IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉංග්‍රීසි පන්තියේ බකමුණා අමාරුවේ වැටිලා

කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
උතුරු මැද පළාතේ එක්තරා අධ්‍යාපන කලාපයකට අයත් අධ්‍යාපන කොට්ඨාසයක දුෂ්කර ගමක ප්‍රාථමික පාසලක ඉංග්‍රීසි පාඩමක දී සිදුවුණු අපූරු සිද්ධියකි.
මෙම පාසලේ ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුතුමිය ඉතා සැර පරුෂ තැනැත්තියකි. ඇය තම ඉංග්‍රීසි විෂය පන්ති කාමරය තුළ සිසුන්ට ඉගැන්වීමට මැලිකමක් දැක් වූවාය. එබැවින් ඇය සෑම දිනකම පාසලේ මිදුලේ ඇති කොහොඹ ගස් සෙවණේ සිසුන් වට රවුමකට ඉන්දවා ඇය එම රවුම මැද ඉඳගෙන පාඩම ඉගැන්වීමට ප්‍රිය කළාය.
5 වසරේ සිසු දරුවන් අතර සිටි එක් සිසුවෙකු, ඉංග්‍රීසි විෂයයට බෙහෙවින්ම දුර්වල දරුවෙක් විය. ඔහුට ඉංග්‍රීසි ගුරුතුමිය ”‍ඇස් දෙකට පේන්න බැරි”‍ චරිතයක් විය. ඒ ඇය නිතර ප්‍රශ්න විමසුවේත්, දඬුවම්  දුන්නෙත් ඔහුටම වීමත්, ඇය ඔහුට ”‍බකමූණා”‍ යන අන්වර්ථ නාමයකින් ඇමතීමත් නිසාය.
එදින ඉංග්‍රීසි පාඩමට සිසුහු තම තමන්ගේ පුටු හිස මත තබා ගෙන ගොස්, කොහොඹ ගස් සෙවණේ වටා රවුමක් සාදා ඉද ගත්හ.
ඔහු අසලම සිටියේ ප්‍රේමතිලක නැමැති සිසු දරුවකු වූ අතර, ඔහු නිතර අනුන්ට ”‍ලණු”‍ දෙන්නෙකි.


ඉංග්‍රීසි ගුරුතුමිය පැමිණ හරි බරි ගැහී පාඩම පටන් ගත්තාය. ඉංග්‍රිසි ගුරුතුමිය හඳුන්වන අපගේ බකමූණා ඇය දෙස බලා සිටියේ යක්ෂණියක දෙස බලා සිටින තරමටම බියකිනි. එයට හේතුව ඔහු ඊට පෙර දින පාසලට නොපැමිණීමය.
ගුරුතුමිය කටහඬ අවදි කළාය. ”‍හොඳයි මම ඊයෙ ඔයාලට කියල දීපු වචන ටික අපි අද මතක ද කියලා බලමු. කුඩයට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද..?”
පන්තියේ සියලු‍ම සිසුන් පුටු මතින් නැගිට, කකුල්වල ඇඟිලි කොටසින් උඩට ඉස්සි, අත් උඩට ඔසවාගෙන සිටියේ මම දන්නවා මම දන්නවා කියන්නාක් මෙනි.
අප කතානායක බකමූණා අන්දුන් කුන්දුන්ව ඇඹරෙන හැටි, අල්ලපු පුටුවේ සිටි ප්‍රේමතිලක සිසුවා දැක්කේය.
”ඇයි උඹ ඒක දන්නෙ නැද්ද...? මම කියලා දෙන්නම්. බය නැතුව අත උස්සනවා...” යැයි රහසින් පැවැසීය.
බකමූණා ඉතා සතුටින් අත ඉහළට ඔසවා  ගුරුතුමිය දෙස පපුව ඉස්සරහට දාගෙන අභිමානයෙන් යුතුව බලා සිටියේය. ගුරුතුමිය රවුම වටා වටයක් කැරකී, ” හොඳයි බකමූණ කියනවා බලන්න”‍ යැයි කීවාය. කිසිවකුටත් නොඇසෙන නොදැනෙන ලෙස තම අසල්වැසි මිතුරා  කුඩයට  ඉංග්‍රීසියෙන් කියන නම  බකමූණාට රහසින් කීවේය. මුළු පන්තියම දෙදරන හඬින් ආඩම්බරයෙන් යුතුව, බකමූණා  ”‍ටීචර්... කුඩයට කියන්නේ ”‍ගොංබෙල්ලා කියලා”‍. යැයි කියනවාත් සමගම, මුළු පන්තියම එකම සිනා සාගරයක් බවට පත්විය.
කේන්තියෙන් පුපුරු ගසමින් සිටි ගුරුතුමිය වේවැල අතට අරගෙන හැරෙන්නටත් පෙර බකමූණා ”‍කුරුලු‍ වෙස්”‍ ගෙන පන්තියෙන් ඉගිලී ගොස් තිබුණි.
පාසලෙන් පැනගිය වරදට බකමූණා පසුවදා විදුහල්පතිතුමිය  හමුවීමට තම මවගේ අතේ එල්ලී, පාසල් වත්තට ඇතුළු වූයේ ගොළු බෙල්ලකුගේ ගමනටත් වඩා හෙමින් පස්සට ඇදෙමින් ය.



අදහස් (4)

ඉංග්‍රීසි පන්තියේ බකමුණා අමාරුවේ වැටිලා

mangala Tuesday, 14 November 2023 02:15 PM

මේකෙ හොඳම එක 'බකමූණා කුරුලුවෙස් ගෙන පන්තියෙන් ඉගිලී ගොස් තිබුණි' කියන එක. කොහොම වුණත් ගුරුවරිය බරපතල වරදක් කරන්නේ ළමයාට අන්වර්ත නාමයකින් ඇමතීමෙන්.

:       0       25

Sanju Tuesday, 14 November 2023 09:24 PM

හැම දරුවෙක්ම එකවගේ නෑ කියලා හිතන්න ගුරුවරුන්ට පුළුවන් වුණා නම් කවදාවත් මේ වගේ දේවල් වෙන්නේ නැහැ...

:       1       24

Tilak Ratnasuriya Thursday, 16 November 2023 06:49 PM

ක්‍රියාවෙන් අවබෝධය, ව්‍යාපෘති වැඩ, එසයින්මන්ට් වගේ දේවල් වලින්, පින්ලන්තයේ අධ්‍යාපනය මෙන් ළමුන්ට ඉගැන්විය යුතුවේ... ඉංග්‍රීසිවලට ක්‍රියාවෙන් අවබෝධයට රඟදැක්වීමක් ඇසුරින් මතකය සරුකළ හැකිය...

:       0       4

Dinesh Dissanayake Tuesday, 21 November 2023 05:19 AM

මෙහෙම ටීචස්ලා ඉන්න මේ රටට දෙයියන්ගේම පිහිටයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 43 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site