IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආච්චි කිව්වාම මල පැනලා

වැඩිහිටි කතකට ‘ආච්චි‘  යැයි පැවසීම නිසා ත්‍රීරෝද රථයකින් ගෙන ගිය අපේක්ෂකයාගේ පක්ෂයට ඡන්දය නොදී වෙනත් පක්ෂයකට ඡන්දය දීම නිසා හොඳ පරිප්පුවක් කෑමේ පුවතක්  ගාලු‍ දිසාවේ ඡන්ද පොළකින් වාර්තා වේ.
වයස අවුරුදු හැත්තෑ පහ ඉක්ම වූ වැඩිහිටි කාන්තාවකි. එදා සිට දක්ෂිණාංශික දේශපාලනයේ ක්‍රියාකාරිනියක් ලෙසින් ඇය ප්‍රකටය. සෑම රැස්වීමකටම සහභාගිවන ඇය එම පක්ෂයේ නායකයෝ ඇය බොහෝ දැන හඳුනති. පසු කාලයේ දී ඇයගේ පාදවල තිබෙන අමාරුවක් නිසා ඇවිද යාමට නොහැකි විය. 
අලු‍තෙන් දේශපාලනයට පැමිණි තරුණ අපේක්ෂකයෙකි. ඔහු මෙම කාන්තාව ගැන හරිහැටි අවබෝධයක් නොතිබිණි. මැතිවරණයට දින කිහිපයකට ඉහත දී මෙම ඡන්දය ඉල්ලීමට මෙම කාන්තාවගේ නිවෙසට ආ විට දී තමාට ඇවිද යාමට නොහැකි බැවින් වාහනයක් ගෙනැවිත් තමා ඡන්ද පොළට ගෙන ගියොත් ඡන්දය ලබා දෙන බවට තරුණ අපේක්ෂකයාට පොරොන්දු වූවාය.


මැතිවරණ පැවැති දින දහවල් මෙම අපේක්ෂකයා තම ත්‍රී රෝද රථයෙන් පැමිණ වියපත් මෙම කාන්තාව ඡන්ද පොළට රැගෙන ගියේය. 
‘අනේ පුතේ ඔයාගෙ ඡන්ද සලකුණ මොකක්ද? එදා කිව්වට මට දැන් මතක නැහැ.‘ 
කාන්තාව කීවේ ඡන්ද පොළ ආසන්නයේදීය.
‘ආච්චියේ මගේ පක්ෂය මෙන්න මේකයි කියමින් රථයේ තිබූ ඡන්ද පත්‍රිකාවක ලකුණ පෙන්විය. 
කොතරම් වයසට ගියත් තමාට ආච්චි කියනවාට ඇය කිසිසේක් කැමැති නැත. මෙම තරුණයා ආච්චි යැයි කීම නිසා ඇය කෝප වූවාය. ඒ බවක් නොපෙන් වූ ඇය ඔලුව සොලවමින් ගොස් ඡන්දය පාවිච්චි කර ආවාය.
ත්‍රී රෝද රථයේ නැගී ආපසු එන්න සූදානම් වන විට ආච්චියේ හරියට ඡන්දය දැම්මා නේදැ‘ යි තරුණයා ඇසීය. 
‘ආ.. උඹ මට ආච්චි කියන්නේ ඇයි? උඹ හිතුව ද මම එච්චර නාකි වෙලා කියලා. මට මේ ඇවිද ගන්න අමාරුව තිබුණට මම ආච්චි කෙනෙක් නොවෙයි. මම උඹට දුන්න ඡන්දයක් නැහැ. මම එදා ඉඳලම දමන පැත්තට තමයි ඡන්දෙ දුන්නේ’
කාන්තාව කෝපයෙන් කියවන්නට වූවාය.
මේ බව කන වැකුණ තරුණ අපේක්ෂකයාට ද මළ පැන්නේය. උඹට හොඳ වැඩක් කරන්නම් යැයි සිතා ගත් මොහු වෙනත් පාරකින් ටිකක් දුරකට ගෙන ගොස් ‘ආච්චියේ මට තව එක්කෙනෙක් ගෙන එන්නට තිබෙනවා. ඒ එනවිට අරගෙන යන්නම්. මම එනතුරු ඔතනම ඉන්න. ආච්චි මෙතැනින් බහින්නයි කියා බලෙන්ම පාළු තැනක බස්සවා ත්‍රී රෝද රථය ඉතා වේගයෙන් පලා ගියේය. 
ත්‍රි රෝද රථය එනතුරු පැය දෙක තුනකට  වඩා වැඩි කාලයක් හැරමිටියක් ගසාගෙන පාර අයිනේ සිටිය දී වෙනත් වාහනයකින් ගෙදර ඇරලවා ගත්තේ තරුණ අපේක්ෂකයාට බැන වදිමින්ය.


බළපිටියේ එස්.ඒ.වයි. ද සිල්වා



අදහස් (0)

ආච්චි කිව්වාම මල පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site