(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)
කෑගල්ලේ ගම්මානවලට ගොස් තැඹිලි කපන තරුණ වෙළෙන්දෙක් වයෝවෘද්ධ කාන්තාවක භාරයේ සිටි තරුණියක රැගෙන ගොස් ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
අලව්ව ප්‍රදේශයේ තරුණයෙක් කලක සිට බට්ටා ලොරි රථයකින් කෑගල්ල ප්‍රදේශයේ ගම්මානවලට ගොස් තැඹිලි මිලට ගනියි. මෙම තරුණ තැඹිලි වෙළෙන්දා ගස් නැග තැඹිලි කපා ගෙඩියක් රුපියල් 30 බැගින් මිලට ගනී.
කාලයක සිට කෑගල්ලේ ගම්මානවලට එන යන මෙම තරුණ වෙළෙන්දා ප්‍රදේශයේ ජනතාව සමග සුහදව කතා බහ කර හොර වංචා නොකර තැඹිලි කපාගෙන යන්නේය. ඇතැම් ගෙවල්වල කාන්තාවෝ තැඹිලි වෙළෙන්දාට අනුකම්පා කර තේ කෝප්පයක් කෑම වේලාවට බත් පිඟානක් දීමට ද පුරුදුව සිටියහ.
කෑගල්ල නගරයට ආසන්න නිවසක වයෝවෘද්ධ කාන්තාවක් ඇගේ 23 හැවිරිදි මිනිපිරිය සමග විසුවාය. 23 හැවිරිදි තරුණිය සුදු පාටය. රූමත්ය. මව්පියෝ විදේශ රටක රැකියා කරති. වැඩිමහල් සහෝදරයා කොළඹ ප්‍රදේශයේ රැකියාව කරන්නේය.
තැඹිලි වෙළෙන්දා වයෝවෘද්ධ කාන්තාව හා 23 හැවිරිදි තරුණිය පදිංචි නිවසට මීට මාස කිහිපයකට ඉහතදී තැඹිලි කැපීමට ගොස් තිබුණි. එහිදී තැඹිලි වෙළෙන්දා වයෝවෘද්ධ කාන්තාවගෙන් ආගිය තොරතුරු විමසා පසුව ඇය තේ කොප්පයක් ද බනිස් ගෙඩියක් සමග තරුණ වෙළෙන්දාට දුන්නාය. තරුණියක් නාගෙන පැමිණ මිදුලේ රෙදි වැලකට තෙත රෙදි වේළීමට දමන අයුරු දුටු තැඹිලි වෙළෙන්දාට ඇයට හිත ගියේය. ඇස් පිල්ලන් නොගහා තරුණිය දෙස බලා සිටි තැඹිලි වෙළෙන්දා වයෝවෘද්ධ කාන්තාවගෙන් සුරූපී තරුණිය පිළිබඳ තොරතුරු විමසුවේය. ඈ සියල්ල තරුණ තැඹිලි වෙළෙන්දා සමග සිනහ මුසු මුහුණින් පැවසුවාය.
තැඹිලි වෙළෙන්දා නිවසින් පිටව යාමට පෙර දුරකථන අංකය ඇඟිල්ලකින් මිදුලේ වැල්ලේ ලියා තරුණියට ඇඟිල්ල දික් කර පෙන්වා නිවසින් පිටව ගියේ තරුණිය සමග සම්බන්ධකමක් ඇති කර ගන්නා අදහසිනි. සවස තරුණිය තැඹිලි වෙළෙන්දාගේ දුරකථනයට ඇමතුමක් ගෙන දැන හැඳින ගත්තාය. වැඩි කාලයක් යන්නට පෙර තැඹිලි වෙළෙන්දා වයෝවෘද්ධ කාන්තාවගේ මිනිපිරිය සමග සම්බන්ධයක් ගොඩ නගා ගත්තේය. පසුව තැඹිලි වෙළෙන්දා කීප අවස්ථාවකදීම තැඹිලි කැපීමට යන එන අවස්ථාවේ දී වයෝවෘද්ධ කාන්තාවට කෑමට මොනවා හරි ගෙනත් දීමට ද අමතක නොකළේය. වෙනදාටත් වඩා තැඹිලි වෙළෙන්දා කෙරෙහි හිතවත්කමක් ගොඩ නගා ගත් වයෝවෘද්ධ කාන්තාව තැඹිලි වෙළෙන්දාගෙන් පවුලේ තොරතුරු ද විමසුවාය. තරුණ තැඹිලි වෙළෙන්දා සත්‍යය වයෝවෘද්ධ කාන්තාව ඉදිරියේ දිග හැරියේය.
ඉකුත් දිනක දී වයෝවෘද්ධ කාන්තාව කෑගල්ල නගරයට ගිය අවස්ථාවේ දී තැඹිලි වෙළෙන්දා සමග තරුණිය පැන ගියාය. කෑගල්ල නගරයට ගොස් ආපසු නිවසට ආ වයෝවෘද්ධ කාන්තාව මිනිපිරිය සෙව්වාය. මිනිත්තු කිහිපයකට පසුව තරුණිය දුරකතනයෙන් කතා කොට තමන් තැඹිලි වෙළෙන්දා සමග ගිය බව මිත්තණියට පැවසුවාය. පසුව මිත්තණිය නිවස ඇතුලේ විලාප දෙන්නට වූවාය. මිත්තණියගේ විලාපය ඉවසා දරා ගැනීමට නොහැකි වූ තරුණිය තැඹිලි වෙළෙන්දා සමග යළි බට්ටා ලොරි රථයෙන් නිවසට පැමිණියාය.
මිත්තණිය එහිදී තැඹිලි වෙළෙන්දාට කියා ඇත්තේ නිවසේ නතර වන ලෙසත් ඉදිරියේ දී දෙදෙනාගේ විවාහය සිදු කර දෙන බවත්ය.
දැනට තිදෙනාම සතුටින් දිවි ගෙවමින් සිටින බවත් වාර්තා වෙයි.
මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.
ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු දිසාවේ ගමකින් අසන්නට
යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක
ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු දිසාව
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ආච්චි අම්මාට කොලේ වසා මිනිපිරිය පැන ගිහින්