(තිහගොඩ උපසේන ලියනගම)
අඩු ආදායම් ලාභීන්ට වැසිකිළියක් සාදා ගැනීමට සමාජ සේවා අමාත්‍යාංශයෙන් ලබාදෙන රුපියල් පහළොස් දහසේ මුදල ලබා ගැනීමට ‘පතෝල මැස්සක්’ හැදූ තැනැත්තකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ වියළි කලාපයට ආසන්න ගමකින් වාර්තාවේ.

රක්ෂිත වනාන්තරයක් අසල ස්වර්ණභූමි ඔප්පුවක් ලබාගෙන පදිංචි වූ මොවුහු අඩු ආදායම් ලබන්නෝය.
එහි වැසිකිළියක් නොවීම නිසා සමාජ සේවා නිලධාරියකු කීවේ රජයෙන් ඒ සඳහා ආධාර ලෙස රුපියල් පහළොස් දහසක් ලබාදෙන බවත් වැසිකිළි වළ හාරා එහි අඩිතාලම සිමෙන්තියෙන් බැන්ද පසු මුල් රුපියල් පන්දහස හා වැඩ නිමකළ පසු ඉතිරි මුදල ගෙවන බවත්ය.
ඔහු වළ හාරා සිමෙන්තියෙන් බැඳ නිම කළ පසු මුල් රුපියල් පන්දහස ලැබිණි. පසුගියදා වැඩ නිම කළ බව දැන්වූ පසු නිලධාරියා එහි ගිය විට දක්නට ලැබුණේ අසල වූ කැලයෙන් ලී කපා ඒවා වටේට සිටුවා ඉහළට ද ලී රැසක් හරහට බැඳ කොළ අතු දමා තිබූ බවකි.
පසුගියදා පැවැති ප්‍රදේශයේ සම්බන්ධීකරන රැස්වීමේදී මේ ගැන පැවැසූ නිලධාරියා ඒක වැසිකිළියක් නෙමෙයි. තනිකරම ‘පතෝල මැස්සක්’ කීවේ සියලුම නිලධාරීන්ගේ සිනා හඬ මධ්‍යයේලු.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආණ්ඩුවෙන් ආධාර ගන්න වැසිකිළිය වෙනුවට පතෝල මැස්සක් හදලා