IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ඇගිල්ලක අවුලකට නැන්දා ලේලි ඔරවාගෙන

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
ඇඟිල්ලක් සපා කෑමේ සිද්ධියකින් නැන්දම්මා ලේලි අතර අපූරු ආරවුලක් ඇතිවීමේ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
මීට දින කිහිපයකට පෙර වයෝවෘද්ධ මව නිවෙසේ සිට කිලෝමීටරයක් පමණ ඈතින් පිහිටි කැලයකට ගොස් දර මිටියක් සොයාගෙන දර මිටිය හිස මත තබාගෙන නිවෙසට පැමිණෙමින් සිටියදී නිවෙස ආසන්නයේ දී පය ලෙස්සා වැටුණාය. දර මිටිය පැත්තකට ද වයෝවෘද්ධ මව තවත් පැත්තකට ද විසි වූවාය. 


වයෝවෘද්ධ මව කෑ ගසන්නට වුවාය. කෑ ගැසීමේ සද්දය ඇසී ඇති ලේලිය හා මුනුපුරන් මිනිපිරියන් දුව ගෙන පැමිණ වැටී සිටි වයෝවෘද්ධ මව නැගිට්ටවා අත් දෙකෙන් අල්ලාගෙන නිවෙසට රැගෙන ගියාය. 
‘‘මගේ දකුණු අත රිදෙනවා කැඩිලා වගේ. යං සිංහල බෙහෙත් ටිකක් ඉක්මනට බදින්න යැයි වයෝවෘද්ධ මව ලේලියට පැවසුවාය. ලේලිය අල්ලපු නිවෙසේ ඥාතිවරයකුට කතා කර ඔහුට අයත් ත්‍රීරෝද රථයකින් දේශීය වෛද්‍යවරයකු වෙත රැගෙන ගියාය.
වෛද්‍යවරයා දකුණු අත බලා අස්ථියක් පුපුරා ගොස් ඇති බවත් අත සුව කළ හැකි බවත් පවසා තෙලක් ගා හනික බෙහෙතක් කොටා මලවා පත්තුවක් බැඳ දුන්නේය. 
දින දෙකකට වරක් යළි පැමිණ බෙහෙත් ටික බැඳ ගන්නා ලෙස වෛද්‍යවරයා දන්වා සිටීමෙන් පසුව නැන්දම්මා ලේලි දෙදෙනාම ත්‍රීරෝද රථයෙන් නිවස බලා පැමිණියහ.
මවට මුහුණ කට සේදීමට වතුර දී මුහුණ සෝදා ගැනීමෙන් පසුව ලේලිය රෑට උයා පිහා තිබුණු බත් පිඟානකට බෙදා හැන්දක් වතුර කෝප්පයක් සමග කන්න යැයි පවසා දුන්නාය. 


හැන්දෙන් ද කෑමට නොහැකිව සිටි නැන්දම්මා ගැන අනුකම්පා කළ ලේලිය ‘‘හැන්ද අල්ලන්න බෑ නේද දෙන්න බත් පිඟාන මම කවන්නම් යැයි පවසා නැන්දම්මා අත තිබුණු පිඟාන අතට ගත්තාය. 
බත් කටවල් කිහිපයක් කවමින් සිටින අවස්ථාවේ දී ලේලියගේ දකුණු අතේ ඇඟිල්ලක් නැන්දම්මාට හැපුණි. තරු පෙනුණ ලේලිය කෑ ගසන්නට වූවාය. අසල්වැසියෝ ද ලේලිය කෑ ගසන ශබ්දය ඇසී නිවෙසට පැමිණ කෑ ගසන්නේ මන්දැයි විපරම් කළහ. 
වයෝවෘද්ධ මවගේ දතක් වැදී ලේලියගේ දකුණු අතේ ඇඟිල්ලක් තුවාල වී ලේ ගලමින් තිබිණි. පසුව අල්ලපු නිවෙසේ ත්‍රීරෝද රථයෙන් වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර කර තිබේ. දැන් මේ වෙද්දී අපූරු විරසකයක් ඇතිවී තිබේ. නැන්දම්මාගේ දකුණු අත ද ලේලියගේ දකුණු අතේ ඇඟිල්ලකට ද ප්‍රතිකාර ලැබීමෙන් පසු දෙදෙනාම කතා බහ නොකර ජීවත් වෙමින් සිටින බව වාර්තා වෙයි.



අදහස් (0)

ඇගිල්ලක අවුලකට නැන්දා ලේලි ඔරවාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site