(හොරොව්පොතාන-පැතුම් දර්ශන)
අව්වට වැස්සට නිතර වගා බිම්වල වැඩකරන රජරට ගමක තරුණ කාන්තාවක් දින කිහිපයකට ඉහත දී තම සැමියාට පවසා ඇත්තේ ඇස් යට කළුවෙනවට ගාන්න හොඳ ක්‍රීම් එකක් ඔසු සලකින් රැගෙන එන ලෙසය.
වෙන මොන දේ නැතත් බිරිය සතුටු නොකළේ නම් කෑම බීමත් නිසි කලට නොලැබෙන බව දැන ගත් සැමියා ද එදිනම ඔසු සලකට ගොස් නේක වර්ණයෙන් යුත් ඇසුරුමක තිබූ ක්‍රීම් එකක් ගෙනැවිත් දුන්නේ “මැණිකේ මෙන්න ඔයාට ගැළපෙන ක්‍රීම් එක ගෙනාවා” යනුවෙන් පවසමිනි.
කෝකටත් තදියම්කාරයකු වූ තම සැමියාගේ තරම දන්නා බිරිය රාත්‍රියේ ක්‍රීම් එක මුහුණේ ගෑමට ප්‍රථමයෙන් ඇසුරුම කියවා බැලුවාලු.
‘ඇස් යට ගෑමෙන් වළකින්න “කුඩා දරුවන්ගෙන් ඈත් කර තබන්න” අසුරනයේ ලියා තිබූ දේ දැකීමෙන් යක්ෂාරූඪ වූ බිරිය “අද මාව මරන්න ද මේ ජරාව ගෙනාවෙ. මට දැනුණා ටික දවසක ඉඳලා ඔහේගෙ වෙනස්කම.” යනුවෙන් කෑ ගසා ඇත්තේ ළඟපාත ගෙවල් හත අටකට ඇසෙන සේය.
සිදු වූ කිසිදු දෙයක් ගැන සිතාගැනීමටත් නොහැකි ව බිරියගෙන් ගුටි නොකා කෙසේ හෝ රාත්‍රිය ගෙවා දැමූ සැමියා උදෑසනම ඔසු සලට ගොස් ඇත්තේ හොඳ දෙකක් කතා කරන්නට ය. ආවේගයෙන් කී සියලු දේ සාවධානව අසා සිටි ඔසුසල් හිමිකරු සැමියාට පවසා ඇත්තේ මෙවැන්නකි.
“අනේ මල්ලි මම ඊයෙ මගේ කණ්ණාඩි දෙක ගෙනල්ලා තිබුනෙ නෑ. ඒක නිසා පොඩි අකුරු පෙනුනෙ නෑ. අද මම කණ්ණාඩි දෙක ගෙනාවා වෙන ක්‍රීම් එකක් දෙන්න ද?”
“තියාගන්නවා ඔහේගෙ ක්‍රිම්. ඊයෙ බෙහෙත් ගත් ඔක්කොටම දෙයියන්ගෙම පිහිටයි එහෙනං. ඔහේගෙ වැඩ නිසා තව ටිකෙන් මගේ මඟුලත් ඉවරයි” යනුවෙන් පවසමින් නිවසට ගොස් බිරියට කරුණු පැහැදිලි කර ඇති මුත් ඇස් වටේ කළු වීම වැළැක්වීම සඳහා ක්‍රීම් ගෑමේ අදහස ද ඒ වනවිටත් ඇය අත්හැර තිබූ බව දැනගන්නට ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇස් යට ගාන්න ගෙනා ක්‍රීම් දුටු ‘මැණිකෙට’ යකා නැඟලා