IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඇමැති එක්ක තරහට රූප පෙට්ටිය කුඩු කරලා

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
විදුලි බිල ජනවාරි මස යළි ඉහළ දැමීමට සිදුවෙනවා යැයි අදාළ ඇමැතිවරයා රූපවාහිනියෙන් කියනු ඇසී ඇතිවුණු වාවනු බැරි කේන්තිය නිසා අලි අමාරුවක වැටුණු අයෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ.


දවස තිස්සේ මහන්සිවී රෑ බෝවී ඔහු රූපවාහිනිය නරඹමින් සිටියේ රැ ආහාර අනුභව කරමිනි. ඔහු ආහාර ගනුයේ ලොකු  වතුර වීදුරුවක් ළඟ තබා ගෙනය. ඒ කෑම කන අතරමග වතුර බීමට පුරුදුව සිටීම එයට හේතුව වී තිබිණ.


විදුලි බිල නහුතෙට වැඩි කිරීම නිසා එදා වේල කුලියක් මලියක් කරගෙන ජීවත්වූ ඔහු සිටියේ ඊට දැඩි කේන්තියෙනි. ආයෙත් වරක් අකමැත්තෙන් වුවද ජනවාරි මාසයේ සිට විදුලි බිල වැඩි කරන්න වෙනවා යයි විෂයභාර අමාත්‍යවරයා රූපවාහිනියට කියන්නේ ඔය අතරවාරයේදීය. ඒ සමගම ඔහුට උන්හිටි තැනද අමතක වී ගියේය.


  ඒ සමගම පැමිණි කේන්තිය පාලනය කර ගැනීමට නොහැකිවු ඔහු  බි බී සිටි ජෝගුවෙන් රූපවාහිනියට දමා ගසන්නේය. මුළු රූපවාහිනියම වතුරෙන් නැහැවෙන්නේ ටික වේලාවකින් එය අකීයවීමත් සමගමය. ගිය නුවන ඇතුන් ලවාවත් ඇද්ද ගැනීමට නොහැකි යයි කියන්නාක් මෙන් ඔහුගේ කේන්තිය අවසන් විය. 


 අලු‍ත් රූපවාහිනියක් ගැනීමට රුපියල් ලක්ෂ ගණනක් අවශ්‍ය බැවින් දවසේ කුලී වැඩටද නොගොස් රූපවාහිනී අලු‍ත්වැඩියා කරන අයකු ළඟට එය රැගෙන යන්නේ බිරින්දෑ සහ දරුවන්ගේ අඩහැරය මධ්‍යයේය. තමා කරගත් මෝඩකමේ තරම ඔහුට තේරෙන කොට පෙරහර ගොස් හමාරය.



අදහස් (1)

ඇමැති එක්ක තරහට රූප පෙට්ටිය කුඩු කරලා

sampath Wednesday, 28 December 2022 10:25 PM

විදුලිය පරිභෝජනය කරනවා නම් එයට සහනාධාර දෙන්න බෑ .ඒක ජනතාව තේරුම් ගන්න ඕනේ .අවශ්‍ය වියදම් අඩු කරගැනීමත් විදුලි මාෆියාව පරාජය කිරීමත් රජයේ වගකීම

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site