IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇඳට ආ චීත්තෙන් සැමියාගේ මනමාලකම එළිවෙලා

කුරුණෑගල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණ කතාවකි. අලුත විවාහ වූ ජෝඩුවක් ඉතාම සතුටින් කාලය ගත කළත් ඔවුන්ට අගහිඟකම් වැඩිවිය. පවුලේ ආදායම් මාර්ගය වූ ගොවිතැන ද පොහොර නොමැතිව නිසරුවීම ද ලොකුම ප්‍රශ්නය විය. මේ කාලයේ අත මිට සරුකර ගැනීමට නම් රට රැකියාවකට යා යුතු බව බිරිඳ සැමියාට පැවසූ විට ඔහුගේ කැමැත්ත ද ලැබුණි. සහතික බලපත්‍ර ආදි සියලුම දේ සකස් කරගත් අැය රැකියාවට මැද පෙරදිග ගියාය.


සැමියා තනිවම හුදකලාවේ නිවසෙහි ගත කරන්නේ දුක ශෝකය අත් විඳිමිනි. ගෙවල් දෙකකට එහායින් සිටි වැන්දඹු  කාන්තාවක සමග පෙමින් බැඳුණ ඔහු රැය ගත කිරීම සඳහා ඇයට තම නිවසට එන්නැයි ඇරයුම් කළේය. ඇරයුම පිළිගත් ඇය මසකට දෙතුන් සැරයක් ඔහුගේ නිවසට ගිය අතර මේ සිදුවීම කාටත් රහසක් නොවීය.  සෑහෙන මුදලක් උපයාගත් බිරිඳ වසර දෙකකට පසුව  ඔහු සොයා ආවේ අනාගත පෙම් සිහින මවමිනි. සැමියාගේ නිදන ඇඳ දුටු බිරිඳගේ පපුව හොස් ගා දැවී ගියේ නොසිතූ ලෙසිනි.


‘‘කාගෙද අනේ මේ ඇඳ උඩ තියෙන රතු පාට මල් මල් චිත්තෙ? මට මෙහෙම එකක් තිබුණේ නැහැනෙ’’


‘‘ඕකට කලබල වෙන්න එපා. අපේ නොබෙදූ ඉඩම ගැන කතා කරන්න පදවියේ ඉන්න අපේ මහප්පගේ දුව ආවා. මම එයාට ඇඳ දීල එළියෙ පැදුරක නිදාගත්ත. එක රැයයි හිටියෙ.’’ එහෙත් බිරිඳගේ සැකය දුරුවුණේ නෑ.

 


මහප්පාගේ දුවට දුරකතන ඇමතුමක් ගත් ඇය විස්තර ඇසූ විට තමා පැත්ත පළාතක ආවේ නැති බවත් ළඟ දී එන්න  සිතා සිටින බවත් ඇය කීවාය.


යක්ෂාරූඪ වූ බිරිඳ ‘‘ඈ මනුස්සයො තමුසෙ බොරු නේද දෙසා බෑවෙ. මම කෝල් එකක් දුන්න. මෙහෙ ආපු එකක් නෑ කියලා නංගි දැන් කීවෙ. තමුසෙගෙ නාඩගම මම හොයා ගන්නම්කො. මම ඕවට කලබල වෙන්නෙ නෑ. රතු මල් වැටුණු චීත්තය අතට ගත් ඇය පාර අයිනට විසිකර දැමුවේ හිතක් පපුවක් නැති ගානටය.


එතෙර සිට ආ යුවතිය හමු වී දුක සැප බෙදා ගැනීමට අල්ලපු ගෙදර තරුණියක් ද ආවාය.‘‘මෙන්න අක්කේ රන්මලී අක්කගෙ චීත්තයක් පාර අයිනෙ තිබිල මට හම්බ වුණා. බල්ලෙක් ගෙනැල්ල වෙන්න ඇති මගේ හිතේ’’තරුණිය කීවාය.


එය ඇවිලෙන ගින්නට පිදුරු දැම්ම වගේ විය.  ගිනියම් වූ යකඩයක් සේ වූ ඇය දෙස් දෙවොල් තබමින් සැමියාට පහර දෙන්නට වූවාය. ඔහුට කට උත්තර ද නැති විය. තරුණිය මැදට පැන ආරවුල බේරුවේ නැතිනම් කුමක් වේදැයි සිතන්නට බැරිවිය.
බලාපොරොත්තු  කඩ වී තරුණිය ආපසු ගිය අතර සිද්ධිය ගම පුරා පැතිරී ගියේ ලැව් ගින්නක් මෙනි. 

නිකදළුපොත - කරුණාදාස සපුතන්ත්‍රී



අදහස් (0)

ඇඳට ආ චීත්තෙන් සැමියාගේ මනමාලකම එළිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 690 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17838 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site