය මෝඩ පහේ අයෙක්. මම හිතුවෙ නෑ මෙහෙම දෙයක් වෙයි කියල. සමාවෙන්න සර්.,, කාර්යාල සේවකයා පැවැසීය.

මාවරල පියසේන මද්දුමගේ

 



අදහස් (0)

ඉඩමේ අයිතිය නිරවුල්කරගන්න කන්තෝරු ලොක්කාට පන්දම් මිටියක් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site